ඉන්න ඇත්තො

0 "තරණය" කළෙමි.... නුඹට පින්....!!!

කලින් "තරණය" ගැන ලිපි කීපයක්ම ලීව නිසා ස්තුතිය ෆොටෝ එකකින් විතරක් දාල ඉන්න එක යුක්ති සහගත නෑ කියල හිතුන නිසා ඒ යුතුකමත් ඉෂ්ඨ කරන්න හිතුව..මුලින්ම එක දවසක් විතරක් ඇවිදිනව කියල හිටිය මට තවත් ඇවිදින්න ශක්තියක් ආවා කාරණා කීපයක් නිසා...
මුලින්ම කියන්න ඕනෙ මට ඇවිදින්න,මේ ගමන සම්පූර්ණ කරන්න මට මූල්‍යමය ශක්තිය දුන්න මගේම සහෝදර සහෝදරියො කීප දෙනෙක් හිටිය... ඒ අය තමන් දුක් මහන්සි වෙලා හම්බ කරන දෙයින් මේ සත් ක්‍රියාවට පුලුවන් විදියට දායක උනා.. මම මුලින්ම කීව වගේ පුංචි සතෙත් ඒ පොඩි එවුන්ට ගොඩක් වටිනව..
ඒ මූල්‍යමය ශක්තිය දුන්න වගේම තවත් වටිනා දෙයක් දවස් 3ක් පුරා කිලෝමීටර 59ක් ඇවිදින්න ඕනෙ කරන ආත්ම ශක්තිය, චිත්ත ශක්තිය ලබා දුන්න මගේම පිරිසක් හිටිය.. ඒ අය නොඉන්නත් මම ඔය දුර ඇවිදින්නෙ නෑ... ඒක මට විස්වාසයි.. මොකද ගෙදර ඉඳල පාරට තියෙන මීටර් 300ත් පයින් යන්නෙ නැති මම ඔයහැටි දුරක් යන්නෙ නෑ කියන එක ඉර හඳ වගේ විස්වාසයි..ඒ හින්ද, ඒ වෙනුවෙන් මගෙ එක්ක හිටිය ඒ හැම කෙනෙක්ටම ගොඩක් පින්...
කොහොමින් හරි අපේ චතුරංග සහෝදරයට පින්සිද්ද වෙන්න මුලතිව්,ඉරණමඩු,පරන්තන්,කිලිනොච්චි වගේ තැන් ටිකකුත් බලා ගත්ත.
දීර්ඝ ගමනකින් පස්සෙ 25 වෙනිද මහ රෑ වෙනකොට, 26 වෙනිදට එලි වෙන්න යාපනේට ගියා. පහුවෙනිද ඇවිදින්න තිබුන කිලෝමීටර 26ක්. අන්තිම දවසෙ කිලෝමීටර 11ක් තිබුණ ඇවිදින්න.
ගමන අත්තටම කොච්චර දුෂ්කර උනත්, හරි විනෝදයි...
මට තිබුණ ලොකුම ප්‍රශ්ණෙ තමයි යාපනේ තියෙන රස්නෙත් එක්ක ඇවිදින්න පුලුවන් වෙයිද කියන එක... ඒත් දේවාශිර්වාදයක් වගේ ඒ දවස් කීපයම යාපනේට තද අව්ව තිබුනෙ නෑ.. එහෙ අය කීවෙ ඒ දවස් ටික රස්නෙ ගොඩක් අඩුයි කියලයි. ඒක ඇත්තටම ලොකු දෙයක් උනා..
දවස් දෙකම කිසිම කරදරයක් වෙන්නෙ නැතුව ඉවර කරන්න පුලුවන් උනා... ඇත්තටම ඒ කිසිම කරදරයක් නැතුව ඉවර කරන්න පුලුවන් උන එකම ප්‍රශ්නයක් වෙච්ච අයත් හිටියෙ නැතුවම නෙවෙයි... පයින් ඇවිදින්නෙ නැතුව සමහර විහිලු කාරයො කලා වගේ වාහනේක නැගල ගිහින් අන්තිම ටිකේ විතරක් ඇවිද්ද කියල හිතපු අයත් හිටිය.. ඒත් ඉතින් දෙවියනේ එහෙම කලා කියල මොනව ලැබෙනවටද..? මිනිස්සුන්ට පේන්න වැඩ කරන පුරුද්දක් මගෙ නැති හින්ද මට ඒ කතා එච්චර ගත යුත්තක් නෑ...
කොහොමත් ඉතින් තමන් කල, කී දෙයක් තමන්ට ඉතිරි වෙයි... ඒකනෙ ලෝක ස්වභාවය... යද්දි ගෙනියන්නෙ ඒ ටික විතරනෙ..

කොහොමින් හරි, ඒ සත් ක්‍රියාවත් කරන්න මට පුලුවන් උනා.. මට සන්තෝෂයි... යාපනේ යන්න පුලුවන් උනා... ඒකටත් සන්තෝෂයි... 
ඇවිද්දෙ මම උනත්, ඒකට ශක්තිය දුන්නෙ ඔයාල.... 
ඒ සත් ක්‍රියාව කරන්න ශක්තිය දුන්න ඔයාල හැම කෙනෙක්ටම පින්... 
ගොඩක් පින්...

0 කඳුලු කැට





















සුන්දර අතීතය;
වියැකෙන වර්තමානය;
නොදුටු අනාගතය
ගැන...,
දෙනෙතින් වැටෙන 
කඳුලු කැට,
එක්ව ගයනා
සුසුම් රැළ්,

අහන්න...

අහගෙන ඉන්න
වියලී ඉරි තැලුණු
නුඹේ සිත් තෙමාවි
ඒ කඳුළු...
මහා මේරුවක් වන්

නුඹේ සිතුවිලි
බිඳීවි 
ඒ සුසුම්...