ඉන්න ඇත්තො

Showing posts with label කතා. Show all posts
Showing posts with label කතා. Show all posts

7 දෙවෙනි වරම....

දින චරියාවෙ තවත් එක ඒකාකාරී දවසක්... උදෙන් ඔෆිස් යන්න ඕනෙ.. හැමදාමත් වගේ යන්න කලින් මේස උඩ තිබුණ පත්තරේ අතට ගත්ත..
..... මේ මම....? මගේ පින්තූරෙ.. ඒත් අහවල් එකක් කරනවද අවමගුල් දැන්වීම් කොලමෙ..? මේක උභතෝකෝටික ප්‍රශ්ණයක්..

ටිකක් ඉන්න.....
කලින් දවසෙ නින්දට යන්න කලින්, පපුව අසාමාන්‍ය විදියට රිදෙන්න ගත්තනෙ.. හරිනෙ... මාව රෝහලට අරන් ගියෙ මගෙ බිරිඳ, අල්ලපු ගෙදර අයගෙ උදව්වෙන්නෙ..
ඒත්.....
මට එහෙදි දීපු බෙහෙත් වලට හොඳට නින්ද ගියානෙ..
ඒක හීනයක්ද..?
කොහොම හරි ඔෆිස් එකට ගොඩවෙද්දි වෙලාව 10යි... දැන්නම් ලොක්කගෙන් හොඳටම බැණුම් තමයි.. අද උදේ තේ එකත් නැති වෙන්ව අනිව.

කෝ.... මොකෙක්වත් නෑනෙ... ඔෆිස් එක පාලුයි... මීටිමක්වත්ද..?

ඔක්කොම ටික මගෙ කාමරේ ඉස්සරහ... සමහරු අඬනව. මොකද මේ...?
නිකමට මම එබුන කාමරේට... අනේ අපොයි... මේ මම මෙහෙම ඉන්නකොට, කාමරේ ඇතුලෙ මම බිම නිදි..
මේ වගේ කතා අහල තිබුනත් මොකද්ද මේ වෙන්නෙ කියල මට විස්වාස නැති උනා. ඇත්තටම ලොකු තිගැස්මකින් පපුව ගැහෙන්න උනා..
පිරිස මැද උන්න මම,
"මේ අහන්න... මම මෙතන ඉන්නවා ඔයාල එක්ක" 
කියල මහ හයියෙන් කෑ ගැහුවත්, කිසි කෙනෙක්ට මගෙ හඬ ඇහුනෙ නෑ. ඒ හැම කෙනෙක්ම බලාගෙන හිටියෙ කාමරේ ඇතුලෙ වැටිල හිටිය මගේ රුව දිහා.

"ඇත්තටම මම මැරිලද..?" මගෙ හිතටත් ඒ ප්‍රශ්ණය ආව. මම මගෙන්ම ඒ ප්‍රශ්නෙ ඇහුව.

කෝ මගෙ බිරිඳ..? කෝ මගෙ පුංචි සුරංගනාවි..? කෝ මගෙ යාලුවො..?

මගේ බිරිඳ ඊට එහා කාමරේ බොහොම දුකෙන්...කඳුලු හෙලනව. මගෙ පුංචි සුරංගනාවිත් අඬනව, ඒ කිසි දෙයක් තේරිල නෙවේ... අම්ම අඬන නිසා.

අනේ දෙවියනේ... මම මැරිලද..?

මම කොහොමද නොකියා යන්නෙ මගෙ ආදර බිරිඳට "මේ ලෝකෙ ඉන්න ලස්සනම, කරුණාවන්තම කාන්තාව" ඇය වග.

මම කොහොමද නොකියා යන්නෙ මගෙ පුංචි සුරංගනාවිට "මම කොයිතරම් ආදරේද" කියල.

මම කොහොමද නොකියා යන්නෙ මගෙ ළඟින්ම උන්, මගේ මිතුරන්ට, "ඔයාල නැත්නම් මම ජීවිතේ ගොඩක් වැරදි කරල. ඔයාල නිසා තමයි මම හරි මග ගියේ" කියන වග.

පොඩි දේකින් හිත් අමනාප වෙච්චි මගේ හොඳම මිතුරට මම කොහොමද "මට සමාවෙන්න" කියල කියන්නෙ...? මට ඔහුගෙන් සමාව ගන්න ඕනෙ..

මට දැනෙන විදියට මේ ජීවත් වෙන මාව කිසි කෙනෙක්ට පේන්නෙ නෑ වගේ...

"ඇත්තටම මම මැරිලද..?" මම ආයෙත් මගෙන්ම ඒ ප්‍රශ්නෙ ඇහුව.

 මම බිම වැතිර ඉන්න මගේම සිරුර ළඟින්ම ඉඳ ගත්ත.... මගේ ඇස් කඳුලින් බර වෙලා. මටත් කෑ ගහල අඬන්න ඕනෙ.. ඒ තරම් හිත බරයි... දුක වැඩියි....

"අනේ දෙවියනේ.... මට තව කිහිප දවසක් දෙන්න....." මම දෙවියන්ගෙන් ඉල්ලුව...

මට මගේ බිරිඳට, මගෙ පුංචි සුරංගනාවිට, මගේ යාලුවන්ට තේරුම් කරන්න, පෙන්නන්න ඕනෙ මම එයාලට කොච්චර ආදරේද කියල.

ඒ අතරෙදි මගෙ බිරිඳ මම ඉන්න කාමරේට ඇතුල් උනා.මට ඕනෙ උනා ඈට කියන්න....
"මේ ලෝකෙට ඇය එක් පුද්ගලයෙක් උනත්, ඇය මට ලෝකයක්" යන වග.

"අනේ දෙවියනේ...." මම ආයෙමත් කෑ ගැහුව..

"අනේ තව ටික කාලයක්..."

එකම එක වතාවක් මගේ පුංචි සුරංගනාවි තුරුල් කරන් සිපගන්න... එකම එක වතාවක් මගේ බිරිඳට තවමත් මාත් එක්ක ඉන්නවට ස්තුති කරන්න...

මම පුලුවන් වීරිය දාල තව එක සැරයක් කෑගැහුව... "අනේ දෙවියනේ... තව එකම එක වතාවක්.. කරුණාකරල"

"ඔයා නින්දෙන් කෑ ගැහුව... නරක හීනයක් දැක්කද..?" 
ඒ මගේ බිරිඳගෙ හඬ.

අනේ දෙවියනේ... ස්තුති වේවා නුඹට.. ඒක හීනයක්... මට නින්ද ගිහින්.

"ඔයා තමයි මේ ලෝකෙ ඉන්න ලස්සනම කාන්තාව... කරුණාවන්තම කාන්තාව. මම ඔබට ගොඩාක් ආදරෙයි" අවදි වූ විගස ඈ වැළඳගත් මා පැවසුවා.

ආයෙමත් මම දෙවියන් යැද්ද...

"දෙවියනි, ඔබ ලබා දුන් මේ දෙවෙනි අවස්ථාවට ඔබට ගොඩක් ස්තුතියි.."

------
ඊයක් ඇසුරිනි.. කතෘ පිළිබඳ සඳහනක් නොවීය.
-------

කියවූ ඔබට....

තවමත් ඔබ ප්‍රමාද නැත... 
අහංකාරකම් අමතක කරන්න... 
අතීත වැරදි, තරහ අමතක කරන්න..
ඔබේ ආදරය අන් අයට පවසන්න..(එය ඔවුන් නොදන්නවා වෙන්න පුලුවනි)
මිත්‍රශීලී වෙන්න..
නිතර සිනාමුසුව ඉන්න.. (අන්‍යයන්ට හිනා නොවෙන්න.. අන් අය සමග හිනා වෙන්න.)
අපට දෙවෙනි වතාවක් නොඑන්නට ඇති සම්භාවිතාව 
බොහෝ වැඩිය....

5 හැරයාම...

 
ජීවිතේදි අපි ආදරය කරන අපේම අය අපිට නොකියන කතා කොච්චර ඇත්ද..? ඒ අපිට වංක වෙලාවත්, අපිව රවට්ටන්නවත් හිතාගෙන නෙවෙයි. ආදරය නිසාම රිද්දන්නවත්, හැරයන්නවත් තියෙන අකමැත්ත නිසා වෙන්න පුළුවන්. එහෙම බලපුවාම වෙන්වීම, සමුගැනීම, හැරයාම කියල කියන්නෙත් ආදරයම කියල හිතෙනව. එහෙම විස්වාස කරනවනම් කියවල බලන්න මේ කථාව......

කතාව එක්තරා යුවලක් ගැන. පෙම්වතා පුංචි අවන්හලක කෝකියෙක්. ලොකු සල්ලියක් තියෙන කෙනෙක් නෙවෙයි. සුභ අනාගතයක පෙරනිමිති දකින්න තිබුනෙත් නෑ. ඒත් මේ දෙන්නට ඒක ප්‍රශ්ණයක් උනේ නෑ. හරිම ආදරෙන් හිටිය. පෙම්වතා ගොඩක් ආදරෙන් හිටිය තමන්ගෙ පෙම්වතියට. එක දවසක් කඩදාසි කුරුල්ලො 1000ක් හදල දුන්න මේ පෙම්වතා තමන්ගෙ පෙම්වතියට.

ඒත් එක දවසක මේ හැමදේම වෙනස් උනා. 

පෙම්වතා හමුවෙන්න ආව පෙම්වතිය පැරීසියට යන බව කීව. නැවත නෝන බවත් කීව. දෙන්නම ඉන්න විදියට කවදාවත් සුභදායක අනාගතයක් දකින්න නොලැබෙන බවත්, දෙන්නනාගෙ ජීවිතේ මාවත් වල වෙන වෙනම ගමන් කරන්නටත් තීරණය කල බව පෙම්වතිය තමන්ගෙ පෙම්වතාට කීව.
ඇත්තටම හදිසියේම අහන්න උන දේ පෙම්වතාට දරා ගන්න බැරි උනා. ලොකු කම්පනයකුත්, වෙදනාවකුත් එක්කම පෙම්වතා නිහඬ උනා. පෙම්වතියගෙ තීරණයට එකඟ උනා. ඒත් ඒ කම්පනයෙන් මිදෙන්න පෙම්වතාට කාලයක් ගත උනා.
කාලයක් ගත උනාට පස්සෙ කම්පනයෙන් මිදුන ඔහු, මහන්සි වී වැඩ කරන්න පටන් ගත්ත. මෙහෙම කාලයක් වැඩ කල ඔහුගේ මහන්සියේ ප්‍රථිපලයක් විදියට ඔහුගේම සමාගමක හිමිකාරයෙක් උනා.
එදා වැහි දිනයක්. පෙම්වතා මෝටර් රථයෙන් ගමනක් යමින් සිටින අතරතුර ඉදිරියෙන් එක කුඩයක් යටින් ඇවිද යමින් සිටි වයසක ජෝඩුවක් නෙත ගැටුන. කුඩේ යටින් ගමන් කලත් ඔවුන් හොඳටම තෙමිලයි හිටියෙ. මේ තමන්ගෙ පෙම්වතියගෙ දෙමාපියන් බව වැටහෙන්න වැඩි වෙලාවක් ගියෙ නෑ. තමන් දැන් ඉන්න තත්වය පෙන්නන්න හිතපු ඔහු කාරය ඔවුන් ළඟින්ම සෙමින් පදවාගෙන ගියත්, වයසක යුවල ඒ හැටි ගනන් නොගෙන ඉදිරියටම ඇදුන.
ඒ හැටි තැකීමක් නොකල වයසක යුවල සෙමින් සෙමින් සුසාන භූමිය දෙසට ගමන් කරනු දුටු ඔහු, තම කාරයෙන් බැස ඔවුන් පසු පසින්ම යන්නට උනා. තමන් පණ මෙන් පෙම් කළ පෙම්වතියගේ සිනා මුසු මුහුණ සහිත ඡායාරූපයක් එක සොහොන් කොතක රඳවා තිබෙනු දුටු පෙම්වතා මොහොතකට ගොලු උනා. තමන් තෑගි කළ කඩදාසි කුරුල්ලන්ද රාමු කර එහි එල්ලා තිබෙණු ඔහු දුටුවා.
පෙම්වතියගේ දෙමව්පියන් ඔහුව දුටුවේ ඒ අවස්ථාවෙදී. සිදු වූයේ කුමක්දැයි ඔහු දෙමව්පියන්ගෙන් අසා දැනගන්ත.
ඇය කවදාවත්ම පැරීසියට ගියේ නෑ. ඇගේ සිරුර තුළ පිළිකාවක් ඇති බව ඇය දැනගෙන තිබුනේ ඔහුව හැරයන්නට දින කිහිපයකට කලිනුයි. තමන් ජීවත් වේ යැයි ඇගේ සිත ඇයට කීවත්, තමන්ගෙ පෙම්වතාට කරදරයක් වේයැයි සිතා ඔහුගෙන් වෙන් වීමට තීරණය කලා. ඇගේ එකම ආසාව වූයේ ඇය මියගිය පසු පෙම්වතා තෑගි කළ කඩදාසි කුරුල්ලන් තම සොහොන් කොතේ රඳවන ලෙසයි. එවිට යම් දවසක පෙම්වතා ඇගේ ආදරය වටහා ගනු ඇතැයි ඇය විශ්වාස කලා.
කියා ගන්න බැරි තරම් හැඟීම් ගොඩකින් ඔහුගේ හිත හිර උනා. නතර කරගත නොහැකි විදියට ඇස් දෙකෙන් කඳුලු කඩාගෙන වැටෙද්දි පෙම්වතා පෙම්වතියගෙ සොහොන ළඟ දනින් වැටුන.


මේකත් තව මට ආව එක්තරා ඊයක්. එක පරිවර්ථනයක්. මට ආව ඊයෙ තිබුණ සම්පූර්ණ ස්තුතිය Jayanath Ranga Weragoda සොහොයුරාට කියල. මමත් ඒක එහෙමම දානව. මට මේ ඊය එවපු නලින්ද සොහොයුරාට මම ස්තුති කරනව. බෙදා ගන්න හිතුන ඔයාල එක්ක.

8 පිට පොත්ත බලල විතරක් තීරණ ගන්න එක හරිද..?

අද උදේ අහපු කතාවක් උණු උණුවේම ලියන්න හිතුව... ඒවෙලෙ ඒක කීවෙ වෙන අරමුණක් වෙනුවෙන් උනත්, මට ඒකෙ තවත් පැත්තක් තියෙනව කියල හිතුන.

කතාව කීවෙ ප්‍රවීන නළු ජයලත් මනෝරත්නයන්. ඡායාරූප ප්‍රදර්ශණයක සමාරම්භක උළෙලක් වෙනුවෙන් සහබාගී වෙමිනුයි එතුමා ඒ කතාව කලේ.

කතාව කෙටියෙන්ම මෙහෙමයි...

පන්තියෙ හිටිය පොඩි දරුවන්ට චිත්‍ර අඳින්න කියල කීවලු. තමන් කැමති දෙයක්, කැමති විදියට. ඉතින් ඒ ඇඳපු චිත්‍ර දිහා බලපු ගුරුතුමී ඒව විග්‍රහ කරන්න පටන් ගත්තලු. ඒ අතරෙ එක චිත්‍රයක් ළඟ නැවතුන ගුරුතුමීට ලොකු ප්‍රශ්ණයක් ඇති වෙලා.  ඒ චිත්‍රය ඇඳල තිබුනෙ සම්පූර්ණ රතු පාටින්. වෙන කිසිම පාටක් භාවිතා කරල තිබුනෙ නෑ.
ගුරුතුමී ඒ චිත්‍රෙ පෙන්නුව එක මනෝ වෛද්‍යවරයෙක්ට. වෛද්‍යවරය චිත්‍රෙ බලන ගමන් චිත්‍රෙත් එක්කම ඒක ඇඳපු කෙනාගෙ මනස විශ්ලේෂණය කරන්න පටන් ගත්ත.

"මේක ඇඳපු කෙනා ගොඩක් දරදඬු කෙනෙක් වෙන්න ඕනෙ. ලොකු මානසික පීඩණයකින් ජීවත් වෙන කෙනෙක් වෙන්න ඕනෙ. එහෙමත් නැත්නම් එයාගෙ ගෙදර පරිසරය ගොඩක් ප්‍රශ්ණ වලින් පිරිල තියෙන්න ඕනෙ. කරදර පිරිච්ච පරිසරයක ජීවත් වෙන්න ඕන."

මනෝ වෛද්‍යවරයාගෙ නිගමනය උනේ ඒකයි.
ගුරුතුමී අන්තිමේ හිතුව දරුවගෙන් එයා ඇඳපු චිත්‍රෙ ගැන අහන්න.

"ඇයි පුතා ඔයා මේක අඳින්න රතු පාටම තෝර ගත්තෙ? මොකද්ද ඔයා ඒකෙන් අදහස් කලේ..?"

"මට එහා පැත්තෙ හිටිය කෙනා මට රතු පාට ඇරෙන්න වෙන පාටක් දුන්නෙ නෑ. ඉතින් මට රතු පාට ඇරෙන්න චිත්‍රෙ අඳින්න වෙන පාටක් තිබුනෙ නෑ."
පොඩි එකාගෙ අවංක උත්තරේ වුනේ ඒකයි.

"ඇයි පුතේ ඔයාට පාට පෙට්ටියක් නැද්ද..?"

"නෑ"

දෙබස එතැනින් හමාර උනේ ගුරුතුමීට ඊට වඩා අහන්න දෙයක් නැති වෙච්ච නිසයි...

අපි, ජීවිතේ කොච්චරනම් නිගමන වලට එනවද පිට පොත්ත දිහා විතරක් බලල. පොත්ත සුදු නම් මරු. ඒක තමා සුපිරි... ලොකුවට හැදිච්ච ගෙඩියක්නම් ඒක රට. ඕක තමා ඇත්තටම අපේ තත්ත්වෙ...
ඉතින් ඒක හරියටම හරිද..? පිටින් පේන ලස්සන ඇත්තටම ඇතුලතත් තීයෙනවමද..? එහෙම නැත්නම් පිටින් දකින ලස්සන මායාවක්ද..? කාල බැලුවත් අපිට ඒ ඇතුලත ලස්සන අඳුන ගන්න වෙන්නෙ නැද්ද...?
පිට පොත්ත බලල විතරක් තීරණ ගන්න එක හරිද..? හිතලම බලන්න.. 

white skin-u girl-u girl-u
girl-u heart-u black-u
 
why this kolaveri kolaveri kolaveri di
 

7 සිරිපාලගෙ මුරුංග..

මම පොඩි කාලෙ අහපු කතාවක් ලියන්න හිතුන.... කතාව සරල උනාට අර්ථය ගොඩක් හොඳයි කියල හිතුන..

කතා නායකයට අපි සිරිපාල කියමුකො..

සිරිපාලගෙ ගෙදර ඉස්සරහ කඩුල්ල අයිනෙ මුරුංග ගහක් තිබුණ.  කඩුල්ල කීවම දන්නවනෙ ඉතින් අර හරහට උණ ලී දාල වහන කඩුල්ල. හරියටම කඩුල්ල මායිම මුරුංග ගහ... ගෙදර බයිසිකලයක් විතරක් තිබුන හින්ද, පොඩි කඩුල්ලක් තිබුනෙ...
දවසක් සිරිපාල පිල උඩ වාඩි වෙලා ඉන්න ගමන් කල්පනාවක් ආව. (දන්නවනෙ ඉතින් අපේ හිත කියන එක හිතන්න ගත්තම මේ ලෝකෙ නැති දේවල් හිතනවනෙ... ඒ වෙලාවට සීමා මායිම් නෑනෙ.)

හිත ගැන වෙන දවසක කියන්නම්කො... දැන් ඉතින් සිරිපාලගෙ කතාව කියන්නම්..

මුරුංග ගහ කීවට තාම ඉතින් පොඩි ගහ. ඵල දරන්න මල් පිපිලත් නෑ. සිරිපාලට කල්පනා උනා මුරුංග ගහ ඵල දරන්න ගත්තම මුරුංග ටිකක් කඩාගෙන බයිසිකලෙන් හංදියෙ කඩේට මුරුංග ටිකක් විකුණන්න පුලුවන් නේද කියල.
"අප්පට සිරි පළවෙනි මුරුංග මුරේ හැදුන ගමන් කඩල හංදියෙ කඩේට ගිහින් දාන්න ඕනෙ. ඒකෙන් තරමක ආදායමක් ගන්න ඇහැකි." සිරිපාල හිතුව.
"හ්හ්හ්ම්... නියමයි... ඒ හම්බෙන සල්ලි ඉතුරු කරන්න ඕනෙ. දියුණු වෙන්නනම් ඉතින් එහෙම ඉතුරු කරන්න එපායැ." සිරිපාල හිතුව.
"ඒ ගමන්ම තව මුරුංග ගස් ටිකක් හදන්න ඕනෙ... එතකොට වැඩි අස්වැන්නක් ගන්න පුලුවන්... එතකොට වැඩි වැඩියෙන් සල්ලි හොයන්න පුලුවන්. වැඩි වැඩියෙන් ඉතුරු කරන්නත් පුලුවන්... ඉක්මනට දියුණු වෙන්නත් පුලුවන්." සිරිපාලට හිනාවකුත් ගියා.
ඒ ගමන සිලරිපාලට කල්පනා උනා, මුරුංග වෙළඳාම දියුණු හින්ද පොඩි ලොරියක් ගන්න. එතකොට පුලුවන්නෙ මුරුංග අරන් පොළට වෙළඳාමෙ යන්නත්. එහෙම උනාම වෙන ගම් වල පොළවල් වලටත් මුරුංග අරන් යන්න පුලුවන්..
එතකොට ඉතින් ගෙපැල ටිකක් ලොකුවට හදල, පිළිවෙලකට මුරුංග මුදලාලි විදියට ඉන්න පුලුවන්. 
සිරිපාලට හරි ආඩම්බරකාර හිනාවකුත් ගියා.
සිරිපාල පිලෙන් නැගිටල මිදුලට බැස්ස.. ගේත් හදල, ලොරිය වත්ත ඇතුලෙ නවත්තන්නෙ කොතනද කියල බලන්න.... මොක්ද ඉතින් මුදලාලිගෙ ලොරිය පාරෙ තියන්නත් බෑනෙ.
"අප්පට සිරි... කොහොමද ඉතින් ලොරිය වත්තට ගන්නෙ..?" සිරිපාල ඔලුවත් කහ කහ කල්පනා කරන්න උනා..
කඩුල්ල පොඩිනෙ... ලොකු ගේට්ටුවක් දාන්න ඕනෙ... 
"මේ පොඩි කඩුල්ලෙන් කොහොමද ලොරිය ගන්නෙ.."


එහෙනම් ඉතින් මේ ගස් ටික කපල කඩුල්ල ලොකු කරන්න ඕනෙ කියල හිතපු සිරිපාල, කුස්සියට ගිහින් මන්නෙ අරන් මුරුංග ගහ කපල පටන් ගත්ත කඩුල්ල ලොකු කරන්න...
"අපොයි දෙවියනේ...!"
මුරුංග ගහ බිමට පාත් උනාට පස්සෙනෙ සිරිපාල පියවි සිහියට ආවෙ..