ඉන්න ඇත්තො

1 ලබන්නා වූ 2016 වසර


මේ සටහන තබන වේලාව වන විට තවත් පැය 33 ක් එහෙමත් නැත්නම් දවසකුත් පැය 9ක කාලකින් 2015 වසර නිමවී, 2016 නව වසර උදා වෙනව.
දැනුම තේරුම් ඇති හැම කෙනෙක්ම හෙට රාත්‍රියේම ඉඳන් ලබන්නා වූ නව වසරට සුභ පතන්න පටන් ගන්න එක සාමාන්‍ය දෙයක්..

ඒත්, හිතන්න පුංචි දෙයක් කියන්නම්... ටිකක් අසුභවාදී අදහසක් කියලත් කෙනෙක් කියන්න පුලුවන්..
ඒත් මට හිතෙන්නෙ තිත්ත උනත් ඇත්ත මේකයි කියල..
ඇත්තටම කෙනෙක්ට උපන්දිනයට, විවාහයට, විවාහ සංවත්සරයට,නව රැකියාවකට, රැකියාවේ උසස්වීමකට,  නව වසරට ආදී බොහෝ දේට සුභපතන එක පුරුද්දක්... ඒක සමහරු සමහර වෙලාවකට රැළ්ලටත් කරනව...

නමුත්, කෙනෙක්ට කුමන හෝ දේකට සුභ පතනව නම්... ඒක අවංක සිතින්, කරන්නාවූ සුභ පැතුමක් විය යුතුයි... මොකද ඒක එහෙම එකක් උනොත් විතරයි, ඒක ප්‍රාර්ථනයක් වෙන්නෙ... නැතුව "සුභ නව වසරක් වේවා" (අනේ කරුමේ ) කියල හිතුවොත් ඒ වචන කියන්න නාස්ති කළ කැළරි ප්‍රමාණයත් අපරාදේ වේවි...


ඉතින්, නව වසර උදා වන මේ මොහොතේ, කෙනෙක්ට නව වසර සුභ වෙන්න ප්‍රාර්ථනා කරන විට දෙවරක් නොව දහස් වසරක් සිතන්න...හැබෑවටම ඔහුගේ හෝ ඇයගේ නව වසරේ සාර්ථකත්වය ඔබ අවංක සිතින් ප්‍රාර්ථනා කරන්නේද...? එය එසේනම් පමණක්, ඔබගේ වචන, වැය කරන ශක්තිය අපතේ නොයයි.. එසේ නොමැතිනම් ..... ඔබේ ශක්තිය සුරක්ෂිතව තබා ගන්න... එය ඔබට පසු කලෙක උපකාරී වන්නේය..

ගෙවන්නා වූ 2015 වසරේ දුක්, කම්කටුළු, ලෙඩරෝග පරදා...
ලබන්නා වූ 2016 වසර සැප, සතුට, ජයග්‍රහණ පිරි, අතමිට සරු නිදුක් නිරෝගී සාර්ථක සුභ නව වසරක් වේවා...

1 comment:

  1. සුභ නව වසරක් වේවා....

    ReplyDelete

වෙලාව තියෙනවනම් පුංචි දෙයක් හරි ලියල යන්න...