ඉන්න ඇත්තො

0 ඔබ කැමති ද අබිසරුලියක් මුණ ගැහෙන්න ?

මගේ අදහසක් නොවුනත්, මගේ හිතෙත් හැමදාම තිබුණු ප්‍රශ්ණයක් වෙන කෙනෙක් ලියල තිබුණු නිසා මේක උපුටා ගැනීමක් හැටියට නැවත පළ කරන්න හිතුව.
හිමිකරුට අසාධාරණයක් නොවේ යැයි සිතමි.
ගණිකා වෘත්තිය නීතිගත කිරීමක් සඳහා උඩගෙඩි දීමක්, සාධාරණීකරනයක් කිරීමක් වැනි අදහසක් මට නැත. එහෙත් කතෘට ඇති ප්‍රශ්නාවලියම මටත් ඇති හෙයින් මෙය පළකිරීම යෙහෙකැයි සිතුනි.

මාගේ ගැටළුව ඇත්තේ අබිසරුලියන් සම්භන්ධයෙන් පමණක්ම නොවේ... සම්බාහන මධ්‍යස්තාන වල සේවය කරන තෙරපිවරියන් සම්භන්ධයෙන්ද ඒ හා සමානම ප්‍රශ්ණාවලියක් මට ඇත.

සිතා බැලීම සහ පිළිතුරු සැපයීම ඔබ සතුයි...

-------------------------------------------------------------------------------------------------------------

මම ඔබෙන් කෙලින්ම මෙහෙම අහන්නම් “ඔබ කැමති ද අබිසරු ලියක් ව මුණ ගැහෙන්න ?”

සමහරු ඒක මගෙන් ම නැවත විමසන බව මම දන්නවා. මගේ පිළිතුර අවංකව ම කීවොත් ඔව් මම කැමතියි. මම කැමතියි එතරම් වයස නැති කෙනෙක් ව මුණ ගැසෙන්න. මට තියනවා ඇයත් සමග කතාවක්. මුලින් ම මම අහන්නේ පැයකට කීයක් මම ගෙවන්න ඕන ද කියලා. මොකද මම එයාගේ කාලය ට මිලක් ගෙවන්න ම ඕන.

ඇත්තටම අබිසරු ලියකට ආදරයක් නැද්ද ? ආදරේ කරන්න කෙනෙක් නැද්ද ? නැතිනම් ආදරේ දැනෙන්නේ නැතිද ? නැතිනම් පොඩි කලේ ඔයා මම අනාගතයේ දී කරනවා කියල හිතා ගත්තේ මේ රස්සාව ද? මට මේ දේවල් එයා එක්ක කතා කරන්න තියනවා. ඇත්තටම එහෙම කෙනෙක් ගෙන් ම මේවා අහන එක තමයි වඩා ම සාධාරණ කියල යි මට හිතෙන්නේ.

අපි හැමෝම කරන්නේ ජිවත් වෙන එක. එකට අපි සල්ලි හම්බ කරන්න ඕනි. නැතිනම් ඉල්ල ගන්න ඕන. ඒත් නිකං සල්ලි දෙන්නේ කවුද? එක අතකට ගණිකාවක් කරන්නෙ ත් අපි කරන්නෙ ත් එකම දේ නේද? අපි ළඟ තියන යමක් අපි වෙන කෙනෙක් ට මුදල් වලට විකුණන එකනේ අපි කරන්නේ. එත් අපි විකුණන්නේ අපි ඉගන ගත්ත දේ අපේ දැනුම. එයා විකුණන්නේ උපතින් ලැබුණ  දේ එයාගේ ශරීරය. දෙගොල්ල ම කරන්නේ විකුණන එක. එත් විකුණන දේ වෙනස් නේද?

මට අහන්න ඇත්නම් එළිපිට සමාජය ඔයා ව පිළිකුල් කරනවා කියල දැන දැනත් ඇයි ඔයා මේ දේම තෝරා ගත්තේ කියලා. එයා මොනවා කියයි ද. තව ටිකක් සරල ව බොක්කට ම වදින්න ඇහුවොත් ඔයා 5 වසරේ දී ගුරුතුමී අහන කොට දුවේ කවුරු වෙන්න ද කැමති කියල, ඔයා දුන්න පිළිතුරත් මේකද? සමහර විට ඇය බිම බලා ගෙන ඔලුව දෙපැත්තට වනල “නැහැ” කියල කියාවි. එහෙම නම් අද ඇය අබිසරු ලියක් වුණේ කොහොමද? ඇයට අනවශ්‍ය නමුත් වෙන අයට අවශ්‍ය රස්සාවක් කරන්න වුණේ කොහොමද ඇයට. ඇය ඇත්තටම මේක කරන්නේ කැමැත්තෙන් ද ? නැතිනම් ඇයට කරන්න වෙලා ද ?

ඇයට අපිට වගේ මිතුරන් මිතුරියන් ඇසුරු කරන්න අවස්ථාවක් තියනවා ද? නැතිනම් ඇගේ ජීවිතයේ ඉන්නේ ලිංගික ආකර්ශකයින් විතරමද? එහෙම නැතිනම් ඇය දිවා සමාජය ඉදිරියේ කරන්නේ රඟපෑමක් ද?

මගේ හිත නම් කියන්නේ එහෙම රාත්‍රී සරනා කිසිම ලඳක් 5 වසරේ ගුරුතුමී අහන අනාගත රැකියාව නම් වූ සරල ගැට‍ළුවේ දී  “මම අබිසරු ලඳක් වෙනවා” කියලා කිසිම කෙනෙක් කියන්න නැතිව ඇති. එහෙම නම් කොහොමද මෙහෙම දෙයක් වෙන්නේ ? කොතැන ද වරදක් සිදු වුණේ ? හා පුරා කියල පටන් ගත්ත පළමු ආදරෙන් ද ? රස්සාවක් සොයා ගෙන නගරයට පැමිණි අවස්ථාවේ ද? තමන් බොක්කෙන් ම love කරපු කෙනා එක්ක තනි වෙන්න ගියපු නිසාද ? එහෙම නැතිනම් facebook එකෙන් email එකෙන් අඳුර ගත්ත කෙනෙක් එක්ක විනෝද වෙන්න ගියපු නිසාද ?කොතැන ද වැරදීමක් වුණේ ? ඒකට වගකියන්න අවශ්‍ය ඇය පමණක් ම ද ? ඔබ කියන්නේ සමාජය අතිශය සාධාරණයි නිවැරදියි කියල ද ?

නැහැ මම හිතන්නේ නැහැ එහෙම. ඇයගේත් වැරදි ඇති නමුත් මම කියනවා ඇයට වඩා වැරදි සමාජයයි. මම  මුලින් කීව වගේ ම අපි හැමෝම කරන්නේ ජීවිකාව වෙනුවෙන් අපි ළඟ තියන දෙයක් මුදල් කර ගැනීම. ඇය කරන්නෙත් ඒ දෙය ම නම් ඇයත් මේ සමාජයේ ම කොටසක් නේද ? නිගරු කිරීම හෝ පහත් කොට සැලකීම සාධාරණ ද?

"ෂෙනෙශ් දිසානායක"
---------------------------------------------------------------------------------------------------------
මුල් ලිපියට

0 මං ආසා ගී - මේ... හිත තනියෙන්

මේ... හිත තනියෙන් 
නුඹ එනකන් 
හිටිය තරම්
නෑ.... මං දන්නා 
වෙන කවුරුත් 
නුඹව තරම්
ආදරයෙන් 
එදා ඉඳන්......

කඳුලක් ළඟ නැවතුන ඇහිපිය
දුරකට යවමින් 
හුස්මත් මට අමතක කරවන
මතකය හොයමින්
ආයේ... හීනේ මැද්දෙන් 
ජීවිතේ අලුතෙන් ලියන තරම්

වරුවක් ළඟ මුමුණන ඔය හිත
මගෙමද හිතමින් 
තනියක් නැති දවසක් එනකල්
තව මග බලමින්
ආයේ... හීනේ මැද්දෙන්
ආදරේ අඳුනා තියෙන තරම්

මේ... හිත තනියෙන් 
නුඹ එනකන් 
හිටිය තරම්...


රචිතා වාකිෂ්ඨගේ පදරචනයට,  තිළිණ රුහුණගේ සංගීතය මුසුකොට ආත්මා ලියනගේ ගායනා කරන මේ.. හිත තනියෙන් ගීතය තනි වූ ආදරයක අත්දැකීම් කියයි..

ගීතය මෙතැනින්

0 මං ආසා ගී - දුක වැඩි නැතේ

දුක වැඩි නැතේ කඳුළැලි පිරේ
ඔබ නැති මොහොතේ...
සැනසුම මගේ ඔබ ගෙන ගියේ
ඇයි හොර රහසේ...
කවදාවත් නෑ.. අපි හමුවන්නේ
මට යන්නට බෑ මතකෙන් ඔබගේ....

දිවිය මගේ තිබෙන තුරා
පෙම් කෙරුවේ ඔබට තමා
යන්තම්වත් සෙනෙහේ නැතිවද දැනුනේ
තවමත් මතකයි දිව්‍රා මගෙ බව කීවා...

පියවි ලොවේ ඉන්න සදා
හුරු කෙරුවේ ඔබම තමා
සත්තයි රත්තරනේ ඔබ ගිය දිනයේ
හිතකින්වත් නෑ ඔබ හට සරදම් කරලා...


සජිත් චතුරංගගේ පද රචනයක් රදීෂ් වැන්දබෝනාගේ සංගීතය මුසුව, රුවන් හෙට්ටිආරච්චි විසින් ගායනා කරන "දුක වැඩි නැතේ" ගීතය ආදරයේ එක් කෙළවරක දුක සිහි ගන්වයි....

ගීතය මෙතනින් අහන්න

0 නුඹේ සහයෝගය අවැසි මොහොතක...

මිතුරනි...

හදිසි අක්මා බද්ධ කිරීමක් වෙනුවෙන් දායකත්වය දැක්වීමට කැමති, "ඕ පොසිටිව්" වරගයේ රුධිරය ඇති අයෙක් ඉතා ඉක්මනින් අවශ්‍ය වී ඇත..

ඔබ දන්නා, හඳුනන කෙනෙක් ඒ සඳහා කැමත්තෙන් සිටී නම්
0785700635  අංකයට හැකි ඉක්මනින් දැනුම් දෙන්න...

මෙවන් කටයුත්තක් මහඟු පුණ්‍යකර්මයක් වුවද, ඔහුගේ හෝ ඇයගේ ක්‍රියාව අගයනු වස් මුදල් ත්‍යාගයක්ද පිරිනැමීමට අදහස් කරගෙන සිටිමු. (මෙම දානය මිල කළ නොහැකි වග දනිමු )

මෙ හැකි පමණින් මිතුරන් අතරේ බෙදා හැරීමෙන් සහයෝගය දක්වන්න...
ස්තුතියි..




පසුව ලියමි (2017-02-08)

අවසානයේ සියලු දයාබරයන් හැරදමා,  ජීවත් කරවීමට වෙර දැරූ සියලු ප්‍රයත්න නිෂ්ඵල කරමින් ඔහු නික්ම ගියේය....

කිසි දිනෙක,
තමන්ට හෝ තමන්ගේම අයෙක්ට දෙයක් සිදු වන තුරුම
අපිට සැබෑ වූ යතාර්ථය තේරුම් නොයනු ඇත..
එය තේරුම් යන අවස්ථාව වනවිට
බොහෝ විට අප ප්‍රමාද වූවා වන්නට ඉඩ ඇත...