ඉන්න ඇත්තො

0 දයාබර සිරිල්.....

අද මම ලියන්න හදන්නෙ ඇත්තටම පුද්ගලික දෙයක් වෙන්න පුලුවන්...සමහර විට මේක කියවන අයගෙන 99.9%ක්ම මම මේ කියන්න යන කෙනා නොදන්නව වෙන්න පුලුවන්...
ඒත්...
මේ ලෝකෙ හොඳ මිනිස්සුන්ගෙ ආයුෂ අඩුයි කියන එකට තවත් එක උදාහරණයක්....අපේ සිරිල්..
සමහරු "සිරිල්" කියල කතා කල... තවත් කෙනෙක් "සිරිල් ස‍ර්" කියල කතා කලා.. තව කෙනෙක් "සිරිල් අංකල්" කියලත් කීව... 
 උපතින් කිතුනුවෙක් වෙච්ච සිරිල්ට ආගම්, ජාති, වයස් බේදයක් කවදාවත් තිබුනෙ නෑ... කිතුනුවෙක් වෙච්ච සිරිල්ට බුදු දහම ගැන තිබුනේ පුදුම දැනීමක්.. හැමදාමත් "සිත","ජීවිතය", "නායකත්වය" වගේ දේවල් ගැන කතා කරන්න සිරිල් උදාහරණයට ගත්තෙ බුදු රජාණන් වහන්සේව... බුදු දහම... උපතින්ම බෞද්ධයෙකුටත් වඩා දැනුමක් සිරිල්ට තිබුන...
සිරිල් කවදාවත් සිතින් වයසට ගියෙ නෑ... කඳු නගින්න, කඹයක එල්ලිල කඳු බහින්න, ඔරු පදින්න වගේ කිසිම දේකට සිරිල්ගෙ වයස කවදාවත් හරස් උනේ නෑ.. තරුණ කොල්ලො හති දාගෙන කඳු නගිනකොට සිරිල් ගානක්වත් නැතුව ඒක කලේ කොල්ලන්ට පොඩි විහිලුවකුත් කරන ගමන්...  
සිරිල්ගෙ හිත හරිම හයියයි.... මම දැකල නෑ එහෙම කෙනෙක් කවදාවත්ම.. ඒ හිතේ තිබුන හයිය නිසාමයි සිරිල් එයාට තිබුන රෝගය යටපත් කරගෙන නැගිටල හිටියෙ.. ඒක සිරිල්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරු පවා සනාථ කරා..
 මම සිරිල් එක්ක වැඩ කළ කාලෙ මට අද වගේ මතකයි... ඒ අවුරුදු 4 තුල මම සිරිල්ගෙන් ගොඩාක් දේ ඉගෙන ගත්ත.. මා "බැහැරගත ක්‍රියාකාරකම් පුහුණුකරුවකු" හැටියට පුහුණු කලේ සිරිල්.. ඒ කාලෙ මාව හැම වැඩසටහනකටම එක්කන් ගියා...කට පුරා "පුතේ" කියල කතා කලා..කොහෙ හරි ගියාම හරිම විනෝදෙන් හිටියෙ.. හැමදේම හොයල බලනව...
රජයේ, පුද්ගලික අංශයේ, ඕනෙම තැනක ඕනෙම වැඩක් කරගන්න සිරිල්ට පුදුම හැකියාවක් තිබුනෙ.. කවදාවත් කිසිම කෙනෙක් සිරිල්ට බෑ කියන්නෙ නෑ... කෙනෙක්ට කරදරයක්, අසනීපයක් උනාම සිරිල් ඕනෙම උදව්වක් කරන්න කවදාවත් පස්ස ගහල නෑ...  
තමන්ගෙ රාජකාරියට විතරක් සීමා වෙන්නෙ නැතුව, කරන්න පුලුවන් ඕනෙම දෙයක් කරන්න එයාට ආත්ම ශක්තිය තිබුන.. හිතේ විශ්වාසය තිබුන.. හැකියාව තිබුන...
 ඒ විදියට යෝධයෙක් වගේ හිටිය සිරිල්, දැනට අවුරුද්දයි, මාස 3කට කලින් කොළඹ පුද්ගලික රෝහලක රෝද පුටුවක යනව මම දැක්කෙ අහම්බෙන්... ඒ වෙලාවෙ එයාට කතා කරන්න පුලුවන් කමක් තිබුනෙ නෑ... එයා කියන දේවල් අපිට තේරුම් ගන්න අමාරු උනා... ඒත් මාව දැක්කම මගෙ අතින් අල්ලගෙන මොනවද කියන්න හැදුව.. එයාගෙ ඇස් වලින් එක දිගට කඳුලු වැටුන.. ඒ පලවෙනි වතාවටයි මම දැක්කේ සිරිල් එහෙම අඬනව... එයාව ඒ වෙලේ පරීක්ෂණයකට අරන් යනව...ඒ ගිහින් එනකල් මම එලියට වෙලා බලාගෙන හිටිය.. මට ආපහු ගිහින් මගෙ වැඩක් කර ගන්න තරම් හිතේ හයියක් තිබුනෙ නෑ සිරිල්ගෙ ඇස් වල කඳුලු දැක්කම..
පරීක්ෂණය ඉවර වෙලා එද්දි එයා ගොඩක් මහන්සියෙන් හිටියෙ... ඒත් චන්ද්‍ර ඇන්ටිගෙන් (සිරිල්ගෙ දයාබර බිරිඳ) පොතකුයි , පෑනකුයි ඉල්ලන් මට කියන්න ඕනෙ දේවල් ඒකෙ ලීව... මම මගෙ ඇස් වල කඳුලු නවත්ත ගත්තෙ සිරිල්ට දුක පෙන්නන්න බැරි නිසයි.... අපේ ගෙදර හැම කෙනෙක්ම සනීපෙන්ද කියලයි ඇහුවෙ... අපේ ගෙදර හිටිය බල්ලට එයා හරි ආදරෙයි... ඒ ගැන අහන්නත් එයට ඒ වෙලාවෙත් මතකයක් තිබුන.... හැම දේම අහල "මට මහන්සියි.. මම ටිකක් නිදා ගන්නව පුතේ" කියල කීව..
ඒ ගමන මම එන්න ආව... චන්ද්‍ර ඇන්ටි මගටත් ඇවිත් කීව, මාවයි, තව කීප දෙනෙක්වයි නිතරම මතක් කරනාව කියල... මම එච්චර වෙලා හිර කරන් හිටිය කඳුලු වලට නිදහසේ ගලන්න දීල එදා එතනින් ආව... දවස් 3ක් මම හවසට ගියා සිරිල් බලන්න.... ඉන් පස්සෙ සිරිල් ගෙදර ගිහින් තිබුන...
ඊට මාස 2කට පස්සෙ අපි ගියා සිරිල් බලන්න සිරිල්ගෙ ගෙදර... මගෙ තව සිරිල් නොදන්න යාලුවෙකුත් ගියා... සිරිල් හරි සතුටෙන් එදා හිටිය.. පරණ කතා කිය කිය හිනා උනා... අපි එන්න එනකොටත් වාරු නැති නිසා හැරමිටියක් අරන් අපිව වාහනේට නග්ගන්නත් මගටම ආව...සිරිල් කීවෙ ඒ දවස් වල කල සිංහල වෙදකමටයි, බෝධිපූජා වලටයි සිරිල්ට ගොඩක් සුවයි කියල...
ඒ මම සිරිල්ව ජීවත්ව ඉද්දි දැකින අන්තිම දවස කියල මම කවදාවත් හිතුවෙ නෑ..

2010 අප්‍රේල් මාසෙ 28 උදේ ඒ අවසනාවන්ත පණිවිඩේ ලැබුන... 
උදේම වෙන්නප්පුවට ගිහින් සිරිල්ගෙ ගෙදර එයා වෙනුවෙන් කරන්න පුලුවන් දේවල් කලා.. සිරිල්ගේ නිසල දේහය ගෙදරට ගේනකල් එහෙ හිටිය... 
ඇත්තටම ඒ සිරිල්ද කියල හිත හදාගන්න අමාරුයි... සිංහයෙක් වගේ හිටිය ඒ කෙනා නිසලව ඉන්න එක දරා ගන්න අමාරුයි...
පහුගිය සතියට සිරිල් අපෙන් වියෝ වෙලා වසරක් උනා... ඒත් අද ඊයෙ වගේ...
"අපේ කට්ටිය" (සිරිල්ට ආදරේ කල මිනිස්සු) දඹදෙණිය ඉලංගතිලක වැඩිහිටි නිවාසෙට දානයක් දීල සිරිල්ට මොක් සුව පැතුව...
අපි යනකොට ගෙනියන්නෙ "අපි කළ හොඳ සහ නරක" විතරයි... 
සිරිල් එකතු කලේ සල්ලි නෙවෙයි... "හොඳ"... "මිනිස්සු"....
ඒ අතින් සිරිල් කාටත් වඩා පෝසතෙක්...

ආදරණීය සිරිල්,
නුඹ අප අතර නැති අඩුව මකන්නට නුඹ හැර අන් කිසිවෙකුත් නැති වගනම් හොඳින් දනිමි...
 
ජීවිතය පුරාවට නුඹ එක් රැස් කල හොඳ, පින්,
වල මහිමයෙන්
නුඹට මොක් සුව ප්‍රාර්ථනා කරන්නෙමි.

1 සුබ අලුත් අවුරුද්දක් වේවා.....!

ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද,
මසිත් විනිවිද දකින්න මගේ නිවහනට ගොඩවදින ඔය හැම දෙනාටත්,
ඒ පවුල් වල සැමටත්,
විශේෂයෙන් රටින් බැහැරව ඉන්න අපේ සහොදර, සහෝදරියන් හැමදෙනාටමත් (අනේ අනිත් අය තරහ වෙන්න එපා "විශේෂයෙන්" කීවට. මොකද ඒ අයට තමයි ගොඩක්ම වටින්නෙ අවුරුද්ද) ,
අපේ රටේ ඇති-නැති, ලොකු-පොඩ් කාටත් ,
තම තමන්ගේ බලාපොරොත්තු ඉටු වන, සියලු යස ඉසුරෙන් පිරි, නිදුක් නිරෝගී
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා....!!!

13 ඇයි...????????????

අද ලියන්න යන දේ ගැන මම සැරයක් දෙකක් නෙවෙයි දහ වතාවක් විතර හිතුව.... ඒත් අන්තිමේ ලියනව කියල හිතුව....මේකටනම් මල් ලැබෙන්න තියෙන ඉඩ අඩුයි ගොඩක්..... මහාපරිමාණෙන් ගල් ලැබෙන්න පුලුවන්..... ඒත්... මගතොට යනකොට දකින දේවල් නිසාත්, පහුගිය දවස් දෙකක් උදේ කෝච්චියේ එද්දි දැකපු සිද්ධීන් දෙකක් නිසාත් වෙන දෙයක් වෙච්චාවෙ කියල ලියන්න හිතුව...
මම හිතනව දාල තියෙන පින්තූර නිසා මේක කියවන්නෙ නැතුව ඉන්න එකක් නෑ කියල.... මොකද එහෙම අසභ්‍ය දෙයක් ලියන්නෙ නෑ...අනික මේක සම්පූර්ණම මගෙ පුද්ගලික මතයක් විතරමයි... කාටවත් උපදෙස් දෙන්නවත්, මේක බලල හැදෙන්න කියන්නවත්නම් නෙවෙයි මේක ලියන්නෙ.. 

ගිය සතියෙ පුරුදු විදියට මම ඔෆිස් යන්න කෝච්චියට නැග්ග උදේ...උදේට කොහෙන් හරි වාඩි වෙන්න පොඩි ඉඩක් තමා හැමෝම හොයන්නෙ.... ඉතින් මමත් තිබුන ඉඩේ වාඩි උනා... හැමදාම ඉතින් කෝච්චියට නැගපු වෙලේ ඉඳල රාජකාරිය ජංගමේට එන කෝල් බලන එකනෙ... නැත්නම් ඉතින් ඔෆිස් යනකොට ජොබ් එක නැති වෙන්නත් පුලුවන්නෙ.... ඒ පුරුදු විදියට ඒව ඉවර කරල ඔලුව ඉස්සුව... මටම ලැජ්ජයි මගෙ ඉස්සරහ බලන්න....
සහෝදරියක් හරි අපහසුතාවයකින් වාඩි වෙල ඉන්නව.... ඇයි මේ...? 
අනේ මම හිතන්නෙ එයගෙ සාය කාගෙන් හරි ඊයෙ හම්බෙලා අද ඇඳල.... නැතුව එයා ගත්ත එකක්නම් වෙන්න බෑ.... එයා ගත්ත එකක්නම් ඒ තරම් අපහසුතාවයෙන් ඉන්න ඕනෙ නෑ...මොකද වාඩිවෙල වටපිටාවට නොපෙනෙන්න ඉන්න ඔයා පුදුම දුකක් විඳින්නෙ... අනික එයා ෂුවර් එකටම ගෙදර ඉඳන් එන කෙනෙක්නම් වෙන්න බෑ... මොකද එහෙම උනානම් ගෙදර ඉන්න වැඩිහිටියෙක් කියනව "දරුවො ඕක ඇඳන් වාඩි වෙන්නේවත් කොහොමද....? ඕක අඳින්න එපා" කියල...

මට මතක් උනේ අර අපේ රටේ ජනාධිපතිතුමා එක කාලෙක ගේන්න හදපු කොටට අඳින එක තහනම් කරන නීතිය ගැන... එහෙම උනානම් අද මේ සහෝදරී ඉහලින්ම අහු වෙනව...
අනේ මන්ද, මටනම් හිතාගන්න බෑ ඒ ඇඳුම ඇඳල මොකද්ද ඒකෙ තියෙන ලස්සන කියල...ඒ මදිවට මම නිකන් චුටටක් හැරිල බැලුවම වටේම් ඉන්න අයියල ටික මෙයා දිහා තමයි බලාගෙන ඉන්නෙ.... ඒ මදිවට එක හැකර කටක් තියෙන එකෙක් "marvelous" කියල කීව... ඒක ඒ හරියෙ හිටිය ගොඩක් අයට අහුන කියල තේරුණේ වට පිට හිටිය ඇන්ටිල ටිකක් ඒ සහෝදරී දිහත්, අර වචනේ කීව කෙනා දිහත් හැරිල බලපු වීදියෙන්... ඒක ඇහුන නිසා තවත් පේන හරිය වහගන්න ලොකු උත්සාහයක් දැරුවට, සාය ගලවල පහලට ගන්නව ඇරෙන්න වෙනනම් විදියක් ඒ සායෙ නෑ...වෙන කරන්නම දෙයක් නැති තැන ඒ ගෑණු ළමය හැරුන අනිත් පැත්තට... 
අනේ ඇත්තටම කොච්චර ලස්සනද දිගට සායක් හරි කලිසමක් හරි ඇඳන් හිටියනම්.... කිසිම අපහසුතාවයකුත් නැතුව ගමන යන්න තිබුණ.... එදා මම මගෙ ස්ටේශන් එකෙන් බැහැල ගියා අනේ පව් කියල හිතින් හිතන ගමන්...
මට සාමාන්‍යයෙන් කෝච්චියෙ සෙට් වෙලා යන්න යාලුවො නැති නිසා කොහෙ හරි අයිනක් අල්ලගෙන, වටපිට "විකාර" බල බල යන එක තමා කරන්නෙ... එහෙම නැත්නම් ඉතින් සෙනග අඩුනම් කැමරාවත් අරන් මුහුද පැත්තට වෙලා ඉන්න එක තමයි එකම රාජකාරිය... මොකද කොහොමත් විනාඩි 30-45ක් විතර මම දවස එක වතාවක කෝච්චියෙ ඉන්නව...
කලින් කීව දවසෙම හවස මම ආපහු එනකොට (අලුත්ගම දුම්‍ රිය) තව සිද්දියක් දැක්ක.... දැන් ඇඳුම් ගත්තම තියෙනවනෙ එක එක කරවල්.... "අර නෙක්", "මේ නෙක්", "මයිනෙක්"...වැඩිපුරම කරන්නෙ විළිලැජ්ජාව කියල ඇඳුම් වලින් වහගන්න දේවල්, තියෙනව කියල වටේ ඉන්න එවුන්ට පෙන්නන එක...අනේ මන්ද....අපේ අයියලත් ඉතින් බලාගෙන ඉන්නෙ චුට්ටක් හරි දැක්කොත් ඒක ඇසිපිහ නොහෙලා බලා ඉන්නනෙ.. අනේ ඒ බලන බැල්මට පිච්චෙනවනම් එහෙම ඔය ඇඳුම් අඳින අය බාගයක් මැරිල... කොහොමද වැඩේ... "මෝස්තරය නිසා ලඳක් මිය යයි.." පහුවදා නිව්ස්.. හැබැයි එක අතකට මරු දඬුවම... නීති දාන්න ඕනෙ නෑ ඇඟ පේන ඇඳුම් අඳින්න එපා කියල...නිකන්ම දඬුවම හම්බෙනව.. අමහරු අඳිනව.... ඉස්සරහෙන් හරියට සංවරයි... ඒ පස්ස සම්පූර්ණ එලියෙ...ඇයි දෙවියනේ හිතන්නෙ නැත්තෙ සංවරව ඇඳුමක් ඇන්දම කොච්චර ලස්සනද කියල... කාන්තාව මැවුම්කරු මවල තියෙන්නේම සුන්දර විදියට...
අරි ඇඩ් ඇති.. 
මම කීවෙ "කරවල්" ගැනනෙ.... ඉතින් එක නංගි කෙනෙක් නැග්ග කෝච්චියට (මම හිතන්නෙ මරදානෙන්)... එයා අර මම කීව "කරවල්" වලින් එකක් තියෙන ඇඳුමක් ඇඳල හිටියෙ... මට මතක නෑ ගවුමක්ද, හැට්ටයක්ද කියල.... මොකක් හරි.... කොහොම උනත් අර "show case" ටයිප් "කරක්"....ඒ කතාව කියන්න මම වැඩි වෙලාවක් ගන්නෙ නෑ...
කතාව කෙටියෙන් මෙහෙමයි.... නංගි නැග්ග වෙලේ ඉඳල "කර" හදනව ඇඳුමෙ.... මොකද කවුරුත් දකී කියල...ඇයි හත් දෙවියනේ ගෙදරදි ඕක හිතුනෙ නැද්ද.....? විළිලැජ්ජාවට වඩා මොස්තරෙ ලොකුයිනෙ...ඒත් තැනකට ආවමතම මතක් වෙන්නෙ "විළිලැජ්ජාව"... මමනම් ඒක දකින්නෙ විළිලැජ්ජාව නෙවෙයි ඔය.... ගෑණු ළමයෙක් කියල, විළිලැජ්ජාව තියෙනව කියල රට්ටුන්ට පෙන්නන්න හදනව.... නැත්නම් යස අගේට ඇඟ වැහෙන්න ඇඳුම ඇඳන් ආවනම් මොනව හදන්නද... පිළිවෙලකට ඉන්න තිබුන...(කෝච්චියෙ යන ගොඩක් දෙනෙක් කරන්නෙ හවසට නිදියන එක.. ඒ නංගිට ඒකත් අකැපයි.... ඇයි ඉතින් කොහොම නිදියන්නද.... මෝස්තරේ ලොකුයිනෙ...ගොඩක් පේනව...)
මම බැස්ස රත්මලානෙන්.... එයා දිගටම ගියා... පව්....
අදට කියන අන්තිම සිද්ධිය... ඔය සිද්ධිය වෙච්ච දවසට දවස් 2කට විතර පස්සෙ....
ලස්සන ගෑණු ළමයෙක් නැග්ග කෝච්චියට දෙහිවලින්...ඇත්තටම හරි ලස්සනයි මූණ... මම හිටියෙ ඉඳගෙන... මගෙ ලඟටම ඇවිත් හිටගත්ත.. අතේ තිබුන බෑග් එක මගෙ ඔඩොක්කුවෙන් තිබ්බෙ හරියට මම පොදු මේසයක් නැත්නම් රාක්කයක් වගෙ....ඇඳල හිටියෙ මම ඉස්සෙල්ල කීව වගේ සංවර කලිසමක්.... හැබැයි ඇඳල හිටිය ටී ෂර්ට් එක එච්චර දිගනම් නෑ...අවුලක් නෑ... මොකුත් එලියට පේන්න ඇඳල නෑනෙ... අනේ ඒත් මේ ළමය කොච්චියට නැග්ග වෙලේ ඉඳල ටී ෂර්ට් එක පිටිපස්සෙන් පහලට අදිනව....මට බය හිතුන ඒ අදින විදියට ඒක ඉරෙයි කියල..එය ඒක අදින්නෙ එයාගෙ පස්ස වහගන්න.... ඉතින් දෙවියනේ ගෙදරින් එද්දිම දිග ටී ෂර්ට් එකක් ඇඳන් ආවනම් ඉවරයිනෙ...


 එයා බැස්ස කොල්ලුපිටියෙන්... එතකොට තමා මට වැඩේ තේරුනේ... ඇඳන් හිටිය කලිසමට උදේ බහින්න ඇත්තෙ තෙල් ගාල වගේ... ගොඩක් අය කැමතිනෙ තමන්ට තියෙනවට වඩා පෙන්නන්න...ඒක නිසා හිරටම ඇඳන් ඇවිත්.. ඒක ලස්සනයි කියල හිතේ... අනේ මන්ද... ඇඟටම ඇලෙන්න ඇඳන් වස කැතයි...
ඔන්න ඕක තම මම දැකපු සිද්දි මේක ලියන්න හේතු වුන..
කෙනෙක්ට හිතෙන්න පුලුවන් ටිකක් මෝස්තර කලාම "ගොඩයන්ට මැජික්" කියල...ඒත් මටනම් තේරෙන්නෙ නෑ ටිකක් ඇඟ පෙන්නන එක හරි, එහෙම නැත්නම් කිට් කිට්යේ හිරට අඳින එක හරි ඇත්තටම මෝස්තරයක්ද කියල...මිනිස්සු බලයි තමා... ඒත් ලස්සනයි කියලනම් නෙවෙයි...
කාන්තාව මැවුම් කරු විසින්ම ලස්සනට, හැඩට මවල තියෙනව... පිරිමි වගේ රලු විදියට නෙවෙයි... ඉතින් එහෙම එකේ ඔච්චර විච්චූර්ණ කරන්න ඕනෙ නෑනෙ...බටහිර පන්නෙට අඳින්න ඕනෙ නෑ.. එහෙ මිනිස්සු රස්නෙ කාලෙට රස්නෙ අඩු වෙන්නයි අඩුවෙන් අඳින්නේ... ඒක විලාසිතාවක් විදියට හදාගෙන තියෙන්නෙ ඒක නිසා..අනික එහෙ අයට ඒවා ගානක්වත් නෑ.. ඒත් අපි, තැනක් නොතැනක් නෑ.. පේන්න ඕනෙ නැති දේවලුත් එක්ක පේන්න තමඉ මොස්තර කරන්නෙ... ඒකයි මෝස්තරේ... මොකද බටහිර පන්නෙට ඇන්දමනේ පිළිගැනීම... 
(අනේ මගෙ යාලුවෙක් ඉන්නව.. ගෑණු ළමයෙක්... ඉන්නෙ බටහිර රටක... දැන් අවුරුදු 4ක් විතර එහෙ ගිහින්.. අදටත් සිංහල විදියට අඳිනව.. කිසි කෙනෙක්ට හිතන්න බෑ එයා ඒ විදියට පිට රටක ඉන්නවද කියල...තාමත් හොඳ සිංහල..)
අපි අඳින්න ඕනෙ අපේ රටට, අපිට, පරිසරයට ගැලපෙන විදියට.... මෝස්තර කියන්නෙ ඇන්දම කිසි අපහසුවකින් තොරව ඉන්න පුලුවන් දේවල් මිසක්, හරිම අපහසුවෙන්, වාඩි වෙන්න බැරුව, ඇවිදින්න බැරුව, නැමෙන්න බැරුව ඉන්න කරන දෙයක්... එහෙමනම් ඒක දඬුවමක් මිසක් මෝස්තරයක් වෙන්නෙ නෑ. අනිත් එක ඇඟ පෙන්නන එක මෝස්තරයක් නෙවෙයි... ඒක වෙනම දෙයක්.....

මමත් පිළිගන්නව ගෑණු ළමයි මෝස්තර කරන්න ඕනෙ.... නැතුව ඉතින් හැට පැන්නම විලාසිතා කරන්න කියලද..... 
ඒත්.... 
මෝස්තර කියල, විලාසිතා කියල, දඬුවම් විඳින්නෙ ඇයි...?

(කිසිවෙක් මෙය කියවා මා හා උරණ නොවේවා..... හිතට එන අදහස් දක්වත්වා........)

(ඡායාරූප -www.victoriassecret.com)

4 මැරුණමවත් පිනක් කරමුද....?

ඊයෙ මට ඊමේල් එකක් ආව..

හිත ගොඩක් සසල උනා ඒකෙ තිබුන ෆොටෝ එකක් දැකල.... මේල් එක එවපු චූටිට (නාලක ප්‍රේමතිලක) ගොඩක් පින් එහෙම එකක් එවුවට... මොකද අපි සාමාන්‍යයෙන් හිතන්නෙ නැති පැත්තක් ගැන මතක් කරල දුන්නට....

අපි ජීවත් වෙලා ඉන්නකල් කොච්චරනම් පව් කරනවද....?
අපි කවදාවත් හිතනවද අපි කරන පව් වල තරම....?
උත්තරය "නෑ"
අපි උපන්න දවසෙ ඉඳල, මැරෙණ දවස වෙනකල් අපේ ඇස් වලින් කොච්චර ලස්සන දේවල් දකිනවද...?
කොච්චර දේවල් රස විඳිනවද...?
ඒත් අපි කවදාවත් හිතල තියෙනවද, අපිට පෙනීම නැති උනොත් දවසක කොහොම වෙයිද කියල...? 
නෑ නේද...?
අපිට කට්ට කරුවලේ කොහොම තියේවිද..?

ඉතින්....
අපි කවදාවත් හිතල තියෙනවද උපන් දවසෙ ඉඳල පෙනීම නැති කෙනෙක්ට දවසක පෙනීම ලැබුනොත්.....?
කොහොම තියේවිද..?
ඔච්චර සතුටු වේවිද..?

ජීවත් වෙලා ඉන්නකල්, අපි ආදරේ කරන දේවල් දන් දෙන්න අපිට පොඩි ලෝභ කමක් ඇති වෙන්න පුලුවන්.... මහන්සි වෙලා හම්බකරගත්ත දේවල්නෙ.....
කමක් නෑ
ඒත්.....
අපි ජීවත් වෙලා ඉන්නකල් මොනව හම්බ කලත්, යද්දි ගෙනියන්නෙ කළ හොඳ සහ නරක විතරයි...
අනිත් හැම දෙයක්ම තියල යන්න වෙනව දුකෙන් උනත්....
තව එක දෙයක්..... අපි එකතු කරගන්න දයාබර මිනිස් හදවත් අපිට ඉතුරු වෙනව....
ඉතින් එහෙම එකේ,

පොළවට පස් වෙලා යන අපේ පංචස්කන්ධය...
නිකරුනේ පස් වෙන්න නොදී

තව කෙනෙක්ට ලෝකෙ දකින්න සලස්වලා මැරිල ගියොත්, ඒ කොච්චරනම් පිනක් වෙයිද...?

අපේ ඇස් දෙකෙන් ලෝකෙ දකින ඒ මනුස්සය හැම තප්පරේකම අපිට පින් දේවි නේද...?

මමත් දවසක අහම්බෙන් වගේ ඔය මහඟු පුණ්‍යකර්මයට දායක උනා...
ඒක හරිම ලේසි දෙයක්....කාටවත් කරදරයක් නෑ...
චූටිට පින්සිද්ද වෙන්න ඔන්න තියෙනව විස්තර අහගන්න ලිපිනය.... දුරකතන අංක....


Sri Lanka Eye Donation Society
Address: 120/12, Vidya Mawatha, Colombo 07
Tel: 0112692051, 0112698040, 0112698041, 0112698043



ජීවිතේම අඳුර දැකපු කෙනෙක්ට,  
ආලෝකය දකින්න දීල,
මැරිල යන්න තියෙනවනම්,
කොයිතරම් පිනක් වෙයිද....?

බනී, ගොඩක් ස්තුතියි ඒකට අදාල වීඩියො එක එවුවට.... ඇත්තටම චූටි එවපු මේල් එකේ වීඩියෝ එක තිබුණට මම බලල නෑ.... දැනුයි මම ඒක බැලුවෙ..... ඇත්තටම ඇස් වලට කඳුලු එනව.....

මෙන්න වීඩියෝ එක.... ඔයාලත් බලන්න.....
බලන්න

2 ලෝක ජල දිනයට පසුව ලියමි

මේක ලියන්න ලෑස්ති උනේ මාර්තු මාසෙ 22...ඒ කියන්නෙ ලෝක ජල දිනේ දවසෙ... ඒත් කොහොමින් කොහොමින් හරි ඒක මග ඇරුන.... අපරාදෙ.... එදා ලියන්න හිතෙ තිබුණ දේවල්නම් දැන් හිතේ නැතුවත් ඇති... මොකද ඉතින් හිත කියන්නෙ එක විදියට ඉන්න කෙනෙක් නෙවෙයිනෙ... හරියට හුළඟ වගේ එහෙ මෙහෙ යන කෙනෙක්නෙ.... කමක් නෑ... ලියන්න හිටිය මූලිකම දේ මතක ඇති.... ලියලම බලමු.
එදා, හරියටම අවුරුද්දකට පස්සෙ අයෙම පරණ පුරුදු කෝච්චි ගමන (රත්මලානෙ ඉඳල දෙමටගොඩට) ඔෆිස් යන්න කියල හිතුව..පුංචි පුංචි හේතු ගොඩක් එකතු වෙලා හැදුන ලොකු හේතුවක් නිසා කාර් එකේ ගමන නැවැත්තුවා.. වාසි අවාසි දෙකම තියෙනව.... මට විතරක් නෙවෙයි.... ඒත්..... ඒක එහෙමයි...
උදේම (පාන්දර 7.45ට විතර) එලියට බැස්ස.... මොකද ඉස්සරනම් කෝච්චියක් තිබුන 8.16 ට ව්තර..
අපරාදෙ කියන්න බෑ ස්ටේෂන් එක එදා වගේමයි... එකම වෙනස බුදු පිළිමයක් හදල... වැලන්ටයින් දවසටනම් ඉතින් රේඩියෝ එකේ චැනල් ඔක්කොම මදි නොකියන්න පබ්ලිසිට්ය් එක දෙනවනෙ.. දෙමාපිය දිනේට, ගුරු දිනේට වගේ රෝසමලක් හරි විකුණගන්න පුලුවන් දිනයක්නම් ඉතින් රට පුරා අසූහාරදාහක් රේඩියෝ, ටීවී චැනල් ටික පබ්ලිසිටිය දෙනව... එහෙම උනානම් මිනිස්සු දැන ගන්නව එදා "ලෝක ජල දිනය" කියල...
ඒ හින්ද කාටත් හොරෙන් අපේ රටේ ප්‍රධාන උත්සවය අදාල ඇමතිතුමාගෙ අමාත්‍ය කාර්යාලෙත්, ලෝකෙම ප්‍රධාන උත්සවය දකුණු අප්‍රිකාවෙත් පැවැත්වෙන්න ඇති... ඒත් ඔය ඔක්කොම ඔහොම වෙද්දි, ජපානයේ ෆුකුශිමා නගරයෙ වැසියන්ට බොන්න වතුර ටිකක් ගන්න පැය ගනන් පෝලිමේ ඉන්න වෙච්ච කතාවත්, ඒ ඉඳලත් වතුර ලීටර් 2ක් විතරක් අරන් ගෙදර එන්න වෙච්ච කතාවත් අහන්න හම්බුනෙ කටින් කට ගිය "කට කතාවක්" විදියට නෙවෙයි, ඒ ගමේම ජීවත් වෙන මගෙම ගුරුතුමියගෙන් වෙච්ච එක හිතට ගෙනාවෙ පුදුම දුකක්... ඒ කතාව එයා කියනකොට මට මතක් වුනේ ලංකාවට සුනාමි ආව වෙලේ අපි වතුර බෝතල් එකතු කරන් ගිය හැටි. ළඟ පාතකනම් ඉතින් ජල දිනේට වතුරවත් අරන් යන්න තිබුන.... අන්න එහෙම උනානම් අර කලින් කීව අසූ හාරදාහක් චැනල් වලට මාකට් කරන්න තිබුන ඒක... දවස් ගානක් කිසි අවුලක් නැතුව දුවන්න තිබුන...කෝච්චිය යන්න පටන් ගන්න තවත් පරක්කු උනානම් තව ගොඩක් දේ හිතන්න තිබුන..


පුරුදු විදියට කෝච්චිය කොටුවට ආවම, උණු උණු එළකිරි එකකුත් අරන් නැග්ග රඹුක්කන කොච්චියට...
සමහරවිට ඉතින් බලාගෙන ඉන්න මිනිස්සු හිතනව ඇති මට පිස්සුත් කියල... මොකද අතින් කටින් එල්ලන් මදිවට තව දුම් දාන කිරි එකකුත් අතේ..ඕක ඉතින් පිට රටක සුදු එකෙක් කලානම් අවුලක් නෑ.. ප්‍රශ්නෙ තියෙන්නෙ මගෙ හම කලුයිනෙ... ඉපදුනෙ පොලොනරුවෙනෙ.... අපේ උන් ඉතින් කොච්චර වැඩ තිබුනත් අනිත් එකාගෙ ඇදයක් හොයනවමනෙ... 
අනේ එහෙමත් නෙවෙයි වෙන්න ඇති... විමසිල්ල කියන්නෙ ඒක වෙන්න ඇති...
හරි හරි.... ඇඩ් ඉවරයි...
කොහොමහරි රඹුක්කනත් ඔන්න යන්න හදන්නෙ... "දෙවෙනි වේදිකාවේ ඇති....... ජල කරාමය තදින් වසා යන්න...." අර "පළවෙනි වේදිකාවට පැමිනි දුම්රිය.. මේස උඩින් තියන්න" කීව වගේ කවුරු හරි කියනවනම්.... එහෙම උනානම් අනේ වතුර ටිකක් ඉතූරු කර ගන්න තිබුන...
අපේ අය ඉතින් ටිකක් හිතන්න කම්මැලිනෙ... නැත්නම් දවසට අහක යන වතුර බිංදු ගාන එකතු කරල බැලුවොත් එක කරාමෙට , කරාම දහයක් ගන්න පුලුවන් වෙයි.  
අනේ ඉතින් මක් කරන්නද.... 
"ඇලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරදක් නම්...." නන්දා මාලනී නැන්ද කියපු, 1988 මම අහපු සින්දුවක් මතක් උනා.
කොහොම හරි මම දෙමටගොඩට ආව.  අනේ දෙවියනේ මම එලකිරි එක බීපු කප් එක දාන්න කුණු බාල්දියක් නෑනෙ ස්ටේශන් එකේ... බැලුව හැමතැනම..... කොහෙවත් නෑ... හරි පුදුමයිනෙ... මටත් මොකද්ද අවාසනාවකට ඔහොම කුණු නිකන්ම කොහෙ හරි දාල යන්න නිකන් බැරි බැරි ගායක් තියෙනව.. සමහර වෙලාවට කෝච්චියෙදිනම් මම ඕන කුණු ගොඩක් මගෙ බෑග් එකේ ඔබා ගන්නව... ඒත් ඉතින් කිරි එක බීපු කප් එක එහෙම දා ගන්න බෑනෙ.... 
අම්මප දැන් මොකද කරන්නෙ....
කරන්න දෙයක් නෑනෙ... ඒකත් අරන් ගිය කෑම ගන්න කඩේට... එකෙ අනිව කුණු බාල්දියක් තියෙනවනෙ... ඉතින් ඒකට දැම්ම මුදලාලිගෙ ඇස් වහල..
කෑම එකත් අරන් එළියට බහිනකොටම දැකපු දසුන හරිම සුන්දරයි.... 
පොලිස් රාලහාමිලා දෙන්නෙක්... 
මොකද්ද ඒකෙ තියෙන සුන්දරත්වය...?
නෑ නෑ... ඒ විශේෂ දෙන්නෙක්.... 

"Police Environmental Protection Unit." 

අනේ... හරිම සුන්දරයි... දෙන්න හරිම සතුටෙන්.... ඇයි ඉතින් කුණු නෑනෙ....
අනේ ඉතින් කුණු බාල්දිත් නෑනෙ...දෙමටගොඩ පාලම යට හරි සුද්දයි..
ඇත්තටම මට හරි සතුටක් දැනුන... මොකද.... අපේ රටේ පොලිස් දෙපාර්තමේන්තුව එහෙම වටිනා කටයුත්තකට අනුයුක්ත කල එක... හරිම හොඳ අදහසක්.... හරිම හොඳයි....  
(පුංචිම පුංචි අවුලකට තියෙන්නෙ, සොච්චමකට ලොල් වෙලා "වැරදි කාරයො" නිදහස් කරන අපේ රාලහාමිලා කුණු ගොඩවල් ගොඩ ගැහෙන්න ඇරල බලාගෙන හිටියොත්නම් අපිට කියන්න කෙනෙක් නැති වෙනව....)
කොහොම හරි ඔන්න ඔය විදියට "ලෝක ජල දිනේ" හරි සතුටෙන් මටනම් ගෙවිල ගියා...
හවස් වෙද්දි ආපහු පුරුදු දුක කාමරේට එබිකම් කල එක වෙනම කතාවක්...


අන්තිමේ පුංචි දෙයක් මතක් කරන්නම්....
අපි කවුරුවත් කරනකල් බලා ඉන්නෙ නැතුව, ස්වයං පාලනයක් ඇති කරගෙන, අපේ වටපිටාව අපිම පිරිසිදුවත්, ලස්සනටත් තියා ගන්නවනම්.....
අනිත් අයට ඇඟිල්ල දික් කරන්න ඕනේ නෑ නේද..? 
ඇයි අපිට බැරි ඒක කරන්න.....?
කොහෙ හරි යන්න කලින්, මූනෙ පාට උලාගෙන, ක්‍රීම් උලාගෙන, විච්චූරණ ඇඳුම් ඇඳල හැඩ වෙන අපිට, අවට පරිසරයත් චුට්ටක් ලස්සන කර ගන්න අපට බැරි ඇයි..?

අපේ ගෙදර, මිදුල, වත්ත ලස්සන කරන ගමන් ඇයි අපිට හිතන්න බැරි අපි යන එන මහමගත් අපේමයි කියල......?
අනේ පින් අයිති වෙයි.... ඩින්ගිත්තක් හිතන්න.....