ඉන්න ඇත්තො

4 පළමු උපන්දිනේ.....

ආ මග කෙටියි යා යුතු මග දුරයි
නිරතුරු නුවණැසින් 
තරණය කළ යුතුයි

මේ ඇරඹුමයි 
මාවත බෝ දුරයි
නුවණින් අවදියෙන් 
යා යුතු බව දනිම්

මේ මග තැනිතලා සේම සෙල්තලා 
හමුවේවි
සිත සවි නොඹිඳ එමග ගෙවා දිරි වඩා
ජයබිම දකිමි අදිටනින්
 
ආ මග කෙටියි.... 


සාවුන් මුවැත්තියන් සේම වග වලසුන් 
හමුවේවි
නුවණැස නොහැර කළණ මිතු සිත හඳුනා
තරණය කරමි මග සොඳින්


ආ මග කෙටියි....  

ගීතය අහන්න මෙතනින් 

එක් ලඟ ලඟම ගීත දෙකක් ලියන්න අදහසක් තිබුනෙ නෑ... ඒත්, අද දවස මගෙ බ්ලොග් අඩවියට විශේෂ දවසක් නිසා..  මට හිතුන් මේ ගීය ලියන්න ඕනෙ කියල. මොකද මම ආ මග කෙටියි.... යා යුතු මග ගොඩක් දුර නිසා..
අද දවසට මම මගේ බ්ලොග් අඩවියට පළවෙනි පෝස්ට් එක ලියල හරියටම අවුරුද්දක් වෙනව.. මම මගෙ "පනහයි" කියල ලියපු 50 වෙනි පෝස්ට් එකේදි කීව වගේ, මම හේතු කීපයක් නිසා මේක ලියන්න පටන් ගත්ත.. මම ඇත්තටම ගොඩක් හෙමින් ගමනක් ඇවිත් මීට ටික දවසකට කලින් මගෙ 50 වෙනි පෝස්ට් එක ලීව... සමහර විට ඒ 50 ලීවට වඩා වැඩි වේගෙකින් මම පහුගිය දවස් ටිකේ ලීව... සමහර විට මට පහුගිය දවස් ටික ඒ විදියට ලියන්න වෙලාව ලැබුණ කියනවට වඩා හිතේ තිබුණ බර ගොඩක් වැඩි නිසා ලීව කියල කියන එක හරි කියලයි මට හිට්තෙන්නෙ.. (දැන් ඉතින් හිතන්න ඕනෙ නෑ ඒ මොකද කියල... ඒ මොකද කියල හිතුවට ඒකට හේතු හම්බෙන්නෙත් නෑ.)
කොහොම හරි මම ආව හෙමින් ගමන හෙමින්ම යන්න තමයි අදහස... මේ කුරිරු ලෝකෙ යහතින් ජීවත් උනොත්, ඉස්සරහටත් තව ලියන්න හිතනව... එක එක විදියෙ දේවල්..
මම ලියන සමහර දේවල් විතරක් කියපවු මගෙ එක යාලුවෙක් මගෙන් ඇහුව "ඇයි ඔය තරම් මිනිස්සු එක්ක තරහ" කියල.. මම මිනිස්සු එක්ක තරහ නෑ... මගෙ ලඟින්ම ඉන්න මාව දන්න (මාව දැනෙන) අය දන්නව මම මිනිස්සුන්ට කොච්චර ආදරේ කරනවද කියල...මම කවුද කියල. 
ඒත් මම දන්නව මාව පිටින් දකින අය මගෙ ගැන හිතන දේ...ඒකට මම තරහ නෑ... 
මට ගොඩක් කිට්ටු මගෙ සමහර යාලුවො මටම කියල තියෙනව මා එක්ක කතා කරන්න කලින්, මම මහ "ලොකු කම තියෙන", "අලි ඔලුවෙන් ඉන්න" කෙනෙක් කියල හිතුව කියල... ඒත් මාව ආශ්‍රය කලාට පස්සෙ ඒ අදහස වෙනස් උනා කියල.
වෙන්න ඇති...
මම ඉස්කෝලෙ යන කාලෙත් මට එහෙම චෝදනාවක් තිබුන... මම හිනා වෙන්නෙ "නෝන්ඩියට" කියල..
අනේ මම එහෙම හිනා උනේ නම් නෙ ඒ කාලෙවත්... ඒ කාලෙ එහෙම හිතපු මගෙ කවුරු හරි යෙහෙළියෙක් මේක කියවනවනම්, මං ගැන එහෙම හිතාගෙන හිටියනම් ඒ අදහස දැන්වත් වෙනස් කර ගන්න...
දැන් ඒ පරණ කතා ඇති..



මම ආයෙමත් ආදරෙන් මතක් කරන්න කැමතියි "සංසාරේ අපි" ලියන "ජීවිතේ මල්" අක්කව... එයා තමයි මට බ්ලොග්කරණයේ ආසාව ඇති කලේ.. එක එක දේවල් කියල දුන්නෙ....
ඊට අමතරව මගෙ බ්ලොග් අඩවියට එක වරක් හරි ගොඩ වෙලා, මගේ දේවල් අගේ කල, කොමෙන්ටු දැම්ම, හැම කෙනෙක්ටම මම ගොඩක් ආදරෙයි.. ඒ වගේම ණයගැතියි... මොකද එයාලගෙ ඒ දේවල් තමා හැමදාම මාව දිරිමත් කරන්නෙ...  මම නම් වශයෙන් නොකීවට මට සමා වෙන්න..
මට ඒ දීපු සහයෝගෙ ඉදිරියටත් ඔයාලගෙන් ලැබෙයි කියල මම බලපොරොත්තු වෙනව.. තනිවම මේ ගමන යන්න බෑ... හැමදාමත් මගෙ අඩු පාඩු පෙන්නල දීල, මගේ දේවල් අගේ කරල, මගෙ එක්ක ඉඳීවි කියල මම බලපොරොත්තු වෙනව...

සාවුන් මුවැත්තියන් සේම වග වලසුන් 
හමුවේවි
නුවණැස නොහැර කළණ මිතු සිත හඳුනා
තරණය කරමි මග සොඳින්


ප. ලි. මගෙ බ්ලොග් එකේ පෙනුම මම ටිකක් අද උදේ වෙනස් කලා...ඇත්තටම මම ඒක කරන වෙලේ මට මතක් උනේ නෑ මගෙ බ්ලොග් එකට අදට අවුරුද්දක් වෙනව කියල.. ඒ හැමදේම කරල ඉවර උනාට පස්සෙ තමයි මට ඒ බව මතක් උනේ



4 comments:

  1. සුභම සුභ උපන් දිනයක් වේවා! තව තව හොඳට ලියන්න... අද ලියල තියෙන සින්දුවට මං කැමතියි... ලස්සන හොඳ තේරුමක් තියෙනවා... :) 50 වෙනි පෝස්ට් එකටත් මේ ගමන්ම සුභ පතනවා... :)

    ReplyDelete
  2. සුභ උපන්දිනයක් !!!!

    අවුරුදකුත් ගෙවිලා ගිහින්..කාලය පුදුම ඉක්මනින් ගාලා ගෙන යනවා..මට අදවාගේ මතකයි මල් සුවදක් බ්ලොග් අඩවියේ පලවුනු පලවේනි පෝස්ට් එක....

    පළවුන හැම බ්ලොග් එකක්ම් ගොඩාක් හිතට දැනේනවා...ඇත්තටම ජිවීතේ අත්දකින, එදිනදා හමුවන චරිත වචන වලට කැට් කරන හැට් හරිම අපුරු යී.... ('හිනය' කියන කවියට මන් අදටත් ගොඩාක් කැමති)..

    ඉතින්, තමන්ගේ අයට ගොඩාක් අදරය කරන ඒ අය ගැන ගොඩාක් හිතන ඔයා වෙනුවෙන් දුක සතුට බෙදා ගන්න මේ පුන්ච් රසිකාවිය සිත් විනිවිද සමග හැමදාම ඉදි වී...

    ReplyDelete
  3. ආ ආ මචෝ ඒකත් පුන්චි රසිකාවියක් නිසා එතන පොඩි කේස් එකක් තියෙනවා. පොඩි කොන්සා පාරක් දාගන්න පුලුවන් වෙය් වගේ. ඕකේ කමෝන් මචන්.

    ReplyDelete
  4. අද තමයි මමත් මේ පැත්තේ ආවේ,උපන්දිනේට සුභ පැතුම්,. :)

    ReplyDelete

වෙලාව තියෙනවනම් පුංචි දෙයක් හරි ලියල යන්න...