මගේ අදහසක් නොවුනත්, මගේ හිතෙත් හැමදාම තිබුණු ප්‍රශ්ණයක් වෙන කෙනෙක් ලියල තිබුණු නිසා මේක උපුටා ගැනීමක් හැටියට නැවත පළ කරන්න හිතුව.
හිමිකරුට අසාධාරණයක් නොවේ යැයි සිතමි.
ගණිකා වෘත්තිය නීතිගත කිරීමක් සඳහා උඩගෙඩි දීමක්, සාධාරණීකරනයක් කිරීමක් වැනි අදහසක් මට නැත. එහෙත් කතෘට ඇති ප්‍රශ්නාවලියම මටත් ඇති හෙයින් මෙය පළකිරීම යෙහෙකැයි සිතුනි.
මාගේ ගැටළුව ඇත්තේ අබිසරුලියන් සම්භන්ධයෙන් පමණක්ම නොවේ... සම්බාහන මධ්‍යස්තාන වල සේවය කරන තෙරපිවරියන් සම්භන්ධයෙන්ද ඒ හා සමානම ප්‍රශ්ණාවලියක් මට ඇත.
සිතා බැලීම සහ පිළිතුරු සැපයීම ඔබ සතුයි...
-------------------------------------------------------------------------------------------------------------
මම ඔබෙන් කෙලින්ම මෙහෙම අහන්නම් “ඔබ කැමති ද අබිසරු ලියක් ව මුණ ගැහෙන්න ?”
සමහරු ඒක මගෙන් ම නැවත විමසන බව මම දන්නවා. මගේ පිළිතුර අවංකව ම කීවොත් ඔව් මම කැමතියි. මම කැමතියි එතරම් වයස නැති කෙනෙක් ව මුණ ගැසෙන්න. මට තියනවා ඇයත් සමග කතාවක්. මුලින් ම මම අහන්නේ පැයකට කීයක් මම ගෙවන්න ඕන ද කියලා. මොකද මම එයාගේ කාලය ට මිලක් ගෙවන්න ම ඕන.
ඇත්තටම අබිසරු ලියකට ආදරයක් නැද්ද ? ආදරේ කරන්න කෙනෙක් නැද්ද ? නැතිනම් ආදරේ දැනෙන්නේ නැතිද ? නැතිනම් පොඩි කලේ ඔයා මම අනාගතයේ දී කරනවා කියල හිතා ගත්තේ මේ රස්සාව ද? මට මේ දේවල් එයා එක්ක කතා කරන්න තියනවා. ඇත්තටම එහෙම කෙනෙක් ගෙන් ම මේවා අහන එක තමයි වඩා ම සාධාරණ කියල යි මට හිතෙන්නේ.
අපි හැමෝම කරන්නේ ජිවත් වෙන එක. එකට අපි සල්ලි හම්බ කරන්න ඕනි. නැතිනම් ඉල්ල ගන්න ඕන. ඒත් නිකං සල්ලි දෙන්නේ කවුද? එක අතකට ගණිකාවක් කරන්නෙ ත් අපි කරන්නෙ ත් එකම දේ නේද? අපි ළඟ තියන යමක් අපි වෙන කෙනෙක් ට මුදල් වලට විකුණන එකනේ අපි කරන්නේ. එත් අපි විකුණන්නේ අපි ඉගන ගත්ත දේ අපේ දැනුම. එයා විකුණන්නේ උපතින් ලැබුණ දේ එයාගේ ශරීරය. දෙගොල්ල ම කරන්නේ විකුණන එක. එත් විකුණන දේ වෙනස් නේද?
මට අහන්න ඇත්නම් එළිපිට සමාජය ඔයා ව පිළිකුල් කරනවා කියල දැන දැනත් ඇයි ඔයා මේ දේම තෝරා ගත්තේ කියලා. එයා මොනවා කියයි ද. තව ටිකක් සරල ව බොක්කට ම වදින්න ඇහුවොත් ඔයා 5 වසරේ දී ගුරුතුමී අහන කොට දුවේ කවුරු වෙන්න ද කැමති කියල, ඔයා දුන්න පිළිතුරත් මේකද? සමහර විට ඇය බිම බලා ගෙන ඔලුව දෙපැත්තට වනල “නැහැ” කියල කියාවි. එහෙම නම් අද ඇය අබිසරු ලියක් වුණේ කොහොමද? ඇයට අනවශ්‍ය නමුත් වෙන අයට අවශ්‍ය රස්සාවක් කරන්න වුණේ කොහොමද ඇයට. ඇය ඇත්තටම මේක කරන්නේ කැමැත්තෙන් ද ? නැතිනම් ඇයට කරන්න වෙලා ද ?
ඇයට අපිට වගේ මිතුරන් මිතුරියන් ඇසුරු කරන්න අවස්ථාවක් තියනවා ද? නැතිනම් ඇගේ ජීවිතයේ ඉන්නේ ලිංගික ආකර්ශකයින් විතරමද? එහෙම නැතිනම් ඇය දිවා සමාජය ඉදිරියේ කරන්නේ රඟපෑමක් ද?
මගේ හිත නම් කියන්නේ එහෙම රාත්‍රී සරනා කිසිම ලඳක් 5 වසරේ ගුරුතුමී අහන අනාගත රැකියාව නම් වූ සරල ගැටළුවේ දී “මම අබිසරු ලඳක් වෙනවා” කියලා කිසිම කෙනෙක් කියන්න නැතිව ඇති. එහෙම නම් කොහොමද මෙහෙම දෙයක් වෙන්නේ ? කොතැන ද වරදක් සිදු වුණේ ? හා පුරා කියල පටන් ගත්ත පළමු ආදරෙන් ද ? රස්සාවක් සොයා ගෙන නගරයට පැමිණි අවස්ථාවේ ද? තමන් බොක්කෙන් ම love කරපු කෙනා එක්ක තනි වෙන්න ගියපු නිසාද ? එහෙම නැතිනම් facebook එකෙන් email එකෙන් අඳුර ගත්ත කෙනෙක් එක්ක විනෝද වෙන්න ගියපු නිසාද ?කොතැන ද වැරදීමක් වුණේ ? ඒකට වගකියන්න අවශ්‍ය ඇය පමණක් ම ද ? ඔබ කියන්නේ සමාජය අතිශය සාධාරණයි නිවැරදියි කියල ද ?
නැහැ මම හිතන්නේ නැහැ එහෙම. ඇයගේත් වැරදි ඇති නමුත් මම කියනවා ඇයට වඩා වැරදි සමාජයයි. මම මුලින් කීව වගේ ම අපි හැමෝම කරන්නේ ජීවිකාව වෙනුවෙන් අපි ළඟ තියන දෙයක් මුදල් කර ගැනීම. ඇය කරන්නෙත් ඒ දෙය ම නම් ඇයත් මේ සමාජයේ ම කොටසක් නේද ? නිගරු කිරීම හෝ පහත් කොට සැලකීම සාධාරණ ද?
"ෂෙනෙශ් දිසානායක"
---------------------------------------------------------------------------------------------------------
මුල් ලිපියට
ඉන්න ඇත්තො
Showing posts with label අපේම උන්. Show all posts
Showing posts with label අපේම උන්. Show all posts
4 [116] නීතිය කාටද?
අකුරු කළේ
෴ මල් සුවඳක් ෴
ආසාවන් කියන දෑ ඇති වන්නේ කලින් සැලසුමක් ඇතුව නෙවේ. කානිවල් එකකට ගියාම කතුරු ඔන්චිල්ලාවෙ යන්න ආසාවක් ඇති වෙනව මිසක්, කතුරු ඔන්චිල්ලාවෙ යන්න ආස හිතිල කානිවල් හොයාගෙන යන්නෙ නෑ අපි සාමාන්‍යයෙන්.
උපන් දා ඉඳල මැරෙන තුරාවටම අපි ජීවත් වෙන්නෙ නොයෙකුත් ආසාවන් හින්ද. ඒක එහෙම නෙවෙයි කියල කියන්න පුලුවන් කෙනෙක් නෑ.
එහෙම කියල, ආසාවට කරන හැමදේම හරියි කියල මම කියන්නෙ නෑ. ආසාවක් ඇති උනාම ඒක හරිද, වැරදිද කියල සිය දහස් වාරයක් හිතන්න අපි පුරුදු වෙන්න ඕනෙ. එහෙම නොවුනොත්, හැමෝටම ඇතිවෙන සියලුම ආසාවන් මුදුන්පත් කරගන්න ගියොත් පාලනයක් නැතිව, වෙන්නෙ මහ විනාසයක්.
ජීවිතේ හැම අවස්ථාවකදිම නැති උනත්, විශේෂ අවස්ථාවන්දි, විශේෂ ස්ථාන වලදිවත් අපිට අපේ ආසාවන් හරිද, වැරදිද කියල පහදල දෙන්න කෙනෙක් ඉන්නවවම්, ඒක කොච්චර වටිනවද?
මොකද ආසාවන් කියන ඒව ඇති වෙන්නෙ පස් මහ බැලුම් බලල නෙවේ.
උපන් දා ඉඳල මැරෙන තුරාවටම අපි ජීවත් වෙන්නෙ නොයෙකුත් ආසාවන් හින්ද. ඒක එහෙම නෙවෙයි කියල කියන්න පුලුවන් කෙනෙක් නෑ.එහෙම කියල, ආසාවට කරන හැමදේම හරියි කියල මම කියන්නෙ නෑ. ආසාවක් ඇති උනාම ඒක හරිද, වැරදිද කියල සිය දහස් වාරයක් හිතන්න අපි පුරුදු වෙන්න ඕනෙ. එහෙම නොවුනොත්, හැමෝටම ඇතිවෙන සියලුම ආසාවන් මුදුන්පත් කරගන්න ගියොත් පාලනයක් නැතිව, වෙන්නෙ මහ විනාසයක්.
ජීවිතේ හැම අවස්ථාවකදිම නැති උනත්, විශේෂ අවස්ථාවන්දි, විශේෂ ස්ථාන වලදිවත් අපිට අපේ ආසාවන් හරිද, වැරදිද කියල පහදල දෙන්න කෙනෙක් ඉන්නවවම්, ඒක කොච්චර වටිනවද?
මොකද ආසාවන් කියන ඒව ඇති වෙන්නෙ පස් මහ බැලුම් බලල නෙවේ.
ඒත් පොඩි හිතක ඇති වෙච්ච පොඩි හැඟීමක් ජීවිතේ අවුරුදු දෙකක් බරපතළ වැඩ ඇතිව, මහ උළු ගෙයි ලගින්න වෙච්ච එක වරද මොකක් වුනත්, දරුණු වැඩියි කියල මට හිතෙනව.
ඒක හිතට ගොඩක් වද දෙන නිසාවෙන්ම, මූණු පොතේ ලියපු එක වැකියකින් නොනැවතී, මහන්සිය පැත්තක තියල, දුවන යකඩ යකාගෙ හඬත් එක්ක වචන ටිකකට පණක් දෙන්න හිතුවෙ.
ඇත්තටම සිද්ධිය සිද්ද වුනු දවස මම දන්නෙ නෑ. මට හොයන්න ඕනෙත් නෑ.
සිද්ධියෙ කතා නායිකාව නම් වසර 30ක් බෝම්බ හඬට හුරු වෙච්ච, මර බිය හේතුවෙන් කලා රසවින්දනය යටපත් කළ ඈයෝ ජීවත් වුණු නැගෙනහිර පළාතෙ ජීවත් වුණු තරුණියක්.
යුද්ධයේ නිමාවත් එක්ක දකුණ නරඹන්න ආ ගමනකදි සීගිරි කැටපත් පවුර කොණ්ඩ කට්ටකින් පළුදු කළ වරදට වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවමක හිර කාරියක්.
දණ්ඩ නීති සංග්‍රහයේ මේ සම්භන්ධ නීති ප්‍රතිපාදන මම නොදනිමි. එය මට අදාලද නොවන්නකි.
එහෙත්, ඇය සැලසුම් සහගතව ඒ ක්‍රියාව සිදු කර නොමැති වග යමක් කමක් තේරෙන් ඕනෑම අයෙකුට වටහා ගත හැකිය. නීති සම්පාදනය කර ඇත්තේ මිනිසුන් හික්මවීමට මිස තලා පෙලා, පීඩාවට පත් කිරීමට නොවන වග කා විසිනුත් සිතිය යුතුය.
නීතියේ ප්‍රතිපාදන ඇති තරමටම දඬුවම් කරන්නේ නම් අද අපේ රටත් හික්මුනු මිනිසුන් ඇති රටක් විය යුතුය.
ඈ ලත් දඬුවමින් කම්පාවට පත් ඇගේ මවගේ ඡායාරූපය දුටු මට ඇති වූ ප්‍රශ්ණ වැලකි. මෙය කියවන නුඹට පිළිතුරු දිය නොහැකි බවද සැබෑවකි. එහෙත්, රට කරවන් උන්ට, නීතිය කරවන උන්ට වඩා චින්තන ශක්තියක් නුඹට ඇති බව පමණක් මා දනිමි.
මට මවක්, සහෝදරියක්, බිරිඳක්, දුවක් ඇති බැවින් ගොසිප් අතර ඒ ලිපිය ලඟ නැවතී, ආපසු හැරී බලන්නට සිතක් ඇති වුනි. වරද මෙය නොවුනත්, ඔබේම සහෝදරියක් හෙට දින අසාධාරණයට ලක් වන තුරුම නොසිට මදක් සිතන්න..
ඇය වරදක් කළ බව සැබෑය. නමුත්, ඒ වරද අපේ රටේ පවතින ක්‍රමය තුළ වසර දෙකක්, බරපතළ වඩ ඇතිව සිරගත කිරීමට තරම් වරදක්ද?
- ආරක්ෂක කැමරා අක්‍රිය කර පුරාවස්තු හොරකම කළ වුන් එක පැයක් ජම්පරය ඇඳ මහ උළුගෙයි බත් කෑවේද?
- මහා පර්වත දෙපළු කර නිදන් වස්තු සොරා ගත් උන් එක් දිනක් සිර බත් කා ඇත්ද?
- අහිංසක දැරියන් දූෂණය කර, ඒ වෙනුවෙන් සව්දිය පිරූ උන් අද සිර ගෙවල් වල ඇත්ද?
- අහිංසක උන්ට මත් කුඩු හුරුකර ඉන් යැපෙන උන් ඒ වෙනුවෙන් දඬුවම් ලබන්නෙහිද?
සීගිරි කැටපත් පවුරේ කොණ්ඩ කට්ටකින් තම නම කෙටූ ඈ කල වරදට නියම කලාවූ දඬුවම් ලියා ඇති පොතේ අන් වැරදි වලට දඬුවම් සඳහන් නොවන්නේද?
එසේත් නැත්නම් ඒ පොත ඇති උන්ට එකක්, නැති උන්ට තව එකක් ලෙස පිටපත් දෙකක් ඇත්තේද?
නීතියේ දෙවඟන මේවා නොදකින්නේ ඇගේ දෑස් බැඳ ඇති නිසාවෙන්ද?
ඇති උන්ට කිඹුහුමක් ගිය විට පවා හඬ නගන කාන්තා සංවිධාන මා මෙන් ගොසිප් නොකියවනවා වන්නට ඇත. එසේ නොවුනා නම් අද උදය ශ්‍රී වෙනුවෙන් ඔවුන් හඬ නගනු ඇත.
අයුක්තියට කෑ ගහන වන් ෂොට් මේවා නොදකින්නේ උදය ශ්‍රී නැගෙනහිර පළාතේම කර්මාන්තශාලවක සේවය කරන නිසාවෙන් වන්නට ඇත.
සිංහල නොදත්, අතමිට සරු නොවන බැවින් ඈ හට මානව හිමිකම් නැතුවා වන්නට පුලුවන.
එහෙත්, සුලු වරදක් නිසා සිර ගත වූ අහිංසක ඇය වසර දෙකකට (දින 730කට ) පසුව සමාජගත වන්නේ පුරුදුකාර සිරකරුවන්ගේ අත්දැකීම සමගින් බව කාටත් අමතක වූවා වන්නට පිළිවන.
කොතනක හෝ වරදක් ඇති බවනම් සහතිකය.
ඒ වරද නිවැරදි කිරීම අපට කළ නොහැකි යැයි නුබට සිතෙනු නොඅනුමානය. එහෙත්, ඊට එරෙහිව කතා කිරීමට නොහැකියාවක් ඇතැයි මා නොසිතමි.
කණ්ඩායමක් හැදෙනුයේ එක් එක් පුද්ගලයා එකතු වීමෙනි. සිදු විය යුත්තේ එක් පොදු පිරිසිදු අරමුණක් තිබීම පමණි.
දුවන ජීවිතේ සුළු මොහොතක ලද විවේකයක පැහැදිළි මනසින් සිතන්න.
හෙට දවසේ ඒ අවස්ථාවට මුහුණ දෙන්නේ ඔබ නොවන බවට සහතිකයක් දීමට කාටත් නොහැකි බව සිත්හි තබාගන්න.
3 [113] වේයන්, මීයන් සහ නෑයන්
අකුරු කළේ
෴ මල් සුවඳක් ෴
මීයා, වේයා, නෑයා....
බැලූ බැල්මට නම් ඉතින් මේ තුන් දෙනාගෙ සමාන කමක් හිතන්න හරි අමාරුයි ටිකක්. එකම දේ මේ තුන් දෙනාම සත්තු 3 දෙනෙක්... නමට අකුරු 2යි. තුන් දෙනාගෙම නම ඉවර වෙන්නෙ "යා" කියන එකෙන්.. ඒක තමා තියෙන සමාන කම.
ටිකක් වැඩියෙන් හිතල බලමු... මොකද්ද ඇති සමාන කම..?
ඊට කලින් කියන්නම්...
මම මේ ළඟදි දවසක කුරුණෑගල ඉඳල පොල්ගහවෙලට ගිය බස් එකේ ගහල තිබුණ එක වැකියක් තදින්ම මගේ හිතට වැදුන..
ඒක දැක්කමනම් මටත් හිතුන හැබෑම නේද කියල..
ඒ වැකිය තමයි.....
"වේයයි, මීයයි, නෑයයි තමයි අපිව කන්නෙ"
වේයා - අපේ වටින කියන ගෘහභාණ්ඩ, ලිය කියවිලි කනව.
මීයා - අපිට වටින කියන ලියකියවිලි කනව.
නෑයා - අපේ අඟේ ඉඳන් කන කනව.
මේ තුන් දෙනාම මේ දේ කරන්නෙ කොහොමද? අපිට නොතේරෙන්න..
අපිට ඒ දේවල් නැති වෙලා කියල අපි දැන ගන්නකොට, ගොඩක් පරක්කු වැඩී. මොකද පිටින් ඒ දේවල් විනාශ වෙලා නෑ වගේ අපිට පේන්නෙ.
ඒත් විපරම් කරල බැලුවම...
අනේ අපොයි.... ගන්න දෙයක් නෑ
වටින කියන හැමදේම නැති වෙලා...
ඉතින්....
ප්‍රවේසමෙන්...!!!

2 [107] "බෑ.." කියවපු අයට පසු වදනක්.
අකුරු කළේ
෴ මල් සුවඳක් ෴
"බෑ.." කියන පෝස්ට් එක ලීවට පස්සෙ ඒක ලද වාචික ප්‍රතිචාර සහ සමහර පළ නොකෙරුණ ප්‍රතිචාර නිසාම මට හිතුන ඒ වෙනුවෙන් පසු වදනකුත් ලියන්න.
ගොඩක් දිග නෑ.
බෑ.. (පෝස්ට් එක කියවපු නැති අය කියවල බලන්නකො.) මම ලීවෙ, උදව්වක් ඉල්ලපු තැන බෑ නොකියා නොකර ඉන්නවට වඩා ඉල්ලූ සැනින් බැරිනම් බෑ කියා කීම අගනේ බවය.
එහිදී සමහර කෙනෙක්ට හිතෙන්න පුලුවන් යාලුවෙක්ගෙන් උදව්වක් ඉල්ලල අමාරුවෙ දානවට වඩා, ඉල්ලන්නෙම නැතුව ඉන්න පුලුවන් නේද කියල.
ඔව්. අත් දෙකම උස්සල ඔව්. ඒ මම එක දෙයක් මතක් කරන්න ඕනෙ. ඒ, මම මෙතන යාලුවො කියන්නෙ; අද හම්බෙලා, "ගුඩ් මෝනින්" කියල හිනාවෙලා යන, බස් එකේ දවසක් දෙකක් සීට් එකක් දෙන කෙනෙක්, ජීවිතේ නිකන් යන එන ගමන් හායි, බායි කියන අයට නෙවෙයි.
"යාලුවෝ" කියන දේට ලොකු අරුතක් තියෙනව. (මම මීට කලිනුත් යාලුවො ගැන කියල ඇති ඕනෙ තරම්. මම නම් ඇත්තටම එයාලට කියන්නෙ "මගේ අය" කියල.) ගොඩක් අය වරදවා ගන්නෙත් අන්න ඒකයි, එකට කෑවට, එකට ඉඳ ගත්තට, එකට වැඩ කරාටම යාලුවෙක් වෙන්නෙ නෑ. එහෙම උනොත් ඉතින් අපිට යාලුවො කියන අය කොච්චර ඉඳීද..?(මූණු පොතේ මට Friends ල 744ක් ඉන්නව. ඒත්... ඒ එයාල ඔක්කොම එක වගේද.? ඒකෙන් කී දෙනාටද මගේ උපන්දිනේ දවස මූණු පොතේ නැත්නම් සුබ පතන්න මතක් වෙන්නෙ. ටික දවසක් කිසි සද්දයක් නැති උනාම අඩුම ගානෙ පොඩි කෙටි පණිවිඩයක් දාන්න හිතන්නෙ "කොහොමද" කියල අහල.)
නෑ.. එහෙම නෑ.
යාලුවෙක් කියන්නෙ තමන්ගෙ කෙනෙක්. හිතේ තියෙන දේ කියන්න පුලුවන් කෙනෙක්. කිසිම භේදයක් නෑ ඒකට. ගෑණු-පිරිමිද, ජාති, ආගම්, කලු-සුදු කිසි භේදයක් නෑ.
ඒ අය තමන්ගෙ කෙනෙක්ට දෙයක් කරන්නෙ කවදාවත් ආපහු දෙයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි. සමහර වෙලාවට තමන්ගෙ දේවල් කැප කරල අනිත් කෙනා වෙනුවෙන උදව් කරනව. ඒත් කිසිම වෙලාවක තමන්ට නැති වෙන දේ ගැන පසු තැවෙන්නෙ නෑ. අනික තමන්ගෙ කෙනෙක් වෙනුවෙන් දෙයක් කරන්න දෙපාරක් හිතන්නෙ නෑ. (එහෙම කලාම සමහර වෙලාවට බැණුම් අහන්න, ගුටි කන්න පවා සිද්ද වෙන්න පුලුවන්. ඒත් ඒක තම යාලුකම)
කෙනෙක්ට තමන්ගෙ යාලුවෙක් වෙනුවෙන් වෙලාව නෑ කියනව නම් ඒ හරිම විහිලුවක්.
සමහර වෙලාවට තමන්ගෙ යාලුවන්ව දැනෙන වෙලාවල් තියෙනව. යාලුවට දුකක් කරදටයක් වෙලා කතා කරන්න ඕනෙ කියල හිතුන වෙලාවටම කිසිම හේතුවක් නැතුව කොල් එකක් දෙන අවස්ථා තියෙනව. අන්න ඒක තම සැබෑ යාලු කම. හරියට නිවුන්නු වගේ. (මට මගේ ජීවිතේ එහෙම අත්දැකීම් තියෙනව)
සැබෑ යාලුවන් ගොඩක් ඕනෙ වෙන්නෙ අපි සතුටින් ඉන්නවට වඩා දුකින් ඉන්න වෙලාවට. මොකද අපි වටේ ඉන්න කප්පරක් "යාලු මාලුවො" අපිට දුකක්, කරදරයක් උනාම අපි ලඟ නෑ. එක්කො බොර දියේ මාලු බාන්න හදනව. ඉතින් අන්න ඒ වගේ වෙලාවටයි තමන්ගෙ කෙනෙක් ඕනෙ වෙන්නෙ. සමහරවිට එයාට උදව් කරන්න බැරි වෙයි. ඒත් කරදරයක් නැතුව අපේ දුක අහගෙන ඉන්න පුලුවන් වෙයි. ඒකත් වටිනව සමහර වෙලාවට.
හිතන්න; වචන 5000-10000ක විතර පැවරුමක් දුම දාගෙන ලියන වෙලාවක (බාර දෙන්න තියෙන්නෙ හෙට) මගේ යාලුව මම ලියන විෂය අල බෝලයක්වත් නොදන්නව වෙන්න පුලුවන්. ඒත්, මහ රෑ මගෙ එක්ක ඒක ලියන්න, තනියට ලඟ ඉන්නවනම්... කොච්චර හයියක් වෙයිද..????
මම කතා කලේ අන්න ඒ වගේ යාලුවො ගැන.
මහ රෑ කනත්තක් ගාවින් තනියම යනකොට බය නැති වෙන්න කෝල් එකක් දුන්නම, "මම නිදි බන්" කියල කෝල් එක කට් කරන, එහෙමත් නැත්නම් කතා නොකරම ඉන්න යාලුවෙක්ට වඩා, ගෙදර යනකල් බය නැති වෙන්න කතා කරන්න යාලුවෙක් කොච්චර වටිනවද..?
මම කතා කලේ අන්න ඒ වගේ යාලුවො ගැන.
තමන්ගෙ කියල, යාලුවෙක් කියල කට පුරා කියන්න පුලුවන් කෙනෙක් ගැන.
එහෙම කෙනෙක්ගෙන් උදව්වක් ඉල්ලන්න, බැරි කමක් කියන්න හිතන්න ඕනෙ නෑ. මොකද එහෙම කෙනෙක් ගොඩක් වෙලාවට තමන්ගෙ නෑයෙක් හිතන තරම් දේවල් හිතන්නෙ නෑ තමන්ගෙ යාලුව ගැන.
වේයන් වගේ නෑයන්ට වඩා, ඒ වගේ යාලුවෙක් වටිනව.
ගොඩක් දිග නෑ.
බෑ.. (පෝස්ට් එක කියවපු නැති අය කියවල බලන්නකො.) මම ලීවෙ, උදව්වක් ඉල්ලපු තැන බෑ නොකියා නොකර ඉන්නවට වඩා ඉල්ලූ සැනින් බැරිනම් බෑ කියා කීම අගනේ බවය.
එහිදී සමහර කෙනෙක්ට හිතෙන්න පුලුවන් යාලුවෙක්ගෙන් උදව්වක් ඉල්ලල අමාරුවෙ දානවට වඩා, ඉල්ලන්නෙම නැතුව ඉන්න පුලුවන් නේද කියල.
ඔව්. අත් දෙකම උස්සල ඔව්. ඒ මම එක දෙයක් මතක් කරන්න ඕනෙ. ඒ, මම මෙතන යාලුවො කියන්නෙ; අද හම්බෙලා, "ගුඩ් මෝනින්" කියල හිනාවෙලා යන, බස් එකේ දවසක් දෙකක් සීට් එකක් දෙන කෙනෙක්, ජීවිතේ නිකන් යන එන ගමන් හායි, බායි කියන අයට නෙවෙයි. "යාලුවෝ" කියන දේට ලොකු අරුතක් තියෙනව. (මම මීට කලිනුත් යාලුවො ගැන කියල ඇති ඕනෙ තරම්. මම නම් ඇත්තටම එයාලට කියන්නෙ "මගේ අය" කියල.) ගොඩක් අය වරදවා ගන්නෙත් අන්න ඒකයි, එකට කෑවට, එකට ඉඳ ගත්තට, එකට වැඩ කරාටම යාලුවෙක් වෙන්නෙ නෑ. එහෙම උනොත් ඉතින් අපිට යාලුවො කියන අය කොච්චර ඉඳීද..?(මූණු පොතේ මට Friends ල 744ක් ඉන්නව. ඒත්... ඒ එයාල ඔක්කොම එක වගේද.? ඒකෙන් කී දෙනාටද මගේ උපන්දිනේ දවස මූණු පොතේ නැත්නම් සුබ පතන්න මතක් වෙන්නෙ. ටික දවසක් කිසි සද්දයක් නැති උනාම අඩුම ගානෙ පොඩි කෙටි පණිවිඩයක් දාන්න හිතන්නෙ "කොහොමද" කියල අහල.)
නෑ.. එහෙම නෑ.
යාලුවෙක් කියන්නෙ තමන්ගෙ කෙනෙක්. හිතේ තියෙන දේ කියන්න පුලුවන් කෙනෙක්. කිසිම භේදයක් නෑ ඒකට. ගෑණු-පිරිමිද, ජාති, ආගම්, කලු-සුදු කිසි භේදයක් නෑ.
ඒ අය තමන්ගෙ කෙනෙක්ට දෙයක් කරන්නෙ කවදාවත් ආපහු දෙයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි. සමහර වෙලාවට තමන්ගෙ දේවල් කැප කරල අනිත් කෙනා වෙනුවෙන උදව් කරනව. ඒත් කිසිම වෙලාවක තමන්ට නැති වෙන දේ ගැන පසු තැවෙන්නෙ නෑ. අනික තමන්ගෙ කෙනෙක් වෙනුවෙන් දෙයක් කරන්න දෙපාරක් හිතන්නෙ නෑ. (එහෙම කලාම සමහර වෙලාවට බැණුම් අහන්න, ගුටි කන්න පවා සිද්ද වෙන්න පුලුවන්. ඒත් ඒක තම යාලුකම)
කෙනෙක්ට තමන්ගෙ යාලුවෙක් වෙනුවෙන් වෙලාව නෑ කියනව නම් ඒ හරිම විහිලුවක්.
සමහර වෙලාවට තමන්ගෙ යාලුවන්ව දැනෙන වෙලාවල් තියෙනව. යාලුවට දුකක් කරදටයක් වෙලා කතා කරන්න ඕනෙ කියල හිතුන වෙලාවටම කිසිම හේතුවක් නැතුව කොල් එකක් දෙන අවස්ථා තියෙනව. අන්න ඒක තම සැබෑ යාලු කම. හරියට නිවුන්නු වගේ. (මට මගේ ජීවිතේ එහෙම අත්දැකීම් තියෙනව)
සැබෑ යාලුවන් ගොඩක් ඕනෙ වෙන්නෙ අපි සතුටින් ඉන්නවට වඩා දුකින් ඉන්න වෙලාවට. මොකද අපි වටේ ඉන්න කප්පරක් "යාලු මාලුවො" අපිට දුකක්, කරදරයක් උනාම අපි ලඟ නෑ. එක්කො බොර දියේ මාලු බාන්න හදනව. ඉතින් අන්න ඒ වගේ වෙලාවටයි තමන්ගෙ කෙනෙක් ඕනෙ වෙන්නෙ. සමහරවිට එයාට උදව් කරන්න බැරි වෙයි. ඒත් කරදරයක් නැතුව අපේ දුක අහගෙන ඉන්න පුලුවන් වෙයි. ඒකත් වටිනව සමහර වෙලාවට.
හිතන්න; වචන 5000-10000ක විතර පැවරුමක් දුම දාගෙන ලියන වෙලාවක (බාර දෙන්න තියෙන්නෙ හෙට) මගේ යාලුව මම ලියන විෂය අල බෝලයක්වත් නොදන්නව වෙන්න පුලුවන්. ඒත්, මහ රෑ මගෙ එක්ක ඒක ලියන්න, තනියට ලඟ ඉන්නවනම්... කොච්චර හයියක් වෙයිද..????
මම කතා කලේ අන්න ඒ වගේ යාලුවො ගැන.
මහ රෑ කනත්තක් ගාවින් තනියම යනකොට බය නැති වෙන්න කෝල් එකක් දුන්නම, "මම නිදි බන්" කියල කෝල් එක කට් කරන, එහෙමත් නැත්නම් කතා නොකරම ඉන්න යාලුවෙක්ට වඩා, ගෙදර යනකල් බය නැති වෙන්න කතා කරන්න යාලුවෙක් කොච්චර වටිනවද..?
මම කතා කලේ අන්න ඒ වගේ යාලුවො ගැන.
තමන්ගෙ කියල, යාලුවෙක් කියල කට පුරා කියන්න පුලුවන් කෙනෙක් ගැන.
එහෙම කෙනෙක්ගෙන් උදව්වක් ඉල්ලන්න, බැරි කමක් කියන්න හිතන්න ඕනෙ නෑ. මොකද එහෙම කෙනෙක් ගොඩක් වෙලාවට තමන්ගෙ නෑයෙක් හිතන තරම් දේවල් හිතන්නෙ නෑ තමන්ගෙ යාලුව ගැන.
වේයන් වගේ නෑයන්ට වඩා, ඒ වගේ යාලුවෙක් වටිනව.
2 [104] මහේල
අකුරු කළේ
෴ මල් සුවඳක් ෴
වසර 3කට පෙර ,දිනක් ක්‍රිස්ටිනා ජයවර්ධනගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලැබුණි. ඒ පකිස්තානයේ සංචාරයක නිරත වී සිටි ඇගේ සැමියා මහේල ජයවර්ධනගෙන්ය.
කට්ටියක් අපිට වෙඩි තියනවා " ....
ක්‍රිස්ටිනාට ඉන් අනතුරුව ඇසුණේ වෙඩි හඩවල් පමණි. ඇගේ නෙතගින් කදුළු වැගිරුණේ ඇයටත් නොදැනුවත්වය.
ඒ මහේලගේ දිවියේ කටුකම බියකරුම දිනයයි. ක්‍රිකට් ලොවේ තම සමීපතම සගයා කුමාර සංගක්කාරද මරණයෙන් බේරිමට උත්සහ දරන ආකාරය ඔහු දුටුවේය.
ඔහු පසු කලෙක මිතුරන් හා පැවසුවේ මෙයයි.
" මම හිතුවා එදා මම මැරෙයි කියලා "
-------------------------- -------------------------- -------------------------- --------
අද ,
වසර 30 කට අධික කාලයක් යුද්දයෙන් බැට කා ශ්‍රි ලංකාවාසීන් අද ආඩම්බරයෙන් ලෝක විස්සයි විස්ස ලෝක කුසලානය තම සුන්දර දූපතේ පවත්වයි. ශ්‍රි ලංකාව අවසාන තරගයටද සුදුසුකම් ලබා ඇත.
ශ්‍රි ලංකාවාසීන් සිනහමුසු මුහුණින් සිටියත් ඔවුන් කිසිවිටෙකත් ඔවුන්ගෙ අවාසානාවන්ත සිවිල් යුද්ධය සිතින් අමතක කර නොමැත.
ඔවුන් අද ලොවටම පවසන්නෙ ඔවුන් සිටිය ආකාරත් අද සිටින ආකරයත්ය.
අවසන් තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණය ලබා දුන්නේ කොටි සංවිධානය විසින් ඝාතනය කල හිටපු ශ්‍රි ලංකා ජනපති රණසිංහ ප්‍රේමදාසය.
යුද්ධයෙන් පසු ශ්‍රි ලංකා ජනතාවට නැවත සතුටු විය හැකි ආරංචිය බොහෝ දුරට මෙම ලෝක කුසලානය වීමට ඉඩ තිබේ. එය මේ ඉරිදා තීරණය වනු ඇත.
එහෙත් ශ්‍රි ලාංකීය ජනතාව ඔවුන්ගේ ක්‍රිකට් නායකයා ගැන ආඩම්බර විය යුතුය. ඒ ඇයි ?
-------------------------- -------------------------- -------------------------- -------
අවසාන පුර්ව තරගයට පෙර මහේල සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයෙ තේ පානය කරමින් සිටියේය. හැමෝම ඔහු දෙස බලයි.
එහෙත් ඔවුන්ගෙ සගයන්වත් ඔහු සමග කතා කිරීමට උත්සහ නොකරයි.
ක්‍රිස්ටිනා පමණක් ලගට වී නිහඩව සිටියි. ඒ මහේල තේ පානයට එතරම් කැමති බැවිනි. සංගා නම් පැමිණ කුමක්දෝ පවසයි.
මහේල අත් ඔරලෝසුව දෙස බලයි. තම සගයින් හා එක්වී පුහුණු වීම්
කටයුතු වලට යායුතුය.
මෙම සිදුවීම් අතර මහේල , ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිතයන් හට වැදගත් දෙයක් පැවසා තිබුණි.
" මට අවුරුදු 35යි. අවුරුදු 6, 7 ඉදන් යුද්ධය කියනදේ ගැන අහ අහ ජීවත් වුනේ. මගෙ රටේ මිනිස්සු හැමෝම එහෙමයි. දැන් තියෙන්නෙ අපි හිනා වෙන කාලය. "
මහේලගෙ පාසල් මිතුරන් කිහිපදෙනෙක්ද බෝම්බ් වලට අසුවී මිය ගොස් ඇත.
-------------------------- -------------------------- -------------------------- --------
මහේලගෙ මිතුරෙක් වන සංජීව ජයවර්ධන මෙසේ පවසයි.
" මහේල සාමාන්‍ය පවුලක කෙනෙක්. එයාට මල්ලි කෙනෙක් හිටියා දිශාල් කියලා. දිශාල්ට අවුරුදු 16 දී පිලිකාවකට ගොදුරු වෙන්න සිද්ද වුනා.
මහේලගෙ තාත්තා එයාව බේර ගන්න හැමදේම වික්කා.හැමදේම.
ගෙදර තිබ්බ බඩු පවා. එත් වැඩක් වුනේ නෑ. දිශාල් නැති වුනා. විශ්වාස කරන්න , මහේලගෙ ගෙදරට අන්තිමට ටී.වී. එකක්වත් තිබ්බෙ නෑ.
මහේලට ඉතිරි උනේ එයා හුගක් ආදරේ කරපු බැට් එකයි , සපත්තු දෙකයි විතරයි. ඊට පස්සෙ මහේලට ක්‍රිකට් ගහන්න ආසවක් තිබ්බේ නෑ.
එයා ක්‍රිකට් ගහන අත අරින්න් යද්දි යාලුවො තමයි බල කරලා පුහුණුවීම් වලට ගෙන්න ගත්තෙ."
අද මහේල යනු ලංකාවෙන් බිහිවුණ සුපිරිතම පිතිකරුවා. ලෝක ක්‍රිකට් වලත් එදා මෙදා තුර සිටි , තවමත් සිටින සුපිරිම පිතිකරුවන් කිහිපදෙනා අතර අයෙක්.
මහේල වැඩසටහන්වලට මුහුණ දීමට අකමැති තම මියගිය සොහොයුරා ගැන කතා කිරීම තරම් තවත් කටුක දෙයක් ඔහුගෙ ජිවිතේ නොමැති නිසයි.
ඔහුගෙ අලුත් මිතුරන් දිශාල් ගැන දන්නෙ ඔහු මියගිය බව පමණි.
ඔහු එම මාතෘකාව තුලදී එතරම් නිහඩය. බොහෝදෙනෙක්
නොදන්න තවත් දෙයක් තිබේ.
ඒ ඔහු යන යන තැන තම සොහොයුරාගේ පින්තූරයක් රැගෙන යන බවයි.
ඔහුට දිශාල් පින්තූරක් තුල හෝ ජීවමානව සිටිනු බව සිතමින් ඔහු සතුටු වේ.
මහේල අසරණ රෝගින්ට කරන උදව් ලංකාවෙ ජනතාවත් දන්නවාදැයි සැකයක් උපදියි.
-------------------------- -------------------------- -------------------------- -------
මහේල පලමු වතාවට ශ්‍රි ලංකා කණ්ඩායමේ නායකයා වූ කාලයේ දිනක් සිය මිතුරෙකු සමග මළගෙදරක යමින් සිටියේය.
පොලිස් මුරපොලක් ඔවුන්ගේ වාහනය නැවත්විය. මේ සිදු වුයේ රාත්‍රියේ නිසා පොලිස් නිලධාරියාට මහේල හදුනාගැනීමට නොහැකි විය.
"උඹ කවුද කියලා කියපන් " එ මහේලගෙ මිතුරයි.
" මට බෑ " ඒ මහේලගෙ පිලිතුරයි.
" හැදුනුම්පත දෙන්න " පොලිස් නිලධාරියා පැවසුවේය.
මහේලගෙ හැදුනුම්පතේ නම සදහන් වී ඇත්තෙ දෙනගමගෙ ප්‍රබෝත් මහේල ද සිල්වා ජයවර්ධන යනුවෙනි.
එබැවින් පොලිස් නිලධාරියාට පමණක් නොව ඕනෑම අයෙකුට මේ මහේල ජයවර්ධන යයි එක පාරටම හදුනා ගැනීමට් අපහසුය. මහේල නිහඩවම සිටියේය.
" මම ක්‍රිකට් ටීම් එකේ නායකයා වුනාට එයා කරන්නෙ එයාගෙ ඩියුටිය. " මහේල පැවසුවේය.
ශ්‍රි ලාංකිකයනි , ඔබ නොදන්න ඔබේ ක්‍රිකට් නායකයා එවැනි චරිතයකි.
( Wright Thompson නම් විදේශිය ලේඛකයා පලකල ලිපියක් ඇසුරෙනි./ පරිවර්තනය:Elakiri.com හී සහෝදරයෙකු විසින් )
ක්‍රිස්ටිනාට ඉන් අනතුරුව ඇසුණේ වෙඩි හඩවල් පමණි. ඇගේ නෙතගින් කදුළු වැගිරුණේ ඇයටත් නොදැනුවත්වය.
ඒ මහේලගේ දිවියේ කටුකම බියකරුම දිනයයි. ක්‍රිකට් ලොවේ තම සමීපතම සගයා කුමාර සංගක්කාරද මරණයෙන් බේරිමට උත්සහ දරන ආකාරය ඔහු දුටුවේය.
ඔහු පසු කලෙක මිතුරන් හා පැවසුවේ මෙයයි.
" මම හිතුවා එදා මම මැරෙයි කියලා "
--------------------------
අද ,
වසර 30 කට අධික කාලයක් යුද්දයෙන් බැට කා ශ්‍රි ලංකාවාසීන් අද ආඩම්බරයෙන් ලෝක විස්සයි විස්ස ලෝක කුසලානය තම සුන්දර දූපතේ පවත්වයි. ශ්‍රි ලංකාව අවසාන තරගයටද සුදුසුකම් ලබා ඇත.
ශ්‍රි ලංකාවාසීන් සිනහමුසු මුහුණින් සිටියත් ඔවුන් කිසිවිටෙකත් ඔවුන්ගෙ අවාසානාවන්ත සිවිල් යුද්ධය සිතින් අමතක කර නොමැත.
ඔවුන් අද ලොවටම පවසන්නෙ ඔවුන් සිටිය ආකාරත් අද සිටින ආකරයත්ය.
අවසන් තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණය ලබා දුන්නේ කොටි සංවිධානය විසින් ඝාතනය කල හිටපු ශ්‍රි ලංකා ජනපති රණසිංහ ප්‍රේමදාසය.
යුද්ධයෙන් පසු ශ්‍රි ලංකා ජනතාවට නැවත සතුටු විය හැකි ආරංචිය බොහෝ දුරට මෙම ලෝක කුසලානය වීමට ඉඩ තිබේ. එය මේ ඉරිදා තීරණය වනු ඇත.
එහෙත් ශ්‍රි ලාංකීය ජනතාව ඔවුන්ගේ ක්‍රිකට් නායකයා ගැන ආඩම්බර විය යුතුය. ඒ ඇයි ?
--------------------------
අවසාන පුර්ව තරගයට පෙර මහේල සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයෙ තේ පානය කරමින් සිටියේය. හැමෝම ඔහු දෙස බලයි.
එහෙත් ඔවුන්ගෙ සගයන්වත් ඔහු සමග කතා කිරීමට උත්සහ නොකරයි.
ක්‍රිස්ටිනා පමණක් ලගට වී නිහඩව සිටියි. ඒ මහේල තේ පානයට එතරම් කැමති බැවිනි. සංගා නම් පැමිණ කුමක්දෝ පවසයි.
මහේල අත් ඔරලෝසුව දෙස බලයි. තම සගයින් හා එක්වී පුහුණු වීම්
කටයුතු වලට යායුතුය.
මෙම සිදුවීම් අතර මහේල , ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිතයන් හට වැදගත් දෙයක් පැවසා තිබුණි.
" මට අවුරුදු 35යි. අවුරුදු 6, 7 ඉදන් යුද්ධය කියනදේ ගැන අහ අහ ජීවත් වුනේ. මගෙ රටේ මිනිස්සු හැමෝම එහෙමයි. දැන් තියෙන්නෙ අපි හිනා වෙන කාලය. "
මහේලගෙ පාසල් මිතුරන් කිහිපදෙනෙක්ද බෝම්බ් වලට අසුවී මිය ගොස් ඇත.
--------------------------
මහේලගෙ මිතුරෙක් වන සංජීව ජයවර්ධන මෙසේ පවසයි.
" මහේල සාමාන්‍ය පවුලක කෙනෙක්. එයාට මල්ලි කෙනෙක් හිටියා දිශාල් කියලා. දිශාල්ට අවුරුදු 16 දී පිලිකාවකට ගොදුරු වෙන්න සිද්ද වුනා.
මහේලගෙ තාත්තා එයාව බේර ගන්න හැමදේම වික්කා.හැමදේම.
ගෙදර තිබ්බ බඩු පවා. එත් වැඩක් වුනේ නෑ. දිශාල් නැති වුනා. විශ්වාස කරන්න , මහේලගෙ ගෙදරට අන්තිමට ටී.වී. එකක්වත් තිබ්බෙ නෑ.
මහේලට ඉතිරි උනේ එයා හුගක් ආදරේ කරපු බැට් එකයි , සපත්තු දෙකයි විතරයි. ඊට පස්සෙ මහේලට ක්‍රිකට් ගහන්න ආසවක් තිබ්බේ නෑ.
එයා ක්‍රිකට් ගහන අත අරින්න් යද්දි යාලුවො තමයි බල කරලා පුහුණුවීම් වලට ගෙන්න ගත්තෙ."
අද මහේල යනු ලංකාවෙන් බිහිවුණ සුපිරිතම පිතිකරුවා. ලෝක ක්‍රිකට් වලත් එදා මෙදා තුර සිටි , තවමත් සිටින සුපිරිම පිතිකරුවන් කිහිපදෙනා අතර අයෙක්.
මහේල වැඩසටහන්වලට මුහුණ දීමට අකමැති තම මියගිය සොහොයුරා ගැන කතා කිරීම තරම් තවත් කටුක දෙයක් ඔහුගෙ ජිවිතේ නොමැති නිසයි.
ඔහුගෙ අලුත් මිතුරන් දිශාල් ගැන දන්නෙ ඔහු මියගිය බව පමණි.
ඔහු එම මාතෘකාව තුලදී එතරම් නිහඩය. බොහෝදෙනෙක්
නොදන්න තවත් දෙයක් තිබේ.
ඒ ඔහු යන යන තැන තම සොහොයුරාගේ පින්තූරයක් රැගෙන යන බවයි.
ඔහුට දිශාල් පින්තූරක් තුල හෝ ජීවමානව සිටිනු බව සිතමින් ඔහු සතුටු වේ.
මහේල අසරණ රෝගින්ට කරන උදව් ලංකාවෙ ජනතාවත් දන්නවාදැයි සැකයක් උපදියි.
--------------------------
මහේල පලමු වතාවට ශ්‍රි ලංකා කණ්ඩායමේ නායකයා වූ කාලයේ දිනක් සිය මිතුරෙකු සමග මළගෙදරක යමින් සිටියේය.
පොලිස් මුරපොලක් ඔවුන්ගේ වාහනය නැවත්විය. මේ සිදු වුයේ රාත්‍රියේ නිසා පොලිස් නිලධාරියාට මහේල හදුනාගැනීමට නොහැකි විය.
"උඹ කවුද කියලා කියපන් " එ මහේලගෙ මිතුරයි.
" මට බෑ " ඒ මහේලගෙ පිලිතුරයි.
" හැදුනුම්පත දෙන්න " පොලිස් නිලධාරියා පැවසුවේය.
මහේලගෙ හැදුනුම්පතේ නම සදහන් වී ඇත්තෙ දෙනගමගෙ ප්‍රබෝත් මහේල ද සිල්වා ජයවර්ධන යනුවෙනි.
එබැවින් පොලිස් නිලධාරියාට පමණක් නොව ඕනෑම අයෙකුට මේ මහේල ජයවර්ධන යයි එක පාරටම හදුනා ගැනීමට් අපහසුය. මහේල නිහඩවම සිටියේය.
" මම ක්‍රිකට් ටීම් එකේ නායකයා වුනාට එයා කරන්නෙ එයාගෙ ඩියුටිය. " මහේල පැවසුවේය.
ශ්‍රි ලාංකිකයනි , ඔබ නොදන්න ඔබේ ක්‍රිකට් නායකයා එවැනි චරිතයකි.
( Wright Thompson නම් විදේශිය ලේඛකයා පලකල ලිපියක් ඇසුරෙනි./
මගේ පසු වදන :
මා මෙහි කිසිවක් වෙනස් නොකලෙමි. අද මූණු පොතේ මේ ලිපිය කියවූ මට මහේල ගැන ආඩම්බරයක් ඇති වුනි. ඒ වෙන කිසිවක් නිසා නොවන්නට ඇත. මේ නිහතමානී ආඩම්බරකාරයා පිළිකාවෙන් පීඩා විඳින පොඩි උන් වෙනුවෙන් යාපනයේ ගොඩනගන්නට යන පිළිකා රෝහල වෙනුවෙන් මුදල් එකතු කරන්නට ගිය පා ගමනේ අපි සමගම හවුල් කාරයෙක් වූ බැවිනි. මා අද මේ ලිපිය කිවන තුරුම මහේලගේ සොයුරු දිශාල් ගැන දැන නොසිටියෙමි.
ඇමතිගේ රෙදි හෝදන එකාද ඇමතිගේ නම විකුනා පහසුකම් බුක්තිවිඳින අපේ රටේ මහේල වන් නායකයන් තව බිහි වන්නට තරම් අපි වාසනාවන්තද..?
5 [102] බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාවිති...
අකුරු කළේ
෴ මල් සුවඳක් ෴
දැනට
අවුරුදු 5කට කලින් ඒ කියන්නෙ 2007 අගෝස්තු මාසෙ 7 වෙනිද මේ මූණු පොතට ආව
මම 2008 අප්‍රේල් මාසෙ මව්බිමෙන් චුට්ටක් ඈත් වෙච්ච නිසා ගොඩාක් මූණු පොතට
ඇබ්බැහි උනා. ඇත්තටම ඒ හින්දම ගොඩක් සමීපතම යාලුවො, කාලෙකින් (අවුරුදු
10-12කට විතර පස්සෙ) නොදැකපු දයාබර සමීපතම යාලුවො, ගොඩක් කිට්ටු උනා. කාත්
කව්රුවත් නැතුව ඉන්නකොට ඒක ලොකු ශක්තියක් උනා. ඇත්තටම ඒ වෙනුවෙන් අදටත් මම
මූණු පොතට ස්තුති කරනව හද පිරි සතුටින්.
අද 2012 සැප්තැම්බර් 15. මම මූණු පොතට ඇවිත් අවුරුදු 5යි, මාස 1යි, දවස් 8යි. මේ වෙනකොට මගෙ යාලුවො ලැයිස්තුවෙ 808 දෙනෙක් ඉන්නව.
ඒත් ඇත්තටම හිතට හරි දුකක් දැනෙනව.
ඒ....අවුරුදු 5යි, මාස 1යි, දවස් 8ට කී දෙනෙක් නම් දුරස් වෙලාද... නමට
මිතුරු ලැයිස්තුවෙ හිටියත්, ඉඳල හිටල හරි "කොහොමද" කියල අහන අය කී දෙනාද
ඉන්නෙ..?
ඒත් ඔය 808 දෙනාම දවසෙ කොයිම හරි මොහොතක මූණු පොතට ගොඩවෙනව.
උදේ, දවල්, රෑ, මහ පාන්දර, ගමනක් යන ගමන්, ඔය කොයිම හරි වෙලාවක.. ඒ තමයි
ඇත්ත. ඒත් ගොඩවෙන වෙලාව අනිත් අයගෙන් හංගන්න මේ අපූරු මූණු පොත හොයාගත්ත
Mark Zuckerberg ඇතුළු කණ්ඩායමම ක්‍රම හදල තියෙන නිසා "තමන්ගෙ අයට" හොරෙන්
මේ පැත්තෙ ගොඩවෙලා වෙන්නෙ මොනවද කියල බලල කැමති කෙනෙක්ට කතා කරල, පොඩි
"ලයික්" එකක් දාල හොරෙන්ම යන්න පුලුවන් වෙලා තියෙනව....
ඔන්න ඕකයි ඇත්ත කතාව.
මටනම් හිතෙන්නෙ "මිතුරෙක්/මිතුරියක්" කියල කියන්නෙ ලැයිස්තුවක පිටස්තර ලෝකෙට පේන්න
ඉන්නවට වඩා වැඩි අර්ථයක් තියෙන, වටිනාකමක් තියෙන කෙනෙක්. දෙවියන් හා සමාන
චරිතයක්.
"මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පැවතී
බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාවිති.."
Subscribe to:
Posts (Atom)