ඉන්න ඇත්තො

Showing posts with label නිසඳැස්. Show all posts
Showing posts with label නිසඳැස්. Show all posts

4 මගේ තනියට

අඳුරට
එළිය දුන්
ඔබේ ආදරයම
ජීවිතේ සතුටත් අරන්
නොකියම යන වග
හීනෙන්වත්,
දැන උන්න නම් ...
හැමදාම 
ළඟ ඉන්න 
හෙවනැල්ලට 
විතරක්ම
ආදරේ කරනව
කළුවරේ තනි කලත් ...




2 මගේ කවිය...


ඇගේ තනුවට
මගේ කවි පෙළ
නුඹේ ස්වරයෙන්
ගයන තරමටම
නුඹ
චපල බැව්
දැන සිටියානම්...!!!

-------------------------------------------------------------------------------------------------------------
අකුරු කළේ "මල් සුවඳක්"... කියවලම බලන්න..සමහරවිට ඔයාගෙ අත්දැකීමක් වෙන්නත් පුලුවන්.. හිත රිද්දන්නනම් හිතුවෙ නෑ.. හිත රිදුන නම් සමාවෙන්න.. පුංචි දෙයක් හරි ලියල යන්න පුලුවන්නම් ගොඩක් හොඳයි..



0 තිබුණනම් හිනා වෙන්න

මාත් ආසයි
හිනා වෙන්න
සතුටින්...
ඔයාල වගේම.
ආදරේ කරන්න,
හිත පුරාවටම
ආදරෙන්, 
ගලා යන්න ඉඩදෙන්න
මගෙ හැඟුම් ගංගාව...


ඒත්....,
තේරෙන්නෙ නෑ මට
ඇයි කියල
බය හිතෙන්නෙ, 
හිනා වෙන්න
මේ තරම්...
රතු වේවි කියල,
දෑස්.
ආදරේ කරන්න 
හිත පුරාවට,
නැති වේවි කියල 
නුඹ.
ඉඩ හරින්න හැඟුමන්
නිදහසේ ගලා යන්න, 
ගසාගෙන යාවි යැයි
නුඹ.
අනේ ඒත්......
තිබුණනම් හිනා වෙන්න......!!!

2 ගිහින් එන්නම්

"ගිහින් එන්නම්"
කියල කීවට
ආයෙ නේන වග,
දනී මගෙ හිත..
නෙතු අග නලියන
කඳුළු කැට,
වේලෙන්න හිනා උනේ
නොතෙමන්න
නුඹෙ නෙත..


"පරීරීස්ස්ස්සමට ඉන්න, 
බුදු සරණයි"
නුඹේ එවදන්
රැඳේ දෙසවන
මගේ තනියට
හැමදාම...

නිවාවි
හිතේ කකියන 
දුක.....

"පරීරීරීස්ස්සමට ගිහින් එන්න",
නැවත
නුඹ නේන මුත්

"පරීරීරීස්ස්සමට ඉන්න...!!!!"

6 සඳවත.....

පුංචිම පුංචි කාලේ
අඬන වෙලාවට
අම්මා උකුලට අරන් 
කියා දුන්නා කතන්දර 
ලස්සන හඳ ගැන....
තුරුලු වෙලා හිටියා 
අහගෙන ඒ කතන්දර 
කොයිතරම් 
ලස්සනද 
ඒ සඳ...
හිතුවා එදා 
ආදරය කලා 
ලස්සන සඳට 
ඒත්.....
සඳ දෙවියන්ගෙලු 
සැඟවුණු ගිරි මුදුන් 
සොයමින් ගියත් 
නොහැකිලු 
සඳ ලබන්නට.....
කොපමණ වුවත් 
කාසි පනම් අත 
නොහැකිලු 
ගෙමිදුල වෙත 
ගෙනෙන්නට 
සඳ.....


- කවිස -

මේක මම ලීවෙ 1995 අවුරුද්දෙ... ලියන්න හේතුනම් වැඩක් නෑ.. ඒත් මේක පළ කෙරුනෙ නගරයෙ ප්‍රධාන පෙලේ කාන්තා විද්‍යාලෙක විද්‍යා සඟරාවක... කිසිම විද්‍යාවක් නැති මේක,ඒ සඟරාවෙ පළ කෙරුනට එයාලට මොනව හරි අරන් දෙන්න තිබුන මට... ඒත් ඒක හිතෙන්නෙ දැන්නෙ මට..
මම හිතන්නෙ එයාල මේක පළ කරන්න ඇත්තෙ එයාලට ඒ අවුරුද්දෙ පොත් සළකුනට දාන්න පින්තූරයක් මම නොමිලේම දුන්න නිසා වෙන්න ඇති...
ඒ සහෝදරියො කවුරු හරි මේක කියවනවනම් මතක් වෙයි... 
කොච්චර ලස්සන කාලයක්ද...අවුරුදු 16කට කලින්...

1 දැනුනෙ නෑ තවම මට...නොඑන වග

දෑසම 
රිදෙනකල්
බලාගෙන හිටියාට
නුඹ,
නොඑන වග
දැනුනෙ නෑ 
තවම මට...

"ගිහින් එන්නම්"

නුඹේ හඬ
ඇහෙනවා තවම
දැන් එතැයි
හැඟෙනවා සිතට

ඒත්,
රැය පහන් වන තුරුම
බලා උන්නත්,
තැලුනු හද
රිදුම් දුන්නත්,


නුඹ 
නොඑන වග
දැනුනෙ නෑ 
තවම මට...
රිදුම් දෙන හදට...

0 කඳුලු කැට





















සුන්දර අතීතය;
වියැකෙන වර්තමානය;
නොදුටු අනාගතය
ගැන...,
දෙනෙතින් වැටෙන 
කඳුලු කැට,
එක්ව ගයනා
සුසුම් රැළ්,

අහන්න...

අහගෙන ඉන්න
වියලී ඉරි තැලුණු
නුඹේ සිත් තෙමාවි
ඒ කඳුළු...
මහා මේරුවක් වන්

නුඹේ සිතුවිලි
බිඳීවි 
ඒ සුසුම්...

2 හිතුවක්කාර සිත......

















වරක්, දෙවරක්..
නොවෙයි සිය දහස් වාරයක්
මා නුඹට "එපා" කීවා...
ඒ....
එපා හින්දම නෙවෙයි
නුඹට ඉවසන්න බැරි හින්ද..
දරා ගන්න බැරි හින්දමයි..

වෙරළ ගිලගන්න තරම් 
නැගෙන මහ රළ
පුංචි පුංචි 
කඳුලු බිඳු වෙලා යන හැටි
බලාගෙන..
කොච්චරනම් නුඹ,
කඳුලු සලන්න ඇද්ද....?
ඒ, 
සැනසෙන්න මිසක
රිදවන්න 
නෙවෙයි කියල නොදන්නව නෙවෙයි..


ඒත්
"එපා" කියන දේම 
කරන මම,
නුඹට කොහොමනම් 
"එපා" කියම්ද...

මගේ හිතුවක්කාර සිත...

3 නිව්ටන්ට වැරදිලාද.....?

නිව්ටන්ට වැරදිලාද...?
සෑම ක්‍රියාවකටම සමාන වූත්, 
ප්‍රතිවිරුද්ද වූත් 
ප්‍රතික්‍රියාවක් තියේවිලු..
ඒත්.....
ආදරේට.......?

3 ඉවසාපන්....

ඉවසපන්,
අකීකරු හිත...

අහස පොළව ගැටලන්න
රෑ දවල් වෙහෙසුනත්,
කොයිතරම් හිතුවත්
නුඹේ නිය කෙටි වෙනව මිසක,

නු‍ඹ පොළවෙමයි... සඳ අහසෙමයි... 

නුඹේ හිත රිදෙනව විතරයි...!!!


2 නිහඬබව....



සිතට සිත් සේ 
හඬ ගා
කියා ගන්නට බැරිනම්
හිතේ හිරව ඇති දේ...
කුමන අරුථද
ඵලක් නැති මේ
කට හඩින්.....

1 නුඹට තනි නෑ...

ඉරට තනි නෑ,
දහවල එළිය නිසා....
සඳට තනි නෑ,
පායන තරු සිටින නිසා..
මලට තනි නෑ,
බඹරුන් සිටින නිසා...
නුඹට තනි නෑ,
මා නුඹ ළඟ සිටින තුරා...

1 වෙන්ව යාම...



දැන හෝ නොදැන
මෙතරම්ම මා
නුඹට ආදරේ කළ වග..
වෙනව යන තුරුම
නොදැනුනේ මන්ද...?

0 වෙන්වීම....


ආයෙ කවදාවත්ම ...හැන්දෑවට මම එනකොට
මග බලන් ඉන්න
නුඹ නෑ....
මගෙ
ඇදුම් වල මඩ ගාන්න,
මගෙත් එක්ක රන්ඩු වෙන්න,

නුඹ නෑ....
උදෙට
ඇඳට හොරෙන් එබිල බලන්න,

කන චුට්ටක් ලෙවකාල මාව ඇහැරවන්න
නුඹ අයෙත් එන්නෙ නෑ....
රිකී........

0 හීනයක්...!!!

දෑස් වැසුනාම
දකින සිහින
ජීවිතේට
මොනතරම් බලාපොරොත්තු දෙනවද..?
ඒ බලාපොරොත්තුම
විටෙක ,
අපිව කොයිතරම් සතුටු කරනවද...?
තවත් විටෙක,
මොනතරම්නම් අසරණ කරනවද...?
ඒත්...
ඒ සිහින දකින්න අපි කොයිතරම් ආසා කරනවද..?

හීන තරම්ම
අපිට , හදවතට සමීප වෙන්න, ආදරේ කරන්න
හීනෙන්වත් පුලුවන් තවත් දෙයක් ...
හැබෑවටම තියේවිද.....?


෴ ෴෴ මල් සුවඳක් ෴෴෴෴