ඉන්න ඇත්තො

1 නුඹට තනි නෑ...

ඉරට තනි නෑ,
දහවල එළිය නිසා....
සඳට තනි නෑ,
පායන තරු සිටින නිසා..
මලට තනි නෑ,
බඹරුන් සිටින නිසා...
නුඹට තනි නෑ,
මා නුඹ ළඟ සිටින තුරා...

1 වෙන්ව යාම...



දැන හෝ නොදැන
මෙතරම්ම මා
නුඹට ආදරේ කළ වග..
වෙනව යන තුරුම
නොදැනුනේ මන්ද...?

0 වෙන්වීම....


ආයෙ කවදාවත්ම ...හැන්දෑවට මම එනකොට
මග බලන් ඉන්න
නුඹ නෑ....
මගෙ
දුම් වල මඩ ගාන්න,
මගෙත් එක්ක රන්ඩු වෙන්න,

නුඹ නෑ....
උදෙට
හොරෙන් එබිල බලන්න,

කන චුට්ටක් ලෙවකාල මාව ඇහැරවන්න
නුඹ අයෙත් එන්නෙ නෑ....
රිකී........

0 හීනයක්...!!!

දෑස් වැසුනාම
දකින සිහින
ජීවිතේට
මොනතරම් බලාපොරොත්තු දෙනවද..?
ඒ බලාපොරොත්තුම
විටෙක ,
අපිව කොයිතරම් සතුටු කරනවද...?
තවත් විටෙක,
මොනතරම්නම් අසරණ කරනවද...?
ඒත්...
ඒ සිහින දකින්න අපි කොයිතරම් ආසා කරනවද..?

හීන තරම්ම
අපිට , හදවතට සමීප වෙන්න, ආදරේ කරන්න
හීනෙන්වත් පුලුවන් තවත් දෙයක් ...
හැබෑවටම තියේවිද.....?


෴ ෴෴ මල් සුවඳක් ෴෴෴෴

2 ඇරඹුම....

උදේ පටන් ගත්තම
දවස තිස්සෙම
ඉර ගිළිල යනකල්
මේ යන්තරෙ දිහා බලගෙන
දාහකුත් එකක් දේවල් කරන්න
දත් කන එකම මිසක්,
මනසට ඩින්ගිත්තක්වත්
නිදහසක් දෙන්න
හිතන්නවත් වෙලාවක් නැති නිසාම
මොනව හරි දෙයක් කරන්න හිතුන....

ඇරඹුමක් විදියට කවියක් ලියන්න හිතුවත්
දවසෙ ටු ඩූ ලිස්ට් එක දකිනකොට
ලස්සන දෙයක් හිතට එන්නෙම
නැති තරම්....

මොනව උනත්
කියවන්න පුලුවන් දෙයක්
ලියන්න
මනස සැහැල්ලු කරගන්න...
දරන පුන්චි උත්සාහයට

මේ ඇරඹුම ශක්තියක්ම වේවා...!!!

෴ ෴෴ මල් සුවඳක් ෴෴෴෴