ඉන්න ඇත්තො

0 "සොබා" සිත් විනිවිද නිවහනට.....

"සොබා"  එක්ක මේච්චර දවසක් හිටිය ඔයගොල්ලො හැම කෙනෙක්ටම ගොඩාක් ස්තුතියි....

අද ඉඳන් මම මගේ පුරුදු නිවහනට "සිත් විනිවිද"ට පදින්චියට යන්න තීරණය කලා.... මුල ඉඳන්ම පරිසරයට මුල් තැනක් දෙන්න ඕනෙ නිසයි මගේ පුරුදු නිවහනෙන් පිටස්තරව හිටියෙ...

ඒත් මට හිතුන, අපි කොහේ, කොහොම හිටියත් අපිට ආදරේ කරන අය හැමදාමත් අපි ලඟ ඉන්නව කියල... 

ඒක නිසා මම අන්තිමේ තීරණය කලා දෙවහලක් යට ඉන්නවට වඩා, එක වහලක් යට ඉන්න එක ශක්තියක් කියල...


මම ලියපු දේවලවත්, පරිසරයට දුන්න මුල්තැනවත් වෙනස් වෙන්නෙ නෑ.... මට ආදරේ, මගෙ ළඟින් ඉන්න හැම කෙනෙක්ම දන්නව "ලොකේ වෙනස් නොවන එකම දේත්" නොවන කෙනෙක් කියල මම.... 
(ගොඩක් ණුවන තියන අයනම් කියල තියෙන්නෙ එහෙම අය ලෝකයේ පවතින්නෙ නෑ කියලයි..)


ඒත්, එකම වෙනස ඉස්සර මගේ සිත විනිවිද දකින්න මගේ නිවහනට ගොඩ වෙන අයට, පරිසරයට ආදරේ කලානම් පිලියක් කියවන්න තවත් නිවහනකට යන්න උනා.. අද ඉඳන් එකම නිවහනකදි, පරිසරයට ආදරේ කරන්නත්, මගේ සිත විනිවිද දකින්නත් ඔයාලට පුලුවන්....

මම හිතනව ඔයාල මම ලියන දේවල් අගයන්න හරි, විවේචනය කරන්න හරි මගේ පුංචි නිවහනට ගොඩවැදේවි කියල..


ඔයාලගෙන් හම්බෙන පුංචි අගේ කිරීමක්, විවේචනයක් මට ගොඩක් උදව් වෙයි ඉදිරියට යන්න....ශක්තියක් වෙයි...

0 මගේ අලුත් නිවහන...

සොබා එක්ක මේච්චර දවසක් හිටිය ඔයගොල්ලො හැම කෙනෙක්ටම ගොඩාක් ස්තුතියි....
අද ඉඳන් මම මගේ පුරුදු නිවහනට "සිත් විනිවිද"ට පදින්චියට යන්න තීරණය කලා.... මුල ඉඳන්ම පරිසරයට මුල් තැනක් දෙන්න ඕනෙ නිසයි මගේ පුරුදු නිවහනෙන් පිටස්තරව හිටියෙ...

ඒත් මට හිතුන, අපි කොහේ, කොහොම හිටියත් අපිට ආදරේ කරන අය හැමදාමත් අපි ලඟ ඉන්නව කියල... 

ඒක නිසා මම අන්තිමේ තීරණය කලා දෙවහලක් යට ඉන්නවට වඩා, එක වහලක් යට ඉන්න එක ශක්තියක් කියල...


මම ලියපු දේවලවත්, පරිසරයට දුන්න මුල්තැනවත් වෙනස් වෙන්නෙ නෑ.... මට ආදරේ, මගෙ ළඟින් ඉන්න හැම කෙනෙක්ම දන්නව "ලොකේ වෙනස් නොවන එකම දේත්" නොවන කෙනෙක් කියල මම.... 
(ගොඩක් ණුවන තියන අයනම් කියල තියෙන්නෙ එහෙම අය ලෝකයේ පවතින්නෙ නෑ කියලයි..)


ඒත්, එකම වෙනස ඉස්සර මගේ සිත විනිවිද දකින්න මගේ නිවහනට ගොඩ වෙන අයට, පරිසරයට ආදරේ කලානම් පිලියක් කියවන්න තවත් නිවහනකට යන්න උනා.. අද ඉඳන් එකම නිවහනකදි, පරිසරයට ආදරේ කරන්නත්, මගේ සිත විනිවිද දකින්නත් ඔයාලට පුලුවන්....

මම හිතනව ඔයාල මම ලියන දේවල් අගයන්න හරි, විවේචනය කරන්න හරි මගේ පුංචි නිවහනට ගොඩවැදේවි කියල..

ලිපිනය - http://sithvinivida.blogspot.com/

ඔයාලගෙන් හම්බෙන පුංචි අගේ කිරීමක්, විවේචනයක් මට ගොඩක් උදව් වෙයි ඉදිරියට යන්න....ශක්තියක් වෙයි...

3 365 න් තවත් එක දවසක්.....





පින්තූරෙ දකිනකොටම හිතාගන්න පුලුවන් වෙයි මොකද්ද කියන්න යන්නෙ කියල.
අවුරුද්දෙ දවස් 365න් තව එක දවසක් වෙන් කරල.... ඒ "ලෝක ජල දිනය" වෙනුවෙන් මාර්තු මාසෙ 22 වෙනිද..
හොඳ දෙයක්. මෙවර ප්‍රධාන උත්සවය පැවැත්වෙන්නෙ දකුණු අප්‍රිකාවෙ කේප් ටවුන් වල..
ඒකත් හොඳයි.... අවුරුද්දෙ දවස් 364ක්ම බොන්න තියෙන වතුර ටිකත් නාස්ති කරන අපිට, අඩුම ගානෙ එක දවසක් හරි වතුර වෙනුවෙන් වෙන් කරල, මොකක් හරි නාඩගමක් නටල, සල්ලි ටිකක් නාස්ති කරන්න එපායැ. නැත්නම් ඒකෙ කිසි ගතියක් නෑ.
අපි ලෝක කාන්තා දිනය මහ උජාරුවට සමරනව මාර්තු 8 වෙනිදට...හැබැයි අනිත් දවස් 364දිම, කාන්තාවන් සෙල්ලම්බඩු ගානට තමා සැලකීම.. පාරෙ බැහැල තනියම ගමනක්, බිමනක් යන්න බෑ... අපේ කාටත් උදව් කරන "ටුක් ටුක්" අයියලගෙ ඉඳල, රටේ නීතිය රකින අය පවා කරන්නේ කාන්තාවන්ටප්‍රසිද්දියෙ වචනෙන් හරි අතවර කරන එක... ඉතින් උජාරුවට අවුරුද්දෙ එකම එක දවසක් මලක් දීල, පෙළපාලියක් ගිහින් කාන්තා දිනේ සලකනව.... 
ඕක තමා ඉතින් අපේ ඔය දින සැමරුමේ අරුමේ.... ඒකයි මම කීවෙ ඉතින් එක දවසක සැමරුමකට වඩා, හැමදාමත් අපිට පුලුවන්නම් ඔය දේවල් කරන්න.... ඒකයි වටින්නෙ...
අපි කීයෙන් කී දෙනාද, පාරක තියෙන කරාමෙකින් වතුර ටිකක් අහක යනකොට ඒක වහල දාන්නෙ...? එහෙමත් නැත්නම් ජලනලයක් කැඩිල වතුර ටිකක් අහක යනකොට අදාල තැනකට ඒක දැනුම් දෙන්නෙ.. ඒ බැරි කම නෙවෙයි... අපිට වැඩක් නෑ... අපිට එන වතුර ටික නෙවෙයිනෙ... එහෙමත් නැත්නම් අපි වතුර ගන්නෙ අපේ ගෙදර ළිඳෙන්නෙ... ටැප් වතුර අපි බොන්නෙ නෑනෙ..
ඕක තමා අපිට දැනෙන එකම හැඟීම...
හරි උජාරු හැඟීමක් නේද....?
ඉස්සර රජවරු විතරයි හිතුවෙ අහසෙන් වැටෙන එක දිය බිඳක්වත් ප්‍රයෝජනයට නොගෙන මුහුදට යන්න දෙන්න හොඳ නෑ කියල...
අද අපි හිතන්නෙ, "මගෙ තිබහ නැති කරගන්න මට වතුර තිබුනොත් ඒ ඇති" කියලයි...


හැබැයි ඉතින්, ඇඳුමක් වගේ දෙයක්නම් අපි අපේ සල්ලි වලින් කඩෙන් අරන් පාවිච්චි කරනව වගේ වතුරත් කඩේ බෝතල් කරල තියෙන නිසා අරන් බොන්න පුලුවන් සල්ලි තියෙනවනම්.. 
ඒත් හිතන්න ඕනෙ එක දෙයක් තියෙනව... ඒක ටිකක් විතර බරපතලයි...

අපි, කඩෙන් බෝතල් අරන් බීවත්, ගෙදර ළිඳෙන් අරන් බීවත්, ටැප් එකේ එන වතුර බීවත්, අපේ මහ පොළවෙන් අපිට දායාද කරල තියෙන වතුර ටික තමයි අපි බොන්නෙ...
අපි මේ කරන විදියට හැමදාමත් ගියොත්, බොන්න වතුර ටිකක් නැතුව, වතුරටත් මිනී මරාගන්න කාලෙ වැඩි ඈතක නෙවෙයි..
මේ ලෝක ජල දිනේටවත්, අපිට වතුර එන විදිය කොහොම උනත්, ජල සම්පත පරිස්සම් කරන්න... ජල උල්පත් රැක ගන්න... පුංචි හරි අධිශ්ඨානයක් කරගන්න ලොකු-පොඩි, ඇති-නැති අපි හැමෝටම පුලුවන්නම්, තව චිරාත් කාලයක් අපේ මිහිකත අපිට අනුකම්පා කරාවි.. 
ඒත්..... 
ඒ අනුකම්පාව ලබන්න අපි තවමත් ලෑස්තිද....?

2 හිතුවක්කාර සිත......

















වරක්, දෙවරක්..
නොවෙයි සිය දහස් වාරයක්
මා නුඹට "එපා" කීවා...
ඒ....
එපා හින්දම නෙවෙයි
නුඹට ඉවසන්න බැරි හින්ද..
දරා ගන්න බැරි හින්දමයි..

වෙරළ ගිලගන්න තරම් 
නැගෙන මහ රළ
පුංචි පුංචි 
කඳුලු බිඳු වෙලා යන හැටි
බලාගෙන..
කොච්චරනම් නුඹ,
කඳුලු සලන්න ඇද්ද....?
ඒ, 
සැනසෙන්න මිසක
රිදවන්න 
නෙවෙයි කියල නොදන්නව නෙවෙයි..


ඒත්
"එපා" කියන දේම 
කරන මම,
නුඹට කොහොමනම් 
"එපා" කියම්ද...

මගේ හිතුවක්කාර සිත...

3 නිව්ටන්ට වැරදිලාද.....?

නිව්ටන්ට වැරදිලාද...?
සෑම ක්‍රියාවකටම සමාන වූත්, 
ප්‍රතිවිරුද්ද වූත් 
ප්‍රතික්‍රියාවක් තියේවිලු..
ඒත්.....
ආදරේට.......?

1 ලොකු උන්ට අවැසි කලු දුම......

ඊයේ දිනය (අපිට සිකුරාදා) ජපානයට, ආසියාවට පමණක් නෙවෙයි, මුල ලොකයටම වැදගත් වෙච්ච, අවාසනාවන්ත දවසක්.. ඒ ජපානයේ ටෝකියෝ නගරයට ආසන්නව රික්ට මාපක 8.9ක් සටහන් කරමින් සිදු වූ භූමි කම්පාව හා ඒ සමගම ඇති වූ සුනාමි තත්වයත් නිසාය...2004 දෙසැම්බර් මාසෙ 26 වෙනිදා අපේ රටත් ඔය වගේම අවාසන්නාවන්ත සිද්දියකට මූණදුන්න. 
හැබැයි පොඩ්ඩක් හරි සැනසෙන්න පුලුවන් එක කාරණයක් තියෙනව. ඒ එදා අපේ රටේදි සිද්ද වෙච්ච ජීවිත හානි වලට වඩා සිද්ද වෙච්ච ජීවිත හානි ප්‍රමාණය අවම කර ගන්න ජපානයට පුලුවන් උනා. ඒ මම දකින විදියට, අපිට වඩා අනතුර කලින් අඳුනගෙන, ඊට මූණදෙන්න ජපානයට හැකි වෙච්ච නිසායි.

කතාව ගොඩක් දික් උනොත් මේක කියවන්න කම්මැලි වෙන නිසා, කෙටියෙන් කියන්නම් අද කතාව. 
දේවාලෙ කපුව අතිනි වැරදි උනාම, දෙවියන් කෝප වෙන්නෙ නැද්ද කියන එකයි මගෙ ප්‍රශ්නෙ...
කතාවට අදාල සිද්දිය උනෙත් ඊයෙ උදේමයි. ඒ කියන්නෙ සිකුරාදා උදෙ. රාජකාරි කටයුත්තකට මම උදෙන්ම හංවැල්ල බලා යන්න පිටත් උනා. මගෙ තියෙන නරක පුරුද්දක් නිසා ටිකක් කලබලෙන් තමයි යන්න උනෙ..(පරක්කු වෙලානෙ ගමන පටන් ගත්තෙ)  
පොඩි අතුරු කතාවක්.. 
මේක කියවන ඔයාල දැකල ඇති මගතොට යන එන කොට "Drive Green" කියල ගහපු, විනාඩි 5න් දුම් පරීක්ෂා කර තැන්. මේක කරන අයගෙ දැක්ම (Vision) තමයි 2020දි නිරෝගිමත් ජාතියක් ඇති කරන එක. ශ්‍රී ලංකා රජයේ අවශ්‍යතාවය මත මේ දුම් පරීක්ෂාව වාහන ලියාපදිංචියෙදි අනිවර්ය වෙනව.. සෑම අවුරුද්දකම බලපත් අලුත් කිරීමේදී නැවත, නැවතත් මෙය සිදු කල යුතුයි. ඒක සියලුම වාහන සඳහ අනිවාර්ය දෙයක්.දැන් මමත් ඔය පරීක්ෂාව කලා අවුරුදු දෙකක්ම.. 
අරමුණ තමයි වයුගෝලයට අහිතකර වායු නිකුත් කරන වාහන භාවිතයෙන් ඉවත්කිරීම.. ඒ කියන්නෙ එක්කො කලු දුම දාන වාහන හදා ගන්න ඕනෙ.. නැත්නම් අයින් කරන්න ඕනේ...
අනේ දෙවියනේ, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උතුම් අරමුණක්. පරිසර හිතකාමී, ජනහිතකමී අරමුණක්.... කවුරු කලා උනත්, මල් තියල වඳින්න ඕනෙ, අගේ කරන්න ඕන වැඩක්... ඇයි දෙවියනේ නැත්නම් අපි පාරෙ බැහැල යනකොට කොච්චරනම් කලු දුම බොන්න ඕනෙද.... (මේ කියන්නෙ අර සල්ලි දීල බොන නිකොටින් නෙවෙයි.. නොමිලෙ හම්බෙන කාබන් මොනොක්සයිඩ් ගැන)
හොඳ දේ කොහොමත් අගය කරන්න ඕනෙ... කවුරු කලා උනත් පන්කාදු පහයි..දැන් අවුරුදු 3ක් -4ක් විතරනෙ පටන් අරන්... තරමක් දුරට හරි කලුදුම තියෙන වාහන අඩු වෙලා ඇති.
ඒක එහෙම තියෙද්දි දැන් අර මම හංවැලෙ ගිය කතාව අයෙ ගමුකො. ඉතින් මම යනව පාදුක්ක එහෙම පහු කරගෙන.උදේ නිසත්, නගරබද හරිය පහු උන නිසත්, ස්වභාවික හුලන් ටිකක් වදින්න වීදුරු ඇර ගත්ත මම... අනේ ටික දුරයි යන්න හම්බුනෙ... මගේ ඉස්සරහෙන් කෙසෙල් ඉදවන්න දුමක් ගහනව කියලයි මට මුලින්ම හිතුනෙ... මොකද පාර පේන්නෙ නැති ගානට දුම.. කිට්ටු කරන්නත් බෑ.. ඒ තරමට දුම.. කිව්වට විස්වාස කරන්නෙ නෑ ඒ වාහනේ මොකද්ද කියල බලා ගන්න මට සෑහෙන දුකක් විඳින්න උනා..
මගෙ තව නරක පුරුද්දක් (වාහනේ එලවන ගමන් ඡායාරූප ගන්න එක) නිසා ඔයාලට පෙන්නන්න මේ ඡායාරූප දෙක ගන්න පුලුවන් උනා. බලන්න... ගොඩක් පැහැදිලි නැතුව ඇති... එක හේතුවක් ඒ වාහනේ දුම... අනික තමයි ඒ වාහනේට ගොඩක් කිට්ටු වෙන්න බැරි කම..
ඔය වාහනේ කිසිම කෙනෙක්ට ඉස්සර වෙන්න දෙන්නෙත් නැතුව, කිසිම මර්ග නීතියක් පිළිපදින්නෙත් නැතුව සෑහෙන දුරක් ගියා...
වාහනය අයත් උනේ අපේ රටට ලොකු සේවයක් කරන ආයතනයකට.. (ඒක ආයතනයක්ද, නැත්නම් සේවාවක්ද කියන්න හරියටම දන්නෙ නෑ.. ඒත් රටට ලොකු සේවයක් කල තැනක්)

මම මීට කලිනුත් කිහිප වතාවක් බොරැල්ල, පාර්ලිමේන්තුව ආසන්න ප්‍රදේශ වලදි මේ වගේ කලු දුම දාන වාහන දැකල තියෙනව... අවාසනාව කියන්නෙ ඒ හැම වාහනයක්ම රජයේ ප්‍රධාන පෙළේ ආයතන වලට අයත් ඒව.
මට තියෙන ප්‍රශ්නෙ මේකයි....
දේවාලෙ කපුව අතින් වෙන වැරදි වලටනම් දෙවියො කෝප වෙන්නෙ නෑ. මොකද උදේ හවා ආවතේව කරන නිසා... 
ඒත්.....
මේ වාහන රජයේ ආයතන වලට අයිති නිසාම, 
ඒවයෙන් පිට වෙන දුම පරිසරයට අහිතකර නැද්ද...??????
වාහන ලියා පදිංචියට සාමාන්‍ය ජනතාවට අවශ්‍ය දුම් පරීක්ෂාව රජයේ වාහන වලට අවශ්‍ය නැද්ද...???
ඔය දුමෙන අපිරිසිදු වෙන්නෙ අපි හුස්ම ගන්න වායුගෝලය විතරද...?????????????

3 ඉවසාපන්....

ඉවසපන්,
අකීකරු හිත...

අහස පොළව ගැටලන්න
රෑ දවල් වෙහෙසුනත්,
කොයිතරම් හිතුවත්
නුඹේ නිය කෙටි වෙනව මිසක,

නු‍ඹ පොළවෙමයි... සඳ අහසෙමයි... 

නුඹේ හිත රිදෙනව විතරයි...!!!


2 පරිසරයට වින කටින බස් නද.....

ගොඩක් කාලෙක ඉඳන් ලියන්න හිතාගෙන හිටිය දෙයක් ගැන ලියන්න අද පොඩි උත්තේජනයක් හම්බුණා.. ඒත් මම ලියන්න හිතාගෙන හිටිය මතෘකාව කොටස් දෙකකට බෙදල ඒකෙන් එක කොටසක් ගැන විතරක් ලියන්න වෙනව.. මොකද මගෙ බ්ලොග් එකේ අරමුණ අනිත් කොටසට යටත් වෙන්නෙ නැති නිසා....

ඇත්තම කියනවනම් මම මේක ලියන්න කියල හිතාගෙන හිටියෙ අපේ මොකක් හරි මුද්‍රිත මාධ්‍යයක් හරහා... ඒත් ඉතින් එහෙම එකක් ලීවට පළකරන අවස්ථා මොහොම දුලභ නිසා මෙච්චර කල් හිටිය... මොකද මේ දවස් වල උණු කැවුම් වගේ විකිනෙන්නෙ කාට හරි ගහපු එකක්, නැත්නම් විරිත්තන මූණක්... එහෙමත් නැත්නම් "අරය කරපු නැති එක මම කරනව" කියල කවුරු හරි ඇද බාපු බේගලයක් මිසක් මෙහෙම ලිපියක් ලීවොත් ඉඩක් දෙන්න බයයි කවුරුත්...
කමක් නෑ... හිතේ තියෙන දෙයක් මෙහෙම ලියල, අඩුම ගානෙ මම වගේ හිතන එකෙක් හරි කමෙන්ට් එකක් දායිනෙ.. ඒක කියවල හිත හදා ගන්නව..


දැන් ලියවැල් නැතුව කතාව ලියන්නම්...


අද (2011-03-06) මොකක් හරි සති අන්ත පුවත් පතක කාටුන් ශිල්පියෙක්ගෙ කාටුන් එකක් තිබුනලු අපෙ පුද්ගලික අංශෙ බස් රථ වල නලාව ගැන..අහම්බෙන් වගේ එක නාලිකාවක පත්තර මල්ලි කෙනෙක් ඒක කියවනව මට ඇහුන....
දැන් ඉතින් ඔයාලට හිතා ගන්න පුලුවන් වෙයි මම මොකද්ද කියන්න හදන්නෙ කියල...

අනේ දෙවියනේ, ගැමුණු විජේරත්න සහෝරයටනම් මේක කියවන්න වෙලාවක් නොතිබෙත්වා කියල ප්‍රාර්ථනා කරනව.. මොකද බැරි වෙලාවත් එයා මේක කියෙව්වොත් හෙට සති අන්තෙට ගෙදර ඇවිත් අයේ වැඩට යන්න ඉන්න අය මට සාප කරයි... මොකද ඒ සහෝදරයට එයාගෙ සහෝදර කැල ගැන තියෙන්නෙ පුදුම කැක්කුමක්නෙ.. ඉතින් ඒ සහෝදර කැක්කුම උත්සන්න වෙන්න පුලුවන් මේක කියෙව්වොත්...
අනේ ඉති ඔය කැක්කුම වටපිටාව, මගී ජනතාව කොටින්ම කීවොත් "අපි" ගැන තියෙනවනම්, අද මම උනත් බැරි බැරි ගාතෙ සිංහල කොටන්න ඕනෙ නෑනේ..

කමක් නෑ, මගේ ප්‍රර්ථනාව එලෙසම ඉටු වේවා කියල හිතාගෙන මේක ලියමු..


මේක කියවන ඔයාල හැම කෙනෙක්ම ජීවිතේ එක වතාවක් හරි අපේ රටේ පුද්ගලික බස් රථයක ("මග මරුවා නොහොත්" ලංකා අශොක් ලේලන්ඩ් බස් රථයක) ගමනක් ගිහින් තියෙනවටනම් සැක නෑ.. මමනම් ඉතින් මදි නොකියන්න ඒවයෙ ගමන් ගිහින් තියෙනව.. 


අනේ ඉතින් අපරාදෙ කියන්න බෑ, ඒ මතෘකාව ගැන ලියනවනම්, වෙනමම බ්ලොග් එකක් ලියන්න පුලුවන්... දවසට එක පෝස්ට් එක ගානෙ ලීවත් ඉවර වෙන්නෙ නැති වෙයි.. ඒ නිසා ඒ අසාර්ථක උත්සාහය දරන්න යන්නේ නෑ මම...

මේ මගමරුවගෙ ගමනක් ගියෙ නැත්නම් තමන්ගෙ වාහනයක ගමන් බිමන් යන කෙනෙක් උනත් මම කියන්න යන දේ නම් අනිවර්යෙන්ම වටහගෙන ඇතුවාට කිසිම සැකය නෑ.. සමහර විට බස් එකේ යනවට වඩා එහෙම තමන්ගෙ වාහනේ ගමන් යන අයට මේ අත්දැකීම හොඳට ඇති..
සාමාන්‍යයෙන් වාහනයක් දුවන්න ධාවනයට සුදුසු වාහනයක්, ඉන්ධන, රියදුරෙක් ඕනෙ වෙනව. බස් රථයක්නම් කොන්දොස්තර කෙනෙක් ඕනෙ වෙනව... ඒත් මේ විශේෂ මගමරුවා ධාවනයටනම් ඊට වඩා දේවල් ඕනෙ.


1. මහ මග ගමන් ගන්නා පදිකයින්, අනෙකුත් වාහන බිය ගැන්වීමට සමත් හොඳ හ ඇති නලාවක්. (මෙය අනිවාර්ය වේ.. මෙය නොමැතිව රථය මර්ගයේ ධාවනය කල නොහැක)
2. රථය ධාවනයට සුදුසු විය යුතුම නොවේ.
3. සුක්කානම කැරකැවීමට බලපත්‍රයක් (රේඩියෝ වුවද කම් නැත) සහිත පුද්ගලයෙක් (මාර්ග නීති දන්නා රියදුරෙකු නොවිය යුතුය)
4. මාර්ගයේ යන එන වාහන හැසිරවීමට, රථයේ ඉදිරිපස කොටස හැරවීමට සහ සිග්නල් දැමීමට අයෙක් (හාල් කෑල්ල - ගමන සහ කෑම වේල වෙනුවෙන් සේවය සපයන රැකියාවක් නැති, නූගත් අයෙක්)
5. තිත්ත කුණුහරප දන්නා කොන්දොස්තර වරයෙක් (ඉලක්කම් එකතු කිරීමට පමණක් හැකි, මනුස්ස කම් නොදන්නා අයෙක්)



අපේ රටේ පුද්ගලික අංශයේ මගී ප්‍රවාහන බස් රථ බහුතරයක් (99% පමණ) දකින විට, ඉහත කරුණු 5 සම්පූර්ණ නොවන වාහන සඳහා මාර්ග බලපත්‍ර නිකුත් නොකරන්නේදැයි සැකයක් නැගෙනව.


(මේක කියවන අය මට සමවෙන්න ඕනෙ.. මතෘකාවෙන් පිට පනින්න හදනවට.. මොකද ප්‍රයිවට් බස් ගැන කියනකොට මගෙ ඇඟේ ලේ රත් වෙනව. කරන තරමක් කරන්නෙ අලිගුත්තේරු වැඩනෙ. රුපියලට දෙකට මිනී මරණ ජාතියක් තමයි ප්‍රයිවට් බස් කියන්නෙ.. ඒකටම හරියන නීතිය රකින නිල ඇඳුම් අඳින පිරිසකුත් ඉන්නවනෙ අපේ රටේ වැරදි දැක දැක ඇස් පියගෙන ඉන්න... මම ඒක වගකීමෙන් කියනව. මොකද ඕනෙනම් ඒ අයගෙ හඳුනාගැනීමේ අංක,අදාල බලප්‍රදේශත් එක්කම කියන්න පුලුවන්...පහුගිය දවසක ඒ වගේ පැමිණිල්ලක් කලාම ටිකක් වගකිවයුතු නිලධාරියෙක‍්ට මට ලැබුන උත්තරේ තමයි, "මහත්තය ඉන්නකො... අපි බලාගන්නම් නීතිය.." 119 කතා කලාම රා‍ජ්‍ය සේවා කොමිසමට කතා කරන්නලු.. ඒකෙ මට ලැබුන අංකෙ පහුගිය සතියම රින්ග් වෙනව විතරයි. කතා කරන්න කෙනෙක් නෑ. ඔන්න ඕකයි තත්වෙ)


දැන් අයෙම අපේ කතාව ලියමුකො...


මම අහල තියෙන විදියටනම්, පරිසර දූෂණයෙ එක කොටසක් තමා ශබ්දය මගින් සිදු කෙරෙන දූෂණය. වායු දූෂණය, ජල දූෂණය මෙන්ම වැදගත් දෙයක් තමයි ශබ්ද දූෂණය. ඉතින් ඒ හේතුව නිසාමදෝ කුමන හෝ අවස්ථාවක ශබ්ද විකාශණ යන්ත්‍ර භාවිතයේදී අපි බලපත්‍රයක් ලබා ගතයුතු වෙනවා. එය එසේ වෙද්දී බලපත්‍ර නැති ශබ්ද විකාශණ යන්ත්‍ර ඇල්ලීමේ බලයද පොලිසිය සතුයි.

අවාසනාවක මහත කොච්චරද කියනවනම්, ඒ බලය නිකරුනේ තම නලාව හඬවන රියදුරන් ඇල්ලීමට නොතිබීමයි. තම රථයේ ඇක්සලරේටරය පාගනවාට වඩා හයියෙන්, නලාව පෑගීම වැදගත් බව සලකන රියදුරන් ඇල්ලීමට නොයෙදීමයි. අර මම කලින් කීව වගේ ඔය බස් රථ දුවන්නෙ ඔය නලාවයි, අර ඉස්සරහ යන හාල් කෑල්ලයි හින්ද කියලයි එයාල හිතගෙන ඉන්නෙ.. ඉස්සරහෙන් යන වාහනෙ බය කරල නලාව හඬවපුවම හාල් කෑල්ල ඒ වහනෙ අයින් කර ගන්න උපදෙස් දෙනව. එතකොට බස් එක නිකන්ම ඉස්සරහට යනව. ඕක තම ක්‍රමේ.

කොච්චර දිගට පෝලිමක් තිබුණත්, පාරෙ යන්න බැරි විදියට හිර වෙලා හිටියත් එයාල හිතාගෙන ඉන්නෙ එයාලගෙ නලාව කන පැලෙන්න ගැහුවම ඒ ඔක්කොම බාධක මග ඇරෙනව කියල..
අනේ අම්මප ඒ වෙලාවට කෙනෙක් නෑනෙ ඔය කන පැලෙන්න නලාව ගහන එකාගෙ කන පැලෙන්න එකක් ගහන්න ආයෙ මතක තියෙනකල් නලා නොගහන්න.

සමහර රටවල් වල වාහන දුවන විදිය දැක්කම ඇත්තටම සැකයි ඒවයෙ නලාවක් නැද්ද කියල. අනේ අපරාදෙ කියන්න බෑ ඒකට අපේ අය... විදුලි අලෝක පුවරුවෙ (කල‍ර් ලයිට්) රතු පාට තියෙද්දිත් නලාව පාගනව. ඒ තරම් නීති ගරුකයි.

නිකන් හිතල බලන්න මේක කියවන ගමන්, බොරැල්ල හන්දියෙ රතු එළියට නවත්තල ඉන්නකොට කන පැලෙන නලා ශබ්ද කීයක්නම් ඇහෙනවද..? ඒත් එතන අනිවාර්යෙන්ම පොලිස් නිලධාරියෙක් ඉන්නව සේවයෙ යෙදිල. එක්කො එයා බීරෙක්. එහෙමත් නැත්නම් අර කම්මලේ බල්ලට වෙච්ච දේ එයාටත් වෙලා.

කුරුණෑගල නගරය මැද්දෙ තියෙන ප්‍රධාන බස් නැවතුමට ටිකකට ගියොත් ඕනෙම වෙලාවක, ඕනෙම කෙනෙක්ට මම කියන දේ තේරෙයි. ඒකෙ ඉන්න බස් රථ රියදුරන් නලාවෙන්මයි බස් දුවන්නෙ. සමහර වෙලාවට එක දිගට විනාඩිය දෙක නලාව හඬවන්නෙ හරියට ගෙදර ඉන්න අය ගෙන්න ගන්න වගේ. අනේ ඉතින් ඒක අහන අපි ඒ අයගෙ දෙමව්පියන් සිහිකරනව ඇරෙන්න නිකමට වත් කනක් අත ගාන්න පුලුවන්ද..? අඩුම ගානෙ පොලිස් නිලධාරියෙක්ට පුලුවන්ද පියවරක් ගන්න.. එහෙම කලොත් ඉතින් අර අහවලාගෙ සහොදර කම උත්සන්න වෙනවනෙ.. ඉතින් අන්තිමේ වෙන්න අහින්සක මගියො දුක් විඳින එකනෙ.

අනේ ඉතින් ඇයි කිසිම කෙනෙක් හිතන්නෙ නැත්තෙ මේකෙන් අපිට වෙන හානිය ගැන.. අපේ පරිසරයට, අපේ කනට වෙන හානිය ගැන..

අම්මප ගුවන් යානයක යද්දිත් ශබ්දෙ දරාගන්න බැරි අයට කන් වලට ගහගන්න දෙනව ඇබ. මේ විදියට ගියොත්, අපිටත් වෙන්නෙ එදිනෙදා ජීවිතේදි එලියට බහිනකොට "බීරි මාක් කනේ මූඩි කුට්ටමක්" පළඳින්න. එහෙම නොවුනොත් වැඩි කල් නොයා අපි බීරො වෙනව.
මොකද අපි ඉනිනෙ "තමාගෙ යහපත තමා විසින්ම සලසා ගතයුතුය" යන තේමාව පෙරටු කරගත් සමාජයකනෙ.. 

මේක කියවනවනම් නීතිය දන්න කෙනෙක් මාව නිවැරදි කරන්න. මම දන්නෙ නෑ අපේ රටේ එහෙම නීතියක් තියෙනවද කියල අනවශ්‍ය විදියට නලා හඬවන අය අල්ලන්න පුලුවන්.
අනේ ඒත් දෙවියන්ගෙ නාමෙට එහෙම දෙයක් ගේන්න පුලුවන්නම්... එහෙම උනොත්, අපේ පරිසරයට වෙන හානිය, අපේ කන් වලට වෙන හානිය නැති කරගන්න පුලුවන් වේවි.
කඩේ ගන්න නානාවිද නලා තියෙනව කිසිම ප්‍රමිතියක් නැති ... අපේ අයියල ඒවා අරන් හයි කර ගන්නව අනිත් එකාගෙ නලාවට වඩා හයියෙන් ඇහෙන්න. එහෙමයි රේස් දුවන්නෙ.

මනුස්සයෙක් හැප්පිල මැරුණට පස්සෙ නඩු දාල වන්දි ගෙවුවට, හිර කරාටම මදි.
කාට හරි පුලුවන් කමක් තියෙනවනම් නිකරුනේ නලා ගහන අය අල්ලල නඩු දාන්න පුලුවන් නීතියක් හදන්න, පරිසරයට අහිතකර නලා විකිණීම, මිලදී ගැනීම සහ සවි කිරීම තහනම් කරන්න පුලුවන් නීතියක් හදන්න... අන්න ඒ උත්තමය දෙවියෙක් වෙයි.


මට මතක් වෙනව මගෙ යාලුවෙක්ගෙ තිබුන එක් සුන්දර, අහින්සක හීනයක්.. මම දන්නව ඒක සදාකල් හීනයක්ම විතරයි කියල... ඒත් ඒ අහින්සක,සුන්දර හීනෙ පිටිපස්සෙ බරපතල යථාර්තයක් තියෙනව... එයාගෙ හීනෙ තමයි,


"කවද හරි දවසක එයා රටේ ජනාධිපති වගේ වගකිවයුතු නිලයක් දැරුවොත් අන්න එදාට ඔය කියන අසික්කිත, විනයක් නැති බස් රථ අපේ රටේ තහනම් කරන එක."


අනේ ඒ හීනෙ යථාර්තයක්ම වෙනවනම්, දෙවියනේ කියල අපිටත් කනක් ඇහිල පාරෙ බැහැල යන්න පුලුවන් වෙයි.. අපි අවට පරිසරයට වින කරන එක සාධකයක් හරි 
අපේ රටෙන් තුරන් වේවි එදාට.....!