අලියා අපි මේ ගෙදර දාලා යනවා.
ඔයා අපේ ගෙදර කැඩුවා. ඒකට මට ගොඩක් දුකයි.
ඒ හින්දා අපි යනවා.
අපි හිටියොත් ඔයා අපිව මරයි.
ආයේ ඔයා අපේ ගෙදර කැඩුවොත්
දළදා කරඬුව ගෙනියන්න ගන්නෙ නෑ.
අපි නුවර පෙරහැර බලන්න එන්නෙත් නෑ.
අලියා, මම ඔයාට සුබ පතනවා.
මෙයට...
මෙහෙම ඡායාරූපයක් ඔයාල දකින්න ඇති පහුගිය කාලෙ මූණු පොතේ..මේකෙ තියෙන විදියට මේක ලංකාදීප පුවත් පතේ පළ උන එකක්... ඇත්ත කතාවක්...
මට මේක දකිනකොට මටත් හිතුන මට හිතෙන දේත් ලියන්න ඕනෙ කියල.
පොඩි එකාගෙ කතාව ඇත්ත වෙන්න ඇති. ඒත් ඒ පොඩි එකා දන්නෙ නෑ, එයාගෙ තාත්තල, සීයල, අත්තල, මුත්තල එකතු වෙලා මේ අලියගෙ ගෙදර කඩල කියල.. සමහරවිට පොඩ්ඩ දැනන් හිටියනම් ඒ කතාව, එයා අලියට කියන එකක් නෑ මෙහෙම දෙයක්...
අපි එයාලගෙ වාස භූමි අල්ලගෙන, ඒවගෙ ගෙවල්, දොරවල් හදාගෙන, වගාවල් කරන්න ගත්තම ඒකට වැරදි එයාලද..? අපිද..?
අපි නිතර යන එන පාර හරස් කරල එක පාරට කවුරු හරි කෙනෙක්, පිරිසක් වැටක් ගැහුවොත්, ගෙයක් හැදුවොත්, අපි මොකද කරන්නෙ..?
අවුරුදු 20-30 ගමන් කරපු පාරෙ එහෙම දෙයක් කලොත් අපි කවුද, ඒ හදල තියෙන දේ මග ඇරල වෙන පාරකින් යන්නෙ..?
කීයෙන් කී දෙනෙක් එහෙම කරයිද..?
එච්චර එපා, අපි ඉස්සරහින් යන වාහනේ පාරෙ නවත්තල තියෙනව මොකක් හරි හේතුවක් හින්ද... කීයෙන් කී දෙනෙක් ඒ මිනිහට බැණ බැණ නලාව හඬවනවද..? පාරෙ යන බස් කාරයන්ට කොච්චර වෛර කරනවද පාර හරස් කරනවට....
ඉතින් එහෙම අපි, අහිංසක තිරිසන් සත්තුන්ගෙ ගෙවල් දොරවල්, යන එන පාරවල්, වාසභූමි අල්ලගෙන, එයාලගෙ කෑම තියෙන තැන් විනාස කරල, එයාලටම බණිනව...අපිට හිරිහැර කරනව කියල.
මටනම් හිතෙන්නෙ එහෙමයි.
ලොකුම වැරැද්ද කරන්නෙ අපි.
මට මතකයි මම පුංචි කාලෙ අපි හිටියෙ පොළොන්නරුවෙ.. නවනගරෙ.. වන ජීවි කාර්යාලෙ තිබුනෙ අපේ ගෙවල් ලඟ.. ඉතින් කොහෙ හරි අනාථ වෙච්ච අලි පැටියෙක් ගෙනාවොත් අපි යනව බලන්න. ඒ අලි පැටියව එතන්ට ගේන ටිකට එයාගෙ වලිගෙ කෙඳි ටික ගලවල.. ගොඩක් වෙලාවට ගේන්නෙ එක්කො කාගෙ හරි මර උගුලකට අහු වෙච්ච, වලකට වැටිල තුවාල උන, අසරණ වෙච්ච කෙනෙක්ව.. ඉතින් ඒ අසරණයව අපේ අය තවත් අසරණ කරනව..
ඉතින් මටනම් හිතෙන්නෙ ලෝකෙ සත්තු අතරින් දියුණුම මොළයක් තියෙනව කියල කියාගන්න "මනුසතා" මේ අහිංසක තිරිසන් සතාගෙ වාසභූමි අත්පත් කරගෙන, එයාලට ඉන්න හිටින්න තැන් නැති කරල, කන්න බොන්න නැති කරල, යන එන මං හරස් කරල අන්තිමේ උන් ඒ වෙනුවෙන් සටන් කලාම, මරල දානව කිසි හිතක් පපුවක් නැතුව "මනුසතාට" එරෙහි උනා කියල.
ඒක හරිද..?
ඇයි මේ තරමට ආත්මාර්තකාමී.....????????