ඉන්න ඇත්තො

6 කවදාවත් මිල කරන්න බැරි උදව්වක්....

මගෙ බ්ලොග් එක කියවන ඔයාල කලින් කියවන්න ඇති මම දවසක් ලීව "එතකොට අපි එදාටම දුක් වෙමු."  නමින් පොස්ට් එකක්. 
(කියෙව්වෙ නැත්නම් දැන් කියවල බලන්නකො).
එදා මම කීවෙ අපිටම කවද හරි දෙයක් (කරදරයක්) වෙනකල් අපිට හැඟීමක් ඇති වෙන්නෙ නෑ කියල. ඒකෙ වරදක් නෑ ඉතින්. ඒත් ඉතින් අපිටත් පුලුවන්නම් තවත් කෙනෙක්ගෙ කරදරේකදි ඒ වෙනුවෙන් දෙයක් කරන්න, ඒ කෙනාට කරදරෙන් මිදෙන්න පුංචිවට හරි උදව්වක් දෙන්න වචනෙකින් හරි, ඒක "අපි ලෝකෙ ඉන්න දියුණුම සතා" කියල වචනෙන් කියනවට වඩා එහා ගිය මනුස්ස කමක් වෙනව නේද..?
අද මම මේක ලියන්න හිතුවෙ අවංකවම මේක කියවන ඔයාලගෙන් දෙයක් ඉල්ලන්න. (බය වෙන්න එපා ඔන්න... ඔයාලට කරන්න පුලුවන් දෙයක්)

අපිත් එක්ක එකට ඉන්න  (අපිත් එක්ක එකට වැඩ කරන), අපේ සහෝදරයෙක් අසනීප වෙලා. දැන් දවසක් කීපයක්.අද හවසට එයාට සැත්කමක් කරන්න වෛද්‍යවරු තිරණය කරල. අද හවස 4.30ට එයාගෙ සැත්කම සිද්ද වෙනව. ඒක පැය 4-5ක සැත්කමක්.

 බෞද්ධයෙක් හැටියටත්, මම විස්වාස කරන විදියටත් මිනිස්සු කෙනෙක් වෙනුවෙන් අවංක හිතින් කරන ආශිර්වාද ගොඩාක් දුක් කරදර, පීඩා වලින් නිදහස් වෙන්න උදව් වෙනව. (මෙහෙම කියන්න මම මහා දාර්ශණිකයෙක්වත්, විද්වතෙක්වත් නෙවෙයි. ඒත් මම ඒක විස්වාස කරනව. තදින්ම. සමහර වෙලාවට අත් දැකලත් තියෙනව.)
අපි ඊයෙ එයා වෙනුවෙන් බෝධි පූජාවක් කරල සෙත් පැතුව.. ආශිර්වාද කලා. 
මම ඔයාලගෙන් ලොකු උදව්වක් ඉල්ලනව. (සමහර විට කෙනෙක්ට මේක විහිලුවක් වෙයි. මොකද නොදන්න කෙනෙක් වෙනුවෙන් මෙහෙම දෙයක් ඉල්ලන එක. ඒත්..... ) 


මම ඔයාලගෙන් ඉල්ලන්නෙ කවදාවත් මිල කරන්න බැරි දෙයක්..
ඒ එයාගෙ සැත්කම සාර්ථක වෙන්නත්, 
ඉක්මන් සුවය ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරන්න...
අපේ මිත්‍රය වෙනුවෙන්....
ඔයාල කවදාවත්ම දැකල නැති, අහල නැති කෙනෙක් වෙනුවෙන් ආශිර්වාදයක් කරන්න...
ඔයාලට ගොඩක් පින්..


කව්රු හරි කෙනෙක්ට පුංචි හරි සැකයක් තියේනම් චුට්ටක්වත් හිතන්න එපා. මගේ තැපෑලට ඊයක් දාන්න.. කිසි පැකිලීමක් නැතුව ඊයක් එවන්න.. මම මගේ ජංගමේ නොම්බරේ දෙන්නම් .. කතා කරන්න...

6 comments:

  1. කවුරු උනත් කරදරයක වැටිලා ඉන්න වෙලාවක් නේ.ඔයාගේ යාලුවාට ඉක්මන් සුවය පතනවා!!!!

    ReplyDelete
  2. කවුරු උනත් කරදරයක වැටිලා ඉන්න වෙලාවක් නේ.ඔයාගේ යාලුවාට ඉක්මන් සුවය පතනවා!!!!

    ReplyDelete
  3. කවුරූනත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
  4. අපේ මිත්‍රය වෙනුවෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා..!!!

    ReplyDelete
  5. obage uthum pethuma sathya wenawa saththai..........

    ReplyDelete
  6. ප්‍රමාද වෙලා මේක දැක්කත් ඔයාගේ යාලුවාට මාත් සුවය පතනවා. දැන් කොහොමද යාලුවාට ???

    ReplyDelete

වෙලාව තියෙනවනම් පුංචි දෙයක් හරි ලියල යන්න...