ඉන්න ඇත්තො

Showing posts with label හිනා. Show all posts
Showing posts with label හිනා. Show all posts

6 A to Z සිංහල

හැමදාමත් මම ලියන්නෙ මොලේ උඩු යටිකුරු කරගත්ත කතානෙ.. මේ දවස් වල කොහොමත් මගේ ඔලුව උඩු යටිකුරු වෙලා ඉන්නෙ.. ඒ අතරෙ මට ආව මරු ඊයක්.. කෑ දේ ගඳයි, දුන් දේ සුවඳයි කියල කතාවක් තියෙනවනෙ. ඒ නිස මට හිතුන මේක ඔයාල එක්ක බෙදා ගන්න... සමහරු මේක කියවල ඇති. නැති අය කියවන්න... හිතෙන දෙයක් ලියල යන්න...



A මිනිහ අදත් Bලා. Cමන් අයිය ඔහොමම තමයි. ඩෝසරේට Dසල් ගහනව වගේ තමයි බොන්න ගියාම.Eයෙත් බීලම තමයි ආවෙ. එයාගෙ අයියනම් ඉතින් හොඳ සල්ලිකාරය. Fගනිස්තානෙට ගල් කටස් විකුණනව.මේකා Gවිතේ නිකන් කාළකන්නි කර ගන්නව. Hච්චර හොඳ පරම්පරාවක මිනිහෙක්නේ. Iයියෝ කියල වැඩක් නෑ. Jන් අක්කටත් එපා වෙලා බැරිම තැන තමයි දමල යන්න ගියේ. Kළමක් කියනව කියල හිතන්න එපා Lලෙන්න වැල් නැතිව ඉන්නකොට දුක හිතිල තමා Mමා නෝන සීන් එකට Nටර් උනේ. කෝ Oවා මිනිහට ගානක්වත් නෑනෙ. Pටරය රෑට රෑට ගෙට රිංගනව කියල කව්දෝ Qව්වම "උගේ Rතිකේ ශක්තිමත්. මට ඊයෙත් බාගයක් අරන් දුන්න." කියල කීවලු. දැන් S පෙනීමත් ටිකක් අඩුයි. හන්දියෙ කඩේ Tමේකර් ජොබ් එක කරන කාලෙ Uත් ක්ල්බ් එකේ කොල්ලන්ට හොරෙන් Vවා හදල දීලත් මාට්ටු උනා.එක දවසක් නිවාඩු අරගෙන දවස් 2ක් නෑවිත් ලීව් ඩබල් කරන නිසාඒ දවස් වල මිනිහට කීවෙ Wසීමන් කියලලු. දොස්තර මහත්තය Xරේ එකක් අරගෙන කීවලු මෙහෙම කේස් එකක් Yද්‍ය ඉතිහාසෙත් වෙලා නෑ කියල. කරුමක්කරය..!! ඔය යන්නෙ පාර පුරා Zග් සැග් එකේ..

7 කව්ද මේ...?

හැමදාමත් සීරියස් දේවල්ම ලියන හින්ද, හිතුන ටිකක් වෙනස් දෙයක් ලියන්න කියල...
ඒක නිසා පොඩි වෙනසකටත් එක්ක මේක ලියන්න හිතුව.. හැබැයි ඔන්න කවුරුත් තරහ වෙන්නනම් බෑ.


අපි හැමදාමත් කොම්පියුටර් වගේ උදේට ඔන් වෙනව... හවසට ඕෆ් වෙනවනෙ... ඒක තමා සතියෙ දවස් 5ම කරන්නෙ.... ඉතින් වැඩ වැඩ වැඩ.. ඉවරයක් නැති වැඩ.. මහාමේරුව ඔලුවෙ තියා ගත්ත වගේ ඔලුවෙ බර... ඔන්න ඕක නිසා වැඩ වලින් ටිකක් ඈත් වෙලා නිදහසේ විනෝද වෙන්න කියල පොඩි විනෝද චාරිකාවක් යන්න අපේ කට්ටිය තීරණය කලා. වැඩේ ඕගනයිසින් පාට් එක සෙට් උනේ අපේ අලුතෙන් ආව නංගිලා මල්ලිලා ටිකකට තමයි ඔන්න..
කොහොම කොහොම හරි වැඩ අස්සෙම වැඩේ සෙට් කලා. නිකන්ම ගිහින් එනවට වඩා පොඩි තරඟයක් තිබ්බොත් ගතියක් තියෙන නිසා ඒව ඒ විදියට සෙට් කරල තිබුණ.. ඒවට දෙන්න තෑගිත් සෙට් කලා. (ඕගනයිසින් කොමිටියෙ සාමාජිකයො වැඩියෙන්ම හිටිය කණ්ඩායම තමයි ඉතින් අන්තිමේ දිනුවෙ. ඒක වෙනම කතාවක්.) කොහොම හරි වැඩේ ලස්සනටම කෙරුන.
අපි ගමන ගියෙ ඔහියෙ, නතර උනේ "World's End Lodge". ඒක නිවාඩුවකට නියම තැන.(මම එහෙම කීවෙ එතන්ට ජංගම දුරකතන වැඩ කරන්නෙ නැති නිසා.. ඒකනම් පුදුම සහනයක්...) කොහොමහරි අපේ කොමිටියෙ නංගිල, මල්ලිලා ගමනට කලින් ඉඳල සෑහෙන කට්ටක් කෑවනෙ.. මොකද සෙට් එකම අලුත්... තාම පරිවාස කාලෙනෙ.. ඉතින් ඔක්කොම පරිස්සම් කර ගන්න ඕනෙනෙ.. "මරණ ඉරි" පහු උනොත් ජොබ් එක කේස්.. ට්‍රිප් එක සවුත්තු උනොත් ඉඳල ඉවරයි.. කොහොම හරි වැඩේ කරගෙන ගියා.. ඒ අතරේ අපේ පරණ කට්ටියත් සමහරු පුලු පුලුවන් විදියට සප් එක දුන්න...
ඉතින් අපි කොහොම හරි ගමන ගියා කියමුකො.. දැන් ඔය වගේ ගමනක් ගියාම ඉතින් අම්මල නෑනෙ ගෑණු ළමයි බලා ගන්න. ට්‍රිප් එක දවස් දෙකක්නෙ.. එයාල, එයාලවම බලා ගන්න ඕනෙ.. මොකද ඔෆිස් එකේ බහුතරය පිරිමි නිසා, ගෑණු ළමයින්ගෙ ඕනෙ එපාකම් හොයල බලන්න ටිකක් දැනුම් තේරුම් ඇති කෙනෙක් ඉන්නම ඕනෙ. එහෙම කෙනෙක් නෑ කියල ඉතින් එයාල නොගිහින් ඉන්න බෑනෙ. 
අනේ ඉතින් අපේ ඔෆිස් එකේ ඉන්න ගෑණු ළමයි ටිකත් ආව කොහොම හරි. වැඩිහිටියො හිටියෙ නැතුවමත් නෙවෙයි. අපි ඒක අමතක කරමුකො.
කොහොම හරි අපි ගමන ගියා.
ඉතින් වැඩේ කියන්නෙ, අපිට හිටියනෙ ගෑණු ළමයි බලාගන්න කෙනෙක්... අපරාදෙ කියන්න බෑ ගෑණු ළමයින්ට කිසි අඩු පාඩුවක් වෙන්න දුන්නෙ නෑ මේ මලය.
කෑම-බීමද, නවතින තැනද, කිසිම අඩුපාඩුවක් නම් වෙන්න දුන්නෙම නෑ. හැමදේම හොයල බලල කලා. කිසි කෙනෙකුට අඩු පාඩුවක් වෙන්න දුන්නෙ නෑ... කොහොමින් කොහොමින් හරි පව් කොල්ලට නමකුත් වැටුන කියමුකො ඉතින්.. ඒකත් එසේ මෙසේ නමක් නෙවෙයි... දෙවි කමක්...
"බඩු බාර දෙවියො" 
(ඔය විශේෂණ පදේට මම එච්චර කැමති නම් නෑ... ඒත් ඉතින් නම ඒකනෙ.)
අපරාදෙ කියන්න බෑ, ඒ නමට ගැලපෙන උපරිම විදියට වැඩ කලා.. කොටින්ම කීවොත් සමහර ගෑණු දරුවන්ට උදෙන්ම දැක්කම "අනේ දෙයියො දැක්ක වගේ" ඉබේම වගේ කියවුනා.
කොල්ල හොඳ එකා... කිසි වරදක් නැති එකා... 
අපේ ඉතින් දුෂ්ඨයො හිට්යෙ නැතුවමත් නෙවෙයි...  
දන්නවනෙ ඉතින් කොල්ලෙක් කෙල්ලො ටිකක් එක්ක ඉන්නකොට හිතේ දුක ඇති වෙන එවුනුත් ඉන්නවනෙ.. එහෙම හිත රිදුන එවුන් ටිකක් තදට විහිලු කලේ නැතුවමත් නෙවෙයි..
හැබැයි ඉතින් අපේ මලය වෙලාවකට අර "වර්ණපාල තියරිය" අනුගමන කරනවද කියල හිතෙනව...කියන්න කියන්න තව තව උදව් වැඩි වෙනව... කමක් නෑ ඉතින්... මොක උනත් කොල්ල හොඳ එකා.

අපේ මේ දෙයියො කොයිතරම් තමන්ගෙ දේව කාරිය කරනවද කියනවනම් ආරන්චියෙ හැටියට ට්‍රිප් එකෙන් පස්සෙත් කෝල්ස් එනව කියල තමයි කියන්නෙ... ඒ අපේ ඔෆිස් එක ඇතුලෙන් නෙවෙයි.. පිට පලාත් වල , ඒත් දෙවියන්ගෙ පිහිට පතන ඈයො..

කොයි හැටි වෙතත්, අපේ "බඩු බාර දෙයියො" හොඳ එකා.. කාටවත් කිසි කරදරයක් නැතුව, තමන්ගෙ වැඩේ කරගෙන යනව..
ඇත්තටම හොඳ එකා.