ඉන්න ඇත්තො

1 "අසූ නවයෙ පහේ අපි"



අපි..

උපන්නෙ "හැත්තෑ නවයෙ"...
පහේ පන්තියෙ උන්නෙ "අසූ නවයෙ"...
"අනූ නවයට" එකක් අඩුවෙන් අවුරුද්දක අපි උසස් පෙළ කලා...
"දෙදහස් නවයෙ" අපිට අපිව හොයා ගන්න බැරි උනත්,
ඊට අවුරුදු හයකට පස්සෙ අපි ආපහු අපිව හොයා ගත්ත...
ඒ හින්ද අපි අපිට නමක් තිබ්බ...
ඒ "අසූ නවයෙ පහේ අපි"
ඒ අවුරුදු විසි හයකට පස්සෙ...


පහුගිය දවසක අපි ආයෙමත් අපේ පුංචි ඉස්කෝලෙට ගියා...
ඉස්කෝලෙ ගොඩක් වෙනස් වෙලා...
ඉස්සර අපිට තිබුණෙ ගොඩනැගිලි 4යි....
දැන් ගොඩනැගිලි ගොඩයි....
අපි නැගපු අට්ටික්කා ගස් තාමත් එහෙමයි...
"රොබින් හුඩ්" සෙල්ලම් කළ කැලේ දැන් එළි කරල.
දැන් ඉන්න උන් දන්නෙ නෑ රොබින්හුඩ්...
දැන් ඉන්නෙ බෙන් ටෙන්ල...
ඒ පුංචි ඉස්කෝලෙ හිටියෙ පොඩි කාලයක් උනාට....
මගෙ ජීවිතේ ගත කළ සුන්දරම පාසැල් කාලය ඒක තමයි...
අදටත් මට ඉස්කෝලෙ ගිය පළවෙනි දවසෙ ඉඳල අන්තිම දවස වෙනකල් හොඳට මතකයි...
එදා පාසැලේ අන්තිම දවසෙ
දෑස් නොතෙමුනාට, මෙදා පාසැලෙන් එළියට එන්න දුකයි...
දෑස් තෙමුන ඇත්තටම....
පොඩි උන් අපි දිහා හරියට වීරයො වගේ බලා හිටිය...
උන්ගෙ හිත්වල තිබුන දේවල් ඇස් වලින් පෙනුන...
අපි පුංචි කාලෙ අපිට කවුරුත් එහෙම ඉස්කෝලෙට පොත් ගෙනත් දුන්න මතක නෑ...
ඒත් පුංචි උන් ඒ පොත් කියවාවි...
ෆිල්ටරෙන් වතුර ගනීවි...
සන්තෝසයි.... ගොඩක් සන්තෝසයි...
දැනුත් දෑස් තෙමෙනව...
ඒ අවස්ථාව උදා කරල දුන්නට උඹල හැමෝටම පින්....
ඒ උඹලගෙ ශක්තිය නිසා...
උඹල නොයින්න, එහෙම දෙයක් වෙන්නෙ නෑ....
ආව, නාව, හැම එකාටම ගොඩක් පින්...
දන්නව...
අපි කවුරුත් දුවන්නෙ රේස් එකක්...
ඒ අතරෙ මෙහෙම දේකට කාලෙ හොයනව කියන්නෙ ලේසි දෙයක් නෙවේ..
නාවත් උඹල හැමෝගෙම ශක්තිය තිබුන ඒ දේ සාර්ථක වෙන්න..
ඒ නිසා... අයෙමත් වතාවක්, උඹලට පින්.....
--------------------------------------
හිතට ගොඩක් සතුටුයි හේතු 3ක් නිසා..
1. අපි ආයෙමත් මුණ ගැහුන නිසා....
2. අපේ පුංචි පාසැලට අවුරුදු 26කට පස්සෙ යන්න ලැබුණ නිසා...
3. පුංචි පාසැලට අපේ ශක්තියෙන් උදව් කළ හැකි වූ නිසා...
ඒ වගේම,
එදා ආව අපි කට්ටිය එකට ඉඳල ඡායාරූපයක් ගන්න බැරි වුනු නිසා,
උඹලට ස්තුති කරන්න බැරි වූ නිසා,
හිතට ගොඩක් දුකයි.... ඒ වෙනුවෙන් සමාවෙයන්....



අපි ගැන කලින් ලියපුව

රත්නායක ස‍ර්ගෙ ශිෂ්‍යත්ව පන්තිය