මේ... හිත තනියෙන්
නුඹ එනකන්
හිටිය තරම්
නෑ.... මං දන්නා
වෙන කවුරුත්
නුඹව තරම්
ආදරයෙන්
එදා ඉඳන්......
කඳුලක් ළඟ නැවතුන ඇහිපිය
දුරකට යවමින්
හුස්මත් මට අමතක කරවන
මතකය හොයමින්
ආයේ... හීනේ මැද්දෙන්
ජීවිතේ අලුතෙන් ලියන තරම්
වරුවක් ළඟ මුමුණන ඔය හිත
මගෙමද හිතමින්
තනියක් නැති දවසක් එනකල්
තව මග බලමින්
ආයේ... හීනේ මැද්දෙන්
ආදරේ අඳුනා තියෙන තරම්
මේ... හිත තනියෙන්
නුඹ එනකන්
හිටිය තරම්...
රචිතා වාකිෂ්ඨගේ පදරචනයට, තිළිණ රුහුණගේ සංගීතය මුසුකොට ආත්මා ලියනගේ ගායනා කරන මේ.. හිත තනියෙන් ගීතය තනි වූ ආදරයක අත්දැකීම් කියයි..
ගීතය මෙතැනින්
ඉන්න ඇත්තො
0 මං ආසා ගී - දුක වැඩි නැතේ
අකුරු කළේ
෴ මල් සුවඳක් ෴
දුක වැඩි නැතේ කඳුළැලි පිරේ
ඔබ නැති මොහොතේ...
සැනසුම මගේ ඔබ ගෙන ගියේඔබ නැති මොහොතේ...
ඇයි හොර රහසේ...
කවදාවත් නෑ.. අපි හමුවන්නේ
මට යන්නට බෑ මතකෙන් ඔබගේ....
දිවිය මගේ තිබෙන තුරා
පෙම් කෙරුවේ ඔබට තමා
යන්තම්වත් සෙනෙහේ නැතිවද දැනුනේ
තවමත් මතකයි දිව්‍රා මගෙ බව කීවා...
පියවි ලොවේ ඉන්න සදා
හුරු කෙරුවේ ඔබම තමා
සත්තයි රත්තරනේ ඔබ ගිය දිනයේ
හිතකින්වත් නෑ ඔබ හට සරදම් කරලා...
සජිත් චතුරංගගේ පද රචනයක් රදීෂ් වැන්දබෝනාගේ සංගීතය මුසුව, රුවන් හෙට්ටිආරච්චි විසින් ගායනා කරන "දුක වැඩි නැතේ" ගීතය ආදරයේ එක් කෙළවරක දුක සිහි ගන්වයි....
ගීතය මෙතනින් අහන්න
0 නුඹේ සහයෝගය අවැසි මොහොතක...
අකුරු කළේ
෴ මල් සුවඳක් ෴
මිතුරනි...
හදිසි අක්මා බද්ධ කිරීමක් වෙනුවෙන් දායකත්වය දැක්වීමට කැමති, "ඕ පොසිටිව්" වරගයේ රුධිරය ඇති අයෙක් ඉතා ඉක්මනින් අවශ්‍ය වී ඇත..
ඔබ දන්නා, හඳුනන කෙනෙක් ඒ සඳහා කැමත්තෙන් සිටී නම්
0785700635 අංකයට හැකි ඉක්මනින් දැනුම් දෙන්න...
මෙවන් කටයුත්තක් මහඟු පුණ්‍යකර්මයක් වුවද, ඔහුගේ හෝ ඇයගේ ක්‍රියාව අගයනු වස් මුදල් ත්‍යාගයක්ද පිරිනැමීමට අදහස් කරගෙන සිටිමු. (මෙම දානය මිල කළ නොහැකි වග දනිමු )
මෙය හැකි පමණින් මිතුරන් අතරේ බෙදා හැරීමෙන් සහයෝගය දක්වන්න...
ස්තුතියි..
පසුව ලියමි (2017-02-08)
අවසානයේ සියලු දයාබරයන් හැරදමා, ජීවත් කරවීමට වෙර දැරූ සියලු ප්‍රයත්න නිෂ්ඵල කරමින් ඔහු නික්ම ගියේය....
කිසි දිනෙක,
තමන්ට හෝ තමන්ගේම අයෙක්ට දෙයක් සිදු වන තුරුම
අපිට සැබෑ වූ යතාර්ථය තේරුම් නොයනු ඇත..
එය තේරුම් යන අවස්ථාව වනවිට
බොහෝ විට අප ප්‍රමාද වූවා වන්නට ඉඩ ඇත...
1 ලබන්නා වූ 2016 වසර
අකුරු කළේ
෴ මල් සුවඳක් ෴
මේ සටහන තබන වේලාව වන විට තවත් පැය 33 ක් එහෙමත් නැත්නම් දවසකුත් පැය 9ක කාලකින් 2015 වසර නිමවී, 2016 නව වසර උදා වෙනව.
දැනුම තේරුම් ඇති හැම කෙනෙක්ම හෙට රාත්‍රියේම ඉඳන් ලබන්නා වූ නව වසරට සුභ පතන්න පටන් ගන්න එක සාමාන්‍ය දෙයක්..
දැනුම තේරුම් ඇති හැම කෙනෙක්ම හෙට රාත්‍රියේම ඉඳන් ලබන්නා වූ නව වසරට සුභ පතන්න පටන් ගන්න එක සාමාන්‍ය දෙයක්..
ඒත්, හිතන්න පුංචි දෙයක් කියන්නම්... ටිකක් අසුභවාදී අදහසක් කියලත් කෙනෙක් කියන්න පුලුවන්..
ඒත් මට හිතෙන්නෙ තිත්ත උනත් ඇත්ත මේකයි කියල..
ඇත්තටම කෙනෙක්ට උපන්දිනයට, විවාහයට, විවාහ සංවත්සරයට,නව රැකියාවකට, රැකියාවේ උසස්වීමකට, නව වසරට ආදී බොහෝ දේට සුභපතන එක පුරුද්දක්... ඒක සමහරු සමහර වෙලාවකට රැළ්ලටත් කරනව...
නමුත්, කෙනෙක්ට කුමන හෝ දේකට සුභ පතනව නම්... ඒක අවංක සිතින්, කරන්නාවූ සුභ පැතුමක් විය යුතුයි... මොකද ඒක එහෙම එකක් උනොත් විතරයි, ඒක ප්‍රාර්ථනයක් වෙන්නෙ... නැතුව "සුභ නව වසරක් වේවා" (අනේ කරුමේ ) කියල හිතුවොත් ඒ වචන කියන්න නාස්ති කළ කැළරි ප්‍රමාණයත් අපරාදේ වේවි...
ඉතින්, නව වසර උදා වන මේ මොහොතේ, කෙනෙක්ට නව වසර සුභ වෙන්න ප්‍රාර්ථනා කරන විට දෙවරක් නොව දහස් වසරක් සිතන්න...හැබෑවටම ඔහුගේ හෝ ඇයගේ නව වසරේ සාර්ථකත්වය ඔබ අවංක සිතින් ප්‍රාර්ථනා කරන්නේද...? එය එසේනම් පමණක්, ඔබගේ වචන, වැය කරන ශක්තිය අපතේ නොයයි.. එසේ නොමැතිනම් ..... ඔබේ ශක්තිය සුරක්ෂිතව තබා ගන්න... එය ඔබට පසු කලෙක උපකාරී වන්නේය..
ගෙවන්නා වූ 2015 වසරේ දුක්, කම්කටුළු, ලෙඩරෝග පරදා...
ලබන්නා වූ 2016 වසර සැප, සතුට, ජයග්‍රහණ පිරි, අතමිට සරු නිදුක් නිරෝගී සාර්ථක සුභ නව වසරක් වේවා...
ලබන්නා වූ 2016 වසර සැප, සතුට, ජයග්‍රහණ පිරි, අතමිට සරු නිදුක් නිරෝගී සාර්ථක සුභ නව වසරක් වේවා...
1 මං ආසා ගී - සුපෙම් හැඟුම් ඔබෙන් එපා
අකුරු කළේ
෴ මල් සුවඳක් ෴
සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරුදම් විනා
නෞකාවකි ඔබ ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ...
තරි එළියෙන් රුදු රාත්‍රි කාලයේ
දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්
කිසිදින අපි හමු නොවන බව දනිම්
සිහිනය මිය ය යුතූය මේ ලෙසින්...
දිවයුරු සැඟවෙන මොහොතක තනි වී
ඉකිබිඳිනෙමි වියරු වී පාලුවෙන්
ප්‍රිය දසුනකි තනි සිතක නොමැකෙනා
නෙතු වෙහෙසමි යළි දකින තුරු දුරින්...
ඈත සමුදුරේ යන නෞකාවන්ට, මෑත ගොඩබිමේ ඇති පහන් ටැඹ කොතෙකුත්නම් තනි රකිනවද?
නමුත් කිසිම දවසක, පහන් ටැඹට නෞකාව වෙතවත්, නෞකාවට පහන් ටැඹ වෙතටවත් ළඟා වනු නොහැකිය..
ඒත්... ඔවුන් දෙදෙනාට, දෙදෙනා නොමැතිව තම අරමුණු කරා යාම අපහසුය.
ප්‍රදීපා ධර්මදාස සහ ලක්ෂ්මන් විජේසේකර දෙපළ ගායනා කරනමේ ගීතය තුළින්
කිසිදා එක් නොවන,
එහෙත් දුරින් සිට එකිනෙකා දෙස බලා සිටින,
එකිනෙකාගේ අරමුණු ඉටු කිරිමට දිරි දෙන දෙපළක් ගැන කියැවේ...
ගීතය මෙතැනින් අසන්න..
මිතුරුදම් විනා
නෞකාවකි ඔබ ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ...
තරි එළියෙන් රුදු රාත්‍රි කාලයේ
දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්
කිසිදින අපි හමු නොවන බව දනිම්
සිහිනය මිය ය යුතූය මේ ලෙසින්...
දිවයුරු සැඟවෙන මොහොතක තනි වී
ඉකිබිඳිනෙමි වියරු වී පාලුවෙන්
ප්‍රිය දසුනකි තනි සිතක නොමැකෙනා
නෙතු වෙහෙසමි යළි දකින තුරු දුරින්...
ඈත සමුදුරේ යන නෞකාවන්ට, මෑත ගොඩබිමේ ඇති පහන් ටැඹ කොතෙකුත්නම් තනි රකිනවද?
නමුත් කිසිම දවසක, පහන් ටැඹට නෞකාව වෙතවත්, නෞකාවට පහන් ටැඹ වෙතටවත් ළඟා වනු නොහැකිය..
ඒත්... ඔවුන් දෙදෙනාට, දෙදෙනා නොමැතිව තම අරමුණු කරා යාම අපහසුය.
ප්‍රදීපා ධර්මදාස සහ ලක්ෂ්මන් විජේසේකර දෙපළ ගායනා කරනමේ ගීතය තුළින්
කිසිදා එක් නොවන,
එහෙත් දුරින් සිට එකිනෙකා දෙස බලා සිටින,
එකිනෙකාගේ අරමුණු ඉටු කිරිමට දිරි දෙන දෙපළක් ගැන කියැවේ...
ගීතය මෙතැනින් අසන්න..
1 "අසූ නවයෙ පහේ අපි"
අකුරු කළේ
෴ මල් සුවඳක් ෴
උපන්නෙ "හැත්තෑ නවයෙ"...
පහේ පන්තියෙ උන්නෙ "අසූ නවයෙ"...
"අනූ නවයට" එකක් අඩුවෙන් අවුරුද්දක අපි උසස් පෙළ කලා...
"දෙදහස් නවයෙ" අපිට අපිව හොයා ගන්න බැරි උනත්,
ඊට අවුරුදු හයකට පස්සෙ අපි ආපහු අපිව හොයා ගත්ත...
ඒ හින්ද අපි අපිට නමක් තිබ්බ...
ඒ "අසූ නවයෙ පහේ අපි"
ඒ අවුරුදු විසි හයකට පස්සෙ...
පහේ පන්තියෙ උන්නෙ "අසූ නවයෙ"...
"අනූ නවයට" එකක් අඩුවෙන් අවුරුද්දක අපි උසස් පෙළ කලා...
"දෙදහස් නවයෙ" අපිට අපිව හොයා ගන්න බැරි උනත්,
ඊට අවුරුදු හයකට පස්සෙ අපි ආපහු අපිව හොයා ගත්ත...
ඒ හින්ද අපි අපිට නමක් තිබ්බ...
ඒ "අසූ නවයෙ පහේ අපි"
ඒ අවුරුදු විසි හයකට පස්සෙ...
පහුගිය දවසක අපි ආයෙමත් අපේ පුංචි ඉස්කෝලෙට ගියා...
ඉස්කෝලෙ ගොඩක් වෙනස් වෙලා...
ඉස්සර අපිට තිබුණෙ ගොඩනැගිලි 4යි....
දැන් ගොඩනැගිලි ගොඩයි....
අපි නැගපු අට්ටික්කා ගස් තාමත් එහෙමයි...
"රොබින් හුඩ්" සෙල්ලම් කළ කැලේ දැන් එළි කරල.
දැන් ඉන්න උන් දන්නෙ නෑ රොබින්හුඩ්...
දැන් ඉන්නෙ බෙන් ටෙන්ල...
ඉස්කෝලෙ ගොඩක් වෙනස් වෙලා...
ඉස්සර අපිට තිබුණෙ ගොඩනැගිලි 4යි....
දැන් ගොඩනැගිලි ගොඩයි....
අපි නැගපු අට්ටික්කා ගස් තාමත් එහෙමයි...
"රොබින් හුඩ්" සෙල්ලම් කළ කැලේ දැන් එළි කරල.
දැන් ඉන්න උන් දන්නෙ නෑ රොබින්හුඩ්...
දැන් ඉන්නෙ බෙන් ටෙන්ල...
ඒ පුංචි ඉස්කෝලෙ හිටියෙ පොඩි කාලයක් උනාට....
මගෙ ජීවිතේ ගත කළ සුන්දරම පාසැල් කාලය ඒක තමයි...
අදටත් මට ඉස්කෝලෙ ගිය පළවෙනි දවසෙ ඉඳල අන්තිම දවස වෙනකල් හොඳට මතකයි...
මගෙ ජීවිතේ ගත කළ සුන්දරම පාසැල් කාලය ඒක තමයි...
අදටත් මට ඉස්කෝලෙ ගිය පළවෙනි දවසෙ ඉඳල අන්තිම දවස වෙනකල් හොඳට මතකයි...
එදා පාසැලේ අන්තිම දවසෙ
දෑස් නොතෙමුනාට, මෙදා පාසැලෙන් එළියට එන්න දුකයි...
දෑස් තෙමුන ඇත්තටම....
දෑස් නොතෙමුනාට, මෙදා පාසැලෙන් එළියට එන්න දුකයි...
දෑස් තෙමුන ඇත්තටම....
පොඩි උන් අපි දිහා හරියට වීරයො වගේ බලා හිටිය...
උන්ගෙ හිත්වල තිබුන දේවල් ඇස් වලින් පෙනුන...
උන්ගෙ හිත්වල තිබුන දේවල් ඇස් වලින් පෙනුන...
අපි පුංචි කාලෙ අපිට කවුරුත් එහෙම ඉස්කෝලෙට පොත් ගෙනත් දුන්න මතක නෑ...
ඒත් පුංචි උන් ඒ පොත් කියවාවි...
ෆිල්ටරෙන් වතුර ගනීවි...
ඒත් පුංචි උන් ඒ පොත් කියවාවි...
ෆිල්ටරෙන් වතුර ගනීවි...
සන්තෝසයි.... ගොඩක් සන්තෝසයි...
දැනුත් දෑස් තෙමෙනව...
දැනුත් දෑස් තෙමෙනව...
ඒ අවස්ථාව උදා කරල දුන්නට උඹල හැමෝටම පින්....
ඒ උඹලගෙ ශක්තිය නිසා...
උඹල නොයින්න, එහෙම දෙයක් වෙන්නෙ නෑ....
ඒ උඹලගෙ ශක්තිය නිසා...
උඹල නොයින්න, එහෙම දෙයක් වෙන්නෙ නෑ....
ආව, නාව, හැම එකාටම ගොඩක් පින්...
දන්නව...
අපි කවුරුත් දුවන්නෙ රේස් එකක්...
ඒ අතරෙ මෙහෙම දේකට කාලෙ හොයනව කියන්නෙ ලේසි දෙයක් නෙවේ..
නාවත් උඹල හැමෝගෙම ශක්තිය තිබුන ඒ දේ සාර්ථක වෙන්න..
දන්නව...
අපි කවුරුත් දුවන්නෙ රේස් එකක්...
ඒ අතරෙ මෙහෙම දේකට කාලෙ හොයනව කියන්නෙ ලේසි දෙයක් නෙවේ..
නාවත් උඹල හැමෝගෙම ශක්තිය තිබුන ඒ දේ සාර්ථක වෙන්න..
ඒ නිසා... අයෙමත් වතාවක්, උඹලට පින්.....
--------------------------------------
හිතට ගොඩක් සතුටුයි හේතු 3ක් නිසා..
1. අපි ආයෙමත් මුණ ගැහුන නිසා....
2. අපේ පුංචි පාසැලට අවුරුදු 26කට පස්සෙ යන්න ලැබුණ නිසා...
3. පුංචි පාසැලට අපේ ශක්තියෙන් උදව් කළ හැකි වූ නිසා...
1. අපි ආයෙමත් මුණ ගැහුන නිසා....
2. අපේ පුංචි පාසැලට අවුරුදු 26කට පස්සෙ යන්න ලැබුණ නිසා...
3. පුංචි පාසැලට අපේ ශක්තියෙන් උදව් කළ හැකි වූ නිසා...
ඒ වගේම,
එදා ආව අපි කට්ටිය එකට ඉඳල ඡායාරූපයක් ගන්න බැරි වුනු නිසා,
උඹලට ස්තුති කරන්න බැරි වූ නිසා,
හිතට ගොඩක් දුකයි.... ඒ වෙනුවෙන් සමාවෙයන්....
රත්නායක සර්ගෙ ශිෂ්‍යත්ව පන්තිය
0 [118] හන්තාන අරණේ...
අකුරු කළේ
෴ මල් සුවඳක් ෴
බලා වැලපෙමි
නෙළාගනු බැරි
හන්තාන
සිහිනේ....
දරා නෙත් අග
දොවා සිත් මල
ගොතනු මැන
ළඳුනේ...
සංසාර සිහිනේ...
වැහි පබළු යට
රඟමඩල මැද
ඔබේ දෑතේ
තුරුලු වෙන්නට
බිසෝ හැර ගිය
ළසෝ රඟහල
අමාවක අඳුරේ
නොයනු මැන
ළඳුනේ...
බලා වැලපෙමි
නෙළාගනු බැරි
හන්තාන
සිහිනේ....
වඩින තුරු සඳ
දුරින් ඉන්නම්
තරි ඇදුරු පෙම්
ගී අහන්නම්...
සොඳුරු ඒ සඳ
දියේ එන්නම්
ඉඳිනු මැන
සොඳුරේ....
හන්තාන අරණේ...
නෙළාගනු බැරි
හන්තාන
සිහිනේ....
දරා නෙත් අග
දොවා සිත් මල
ගොතනු මැන
ළඳුනේ...
සංසාර සිහිනේ...
වැහි පබළු යට
රඟමඩල මැද
ඔබේ දෑතේ
තුරුලු වෙන්නට
බිසෝ හැර ගිය
ළසෝ රඟහල
අමාවක අඳුරේ
නොයනු මැන
ළඳුනේ...
බලා වැලපෙමි
නෙළාගනු බැරි
හන්තාන
සිහිනේ....
වඩින තුරු සඳ
දුරින් ඉන්නම්
තරි ඇදුරු පෙම්
ගී අහන්නම්...
සොඳුරු ඒ සඳ
දියේ එන්නම්
ඉඳිනු මැන
සොඳුරේ....
හන්තාන අරණේ...
සංගීතයට ආගම්, ජාති, කුළ, වයස් භේද නෑ. ඒ වගේම තමා ප්‍රවීන, නවක භේදයකුත් නෑ.
ආගම්, ජාති, කුළ, වයස භේද වලින් හිත් පුරෝගෙන රංඩු වෙන අපේ රටේ, ඒ සියළු දේට හොඳ පිළිතුරක් විශාරද අමරදේව ශූරින් සහ තරුණ පරපුරේ උමාරියා එක්ව ගායනා කළ මේ "හන්තාන සිහිනේ"..
දෑස් පියාගෙන සවන් දෙන විට සිහිනයක්ම බඳු "හන්තාන සිහිනේ" අහලම බලන්න...
Subscribe to:
Posts (Atom)






