ඉන්න ඇත්තො

3 මං ආසා ගී - අවසානයට පෙර ඇ ගියා


ඇරඹුමම කදුලක් වෙලා
මා බල ඉද්දි ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඇ ගියා....

දුක් බරම කවියක් ලියා
එහි පද පෙළක් අඩුවෙන් තියා
අරුත පසිඳින්න ට කියා
අවසානයට පෙර ඇ ගියා...

ශෝකාන්තය එන තුරා
එහි රැඳෙන්න ට සිත් ඇති නියා
අනන්තය ළඟ මා දමා
අවසානයට පෙර ඇ ගියා....

ඇරඹුමම කදුලක් වෙලා...



අනන්තය වන තෙක්ම එකට ඉන්නට පෙරුම් පිරූ අයෙක්, අනන්තය ළඟදි තමන් තනිකර ගියාම දැනෙන දුක කසුන් කල්හාරගෙ කට හඳින් හොඳට දැනෙනව මම හිතන්නෙ....
කසුන් කල්හාරගෙ ගීත ගොඩක් දුක් මුසු උනත් දැන් ඉන්න නාහෙන් අඬන එවුන්ගෙ ගංජ සින්දු වලට වඩා ගොඩක් ලස්සනයි.. අරුත් බරයි...   අවාසනාවකට මම මේ ගීයෙ පද රචනය කාගෙද කියල දන්නෙ නෑ... ඒක කියන එක ඔයාලටම ඉතුරු කලා... මෙන්න මෙතනින් සින්දුව අහන්නකො... බලන්නත් දෙයක් තියෙනව ඔන්න එහෙනම්...



 Credit for the picture : Michiel S (Photochiel)
-------------------------------------------------------------------------------------------------------------
අකුරු කළේ "මල් සුවඳක්"... කියවලම බලන්න..සමහරවිට ඔයාගෙ අත්දැකීමක් වෙන්නත් පුලුවන්.. හිත රිද්දන්නනම් හිතුවෙ නෑ.. හිත රිදුන නම් සමාවෙන්න.. පුංචි දෙයක් හරි ලියල යන්න පුලුවන්නම් ගොඩක් හොඳයි.. -------------------------------------------------------------------------------------------------------------

5 සුන්දරත්වය...

මගේ විජිතය බ්ලොග් අඩවියේ "ඩෙනිම සහ ගැහැනු ලමයකුගේ සුන්දරත්වය" කියන පෝස්ට් එක අහම්බෙන් කියවන්න හම්බුනා. මම මීට කලිනුත් මීට ටිකක් සමාන පෝස්ට් එකක් ලීව "ඇයි" කියල. ඒකට ගොඩක් ගල්, මල් ආව. ඒත් මේක කියෙව්වම මටත් හිතුන ආයෙම ඒ වගේ එකක් ලියන්න කියල. එදා මම ලීවෙ ඇත්තටම මම දුටු දෙයක් ගැන. ඒත් අද මම ලියන්න යන්නෙ මම දුටු, දකින (මම විතරක් නෙවේ, ඔබ උනත් නිතර දකින, ඇස පිනවන) දෙයක් එක්ක මට ඈති වුන ප්‍රශ්ණයක් ගැන.

මුලින්ම කියන්න ඕනෙ මම කාටව්ත් මඩක් ගහන්න, රිදවන, එහෙමත් නැත්නම් හෑල්ලු කරන්න නෙවෙයි මේ ලියන්නෙ... ඕනෙම කෙනෙක්ට, සභ්‍ය විදියට මේක විවේචනය කරන්න අයිතිය තියෙනව... කිසි ගැටලුවක් නෑ. ඕනෑම සභ්‍ය අදහසක් මම පල කරනව කිසි කොස්සක් නැතුව.

ගෑණු ළමයි විලාසිතා කරන්න ඕනෙ කියන අදහස මමත් තදින්ම විස්වාස කරනව.. මොකද ඉතින් වයසට ගිහින් විලාසිතා කරන්න ගියොත් මිනිස්සු නාකි විසේ කියන්න ඉඩ තියෙනවනෙ.. අනික තරුණ කාලෙ කරන්න ඕනෙ දේවල් ඒ කාලෙදි කරන්නත් ඕනෙ. නැත්නම් කිසි ගතියක් නෑ. (ගෑණු ළමයි කියන්නෙ කොහොමත් විලාසිතා තමා). ඒ නිසා ඒ ගැන කිසි තර්කයක් නෑ. අත් දෙකම උස්සල මම එකඟයි ගෑණු ළමයි විලාසිතා කරන එකට.

"ෆැෂන්" එහෙම නැත්නම් "විලාසිතා" කියන්නෙ ඈත්තටම මොකද්ද...?

මම නිකමට වගේ ගූගල් දෙයියන්ගෙන් ඇහුව. ඒ දෙයියො මාව විකි දෙයියො ගාවට යොමු කරා වැඩිදුර තොරතුරු ගන්න කියල. ඔන්න ඉතින් ඒ දෙයියන්ට අනුව;

Fashion is a general term for a popular style or practice, especially in clothing, footwear, accessories, makeup, or furniture. "Fashion" refers to a distinctive; however, often-habitual trend in a look and dress up of a person, as well as to prevailing styles in behavior. "Fashion" usually is the newest creations made by designers and are bought by only a few number of people; however, often those "fashions" are translated into more established trends. The more technical term, "costume," has become so linked in the public eye with the term "fashion" that the more general term "costume" has in popular use mostly been relegated to special senses like fancy dress or masquerade wear, while the term "fashion" means clothing generally, and the study of it. For a broad cross-cultural look at clothing and its place in society, refer to the entries for clothing, costume, and fabrics.

එහෙම බැලුවම තේරෙන දේ තමයි අපි විලාසිතා කරන්නෙ ලස්සන වෙන්න. අවධානය ගන්න. (මට තේරෙන හැටි වැරදිද මන්ද..?) හැබැයි ඒක අපි අපිට ඔබින විදියට, තැඅට ඔබින විදියට කරන්න ඕනෙ. එහෙම නොවුනොත් වෙන්නෙ අපි විහිලුවක් වෙන එකයි..එහෙමත් නැත්නම් අර මම කීව බ්ලොග් එකේ කියල තියෙන ජාතියෙ විදියට මිනිස්සු හිතන එකයි.

අද කාලෙ තියෙන විලාසිතා ගොඩක් බැලුවොත්, ඒව කරන්න වැඩි වියදමක් යන්නෙ නෑ. මොකද රෙදි යාරයක් ගත්තම නවතම විලාසිතා සහිතවම විලි වහගෙන තව පොඩි ළමයෙකුට ඇඳුමක් මහන්නත් ඇති.එහෙම නැතුව සමහරු වලලු කරටම දිගට අඳිනව. ඒත් ඉතින් ටිකක් ඈතින් අඩිය තියල ඇවිදින්න බෑ. මොකද එහෙම ඇවිද්දොත් අනිව මේ දවස් වල කුවෙණිට ඇති වෙලා තියෙන ප්‍රශ්නෙ ඇති වෙනව. තව අය ඉස්සරහෙන් බැලුවම හරිම විනීත විදියට පේන්න අඳිනව.. හැබැයි පිටිපස්සෙන් බැලුවොත් තමා අවුල. මොකද අර පිටකොටුවෙ විකුනන පිට නෑ කියන ඉස්ටයිල් එක නියමෙටම පෙන්නනව.

අපේ රටට වඩා ගොඩක් විලාසිතා කරන්නෙ යුරෝපීය රටවල කියලයි මට හිතෙන්නෙ... (මම වැරදි ඇති සමහරවිට). හැබැයි ඒ රටවල විලාසිතා නිර්මානය කරනකොට ඒවා අඳින කාල වකවානු අනුවයි විලාසිතා නිර්මානය වෙන්නෙ. ඒ කියන්නෙ සීත කාලෙට ඔබින විදියට ඇඟ වැහෙන ඇඳුම්, රස්නෙ කාලෙට ඇඳුම් අඩුවෙන් යනාදී පිළිවෙලටයි එයාල ෆැෂන් කරන්නෙ.

ඒත් වැඩේ කියන්නෙ අපේ අක්කල ෆැෂන් කරන්නෙ එහෙමනම් නෙවෙයි. අපේ අක්කල ෆැෂන් කියල වැඩියෙන් කරන්නෙ අඩුවෙන් අඳින එක. කොච්චර සීතල උනත් අඳින්නෙ අඩුවෙන්.. වැඩියෙන් ඇඟ පේන්න අඳින එක තමයි ෆැෂන් කියල හිතන්නෙ. (මේ මට හිතෙන හිතෙන විදිය. වටපිට බැලුවම වැඩියෙන් දකින්න තියෙන්නෙ එහෙම දේවල්. ඉතින් එහෙම හිතන එක අසාධාරණද...?)

කාන්තා ශරීරය කොහොමත් සුන්දරයි කියල කවියොත් ගොඩක් වර්ණනා කරනව. ඒත් ඒ නිරුවත් සිරුරම නෙවෙයිනෙ. ඒත් අපේ අය අඳින විදියට හිතෙන්නෙ වැඩියෙන් පෙනුන තරමටයි වැඩියෙන් සුන්දරව පේන්නෙ කියල. මටනම් හිතෙන විදියට ෆැෂන් කියන්නෙ එකක්. ඇඟ පෙන්නනව කියන්නෙ තව එකක්. ඒ දෙක පටල ගන්න හොඳ නෑ. 

අතීතයෙත් ශිෂ්ඨාචාරගත් මිනිස්සු ඇඳුම් භාවිතා කරන්න පටන් ගත්තෙ තමන්ගෙ විලි වහගන්න. ඉතින් ක්‍රමක්‍රමයෙන් ශිෂ්ඨාචාර දියුණු වෙනකොට ඒ ඇඳුම් විකාශනය වෙලා අංග සම්පූර්ණ ඇඳුම් භාවිතා කරන්න පුරුදු උනා. එහෙම දියුණු වෙච්ච අපි, ආයෙත් යන්න හදන්නෙ පරණ ගල් යුගයටමද..? ඇඳපු ඇඳුම් එකින් එක අඩු කරල, යාන්තම් විලි (විතරක්) වැහෙන තරමට පොඩි රෙදි කෑල්ලක් විතරක් අඳින තරමටම අපි දියුණු වෙලාද...?

කාන්තා සුන්දරත්වය ඇඟ වැහෙන්න ඇන්ද කියල අඩු වෙන්නෙ නෑ කියන එකයි මගෙනම් හැඟීම. එහෙම වෙන්න වෙන්න ඒකට තව අගයක් ලැබෙනව. නොපෙනෙන දේවල් වැඩි වැඩියෙන් පේන්න පේන්න ඒ අගය අඩු වෙනව කියලයි මටනම් හිතෙන්නෙ. (හැබැයි එහෙම පේන්න අඳිනකොට වෙන අගයක් ලැබෙනව වෙන්න පුලුවන්. ඒත් ඉතින් ඒ සුන්දරත්වය, ලස්සන නම් නෙවෙයි.)


 ඉතින් ඇයි අපි විහින් ඒ තත්වෙට වැටෙන්න හදන්නෙ..? 

ඔය ඔලු ගෙඩි ඇතුලෙ තියෙන මොළගෙඩි වලින් චුට්ටක් හිතල බලන්න..... 

ෆැෂන් නැත්නම් විලාසිතා කියන්නෙ, 

ඇඟ වැඩිපුරම පෙන්නන එකමද..?

  

6 යාලුවෝ.. මාලුවෝ...යාලුවෝ...

අද මැයි මාසෙ 14.
2012 අවුරුද්දෙනුනත් මාස 5ක් ඉවරයි......


මේක මේ විදියටන මෙතනින්ම පටන් ගන්නම්...එදා මැයි මාසෙ 14 වෙනිදත් මම ලියන්න පටන් ගත්ත..ඒත් ඒ ටික විතරයි ලීවෙ. එතනින් එහා එක අකුරක්වත් ලියන්න බැරි උනා. අහවල් එකක් වෙලාද මන්ද... කිසි දෙයක් ලීවෙ නෑ දැන් කාලෙකින්.
මගෙ කැලැන්ඩරේ හැටියට මැයි මාසෙ කියන්නෙ "මිත්‍රත්වයේ මාසය". (එක එක අයට වෙනස් වෙනස් දින දර්ශන තියෙන එකේ මටත් එකක් තිබුණම වරදක් නෑනෙ.) ඒත් ඉතින් මිත්‍රත්වයේ මාසෙට ලියන හිටිය එකම පොස්ට් එකක්වත් ලියා ගන්න බැරි වෙච්ච එකනම් ගොඩක් දුකයි.. ඒත් ඉතින් මොකෝ කරන්නෙ.. ඒක එහෙම උනානෙ... කොහොමත් ඉතින් කාලය කියන්නෙ වටින දෙයක්.. ගෙවුනට පස්සෙ ආපහු ගන්න බෑනෙ.. ගිය දේ ගියා ඉතින්... ආයෙ ඉතින් ලබන අවුරුද්දෙ මිත්‍රත්වයේ මාසෙට මොනව හරි ලියමුකො...ඒත් ඉතින් ඒ ලියන්නෙ මේ සැරේ ලියන්න හිටිය දේවල්නම් නෙවෙ.. ඒත්... ඒක එහෙම තමා...

හරි... පෙර වදන ඇති... මගෙ හොඳම යාලුවෙකුත් මට කියල තියෙනව මම ලියන දේවල් දිග වැඩි නිසා කියවන්න කම්මැලියි .. ඒ නිසා කියවන්නෙ නෑ කියල.. දුක තමා රංජනී.. මක් කොරන්නද ඉතින්... අපි කැමති දෙයක් තව කෙනෙක්ට කියල බලෙන් කරව ගන්න බෑනෙ.. ඒ අය කැමැත්තෙන් කලොත් එහෙමයි... නැත්නම් දුක තමයි...

හරි... ඒ ඇඩ් එකත් ඇති...

මිත්‍රත්වයේ මාසෙත් පහු වෙච්ච එකේ... හිතුන මිතුරන් ගැන දෙයක්ම ලියන්න...


මීට කලිනුත් මම මිතුරන් ගැන ලියල ඇති... මිතුරන් ගැනනම් කොච්චර ලීවත් මදි... අපේ ජීවිත වල මිතුරු මිතුරියන් කියන අය අපි පොඩි කාලෙ ඉඳලම අපි එක ඉන්නව. ඒ සමහර අය අපි එක්ක ජීවිත කාලය පුරාවටම ඉන්නව. අපේ දුක, සතුට දෙකම එකට බෙදාගෙන හැමදාමත් අපි එක්ක ඉන්නව.
දැන් කෙනෙක් කියන්න පුලුවන්, කෙනෙක්ට හිතෙන්න පුලුවන් අපි මේ විවෘත ආර්ථිකෙත් එක්ක දුවන රේස් එකේදි අපි කොහොමද ඒ වගේ බැඳීම් දිගටම පවත්වගෙන යන්නෙ කියල.
ඒත් මට ඒක එහෙම හිතෙන්නෙ නෑ. 
එකක් තාක්ෂණය දියුණු අද ලෝකෙ කිලෝමීටර දහස් ගාණක් දුරින් ඉන්න අයත් ඇසිල්ලකින් දැක බලාගන්න, කතා කරන්න හැකියාව තියෙන නිසා. 
අනිත් හේතුව නම්, අපිට සමාජයේ පිළිගැනීමක් ලැබේ යැයි සැලකෙන සමිති සමාගම් වලට සහභාගී වෙන්න කාලය කොයිතරම් කර්ය බහුල උනත් තියෙන නිසා.


අපේ ජීවිත වලට විවිධාකාර මිතුරන්, ජීවිතේ විවිධ කාල වලදි එනව. ඒ වගේම යනව. ඒ අතරින් කීයෙන් කී දෙනාද අපිට ඉතිරි වෙන්නෙ....? දැන් කෙනෙක්ට කියන්න පුලුවන් ජීවිතේට මිතුරන් නැතුව ජීවත් වෙන්නම බැරිද කියල. ඒත්... කාත් කවුරුවත් නැතුව (විශේෂයෙන් තමන්ගෙ මව් බිමෙන් බැහැරව ඉද්දි) තනිව ඉන්න මොහොතක හිතට දුකක් දැනුනම... තමන්ට ගොඩාක් කිට්ටුවෙන් ඉන්න මිතුරෙක්, මිතුරියකගෙ අගේ තේරුම් කරන්න අවශ්‍ය වෙනෙ එකක් නෑ.
ඇත්තටම අපිට හොඳ මිතුරු මිතුරියන් අවශ්‍යය වෙන්නෙ දුකකදි, කරදරයකදි තමයි. මම එහෙම කියන්නෙ, අපි ළඟ සතුට, සල්ලි, යාන වාහන, බලය වගේ දේවල් යහමින් තියෙන වෙලාවට අපේ උදව්වට ඕනෙ තරම් මිත්‍රයො ඉන්නව. ඒ වෙලාවට නොසෑහෙන්න අපි වටේ කට්ටිය ඉන්නව. හැබැයි මම ඔය කියපු දේවල් අපි ළඟ නැති දවසට, ඔය කියන කිසි කෙනෙක් අපි ළඟ ඉතිරි වෙන්නෙ නෑ. අන්න එදාට තමයි අපිට බලාගන්න උනත් පුලුවන් වෙන්නෙ කවුද අපි ළඟ ඉතිරි වෙන සැබෑ යාලුවො කවුද කියල.
ඇත්තටම සැබෑ යාලුවො කියන්නෙ, අපිට ඇති දාටත් වඩා නැති දාට අපේ ළඟින් ඉන්න අයටයි. ඒ අය කිසි දාක අපේන් දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ. සමහර වෙලාවට අපි ප්‍රශ්නෙක ගිලිල ඉන්න වෙලාවක ඒකට විසඳුමක් දෙන්න සැබෑ මිතුරෙකුට බැරි වෙන්න පුලුවන්... ඒත්..... අපේ හිතේ තියෙන දුක බෙදා ගන්න ඒ අයට පුලුවන් වෙයි. අපි අඬන වෙලාවට අඬන්න හේතුව නැති කරන්න එයාලට බැරි වෙයි. ඒත් අපි එක්ක එකට අඬන්න පුලුවන් වෙයි... අඬන්න හිස තියා ගන්න උරහිස දෙන්න ඒ අයට පුලුවන් වෙයි.
අද කාලෙ අපි එක්ක ගොඩක් ඉන්නෙ අවස්ථාවාදී මිතුරන්. තමන්ගෙ කාරිය කෙරෙනතුරු ළඟින් ඉන්න වංක යාලුවො. (මාලුවො). ඒ අතර සැබෑ යාලුවො නෑ කියල මම කියන්නෙ නෑ.. ඒත් හරි අඩුයි. හරියට ඒ අය හොයන එක කලු නික හොයනව වගේ...
සැබෑ මිතුරෙක් කිසි දවසක මොන තරම් කරදර බාධා ආවත් තමන්ගේ මිතුරන් අත හැර නොයන්න තරම් දේව ගති ඇත්තෝ වෙති. ඒ අය ඉවෙන් මෙන් තම මිතුරන්ගේ දුක් හඳුනා ගන්නට සමත්ය. (තම මිතුරන් දැනෙන බව කීවොත් ඒ හරිම හැඳින්වීමයි).
බොහොම කෙටියෙන් කීවොත් සැබෑ මිතුරන් (කල්‍යාණ මිතුරන්) අපේ පිණට ජීවිතේදී ලැබෙන එක් දේව ආශිර්වාදයකි.  

ජැක්සන් ඇන්තනි ගායනා කරන මේ වේදිකා නාටක ගීය අහල බලන්න. 

තම කාරිය ඉටු කරගන්න, තම වාසියට, ලඟින් ඉන්න මිතුරන් දුකක් කරදරයක් ආ විගස අතුරුදහන් වන්නේ බුදියන පැතුරටත් නොකියාමය. ඒ නිසා කිසි දවසක තමන්ගෙ සැබෑ මිතුරන් අහිමි කර නොගන්න...

"A real friend is one who walks in when the rest of the world walks out."

.